zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Euclid අයින්ස්ටයින් මුදුවක් දකී

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

Euclid අභ්‍යවකාශ යානය ‘Einstein ring’ හෙවත් අයින්ස්ටයින් මුදුව ලෙස හැඳින්වෙන දුර්ලභ සංසිද්ධියක් කැමරා වට හසුකරගන්නට සමත් ව තිබෙනවා.
එම ඡායාරූපය කේන්ද්‍ර වන්නේ NGC 6505 ලෙස හැඳින්වෙන මන්දාකිණියයි. එම මන්දාකිණිය වටා දීප්තිමත් මුදුවක් වැනි මනස්කාන්ත ආලෝක වළල්ලක් සෑදී ඇති අයුරු දැකිය හැකියි. මෙසේ වළල්ලක් ආකාරයෙන් පෙනෙන්නේ NGC 6505 මන්දාකිණියට හරියට ම පිටුපසින්, දුරින් පිහිටී ඇති වෙනත් මන්දාකිණියකින් නික්මෙන ආලෝකයයි. පසුතලයේ ඇති අභ්‍යවකාශ වස්තුවකින් නික්මෙන ආලෝකය පෙරතලයේ ඇති වස්තුවක ගුරුත්වයෙන් වර්තනයට ලක් ව මුදු ආකාර ලෙස දර්ශනය වීම අයින්ස්ටයින් මුදුව ලෙස හැඳින්වෙනවා.

“මේක සුන්දර, අද්විතීය, ප්‍රීතිජනක මෙන් ම වාසනවන්ත සොයාගැනීමක් වුණා.” එක්සත් රාජධානියේ ඕපන් යුනිවර්සිටිහි මහාචාර්ය, තාරකාවිද්‍යාඥ Stephen Serjeant පවසනවා. “මේ තරම් පරිපූර්ණ අයින්ස්ටයින් මුදුවක් අතිශයෙන් ම දුලබයි. මෙයින් කාලාවකාශය ඔස්සේ නැම්මකට ලක් වන පසුපසින් පිහිටි මන්දාකිණිය දැකබලා ගැනීමට ලැබෙනවා.”

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/nsh42F3
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!