zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඇමරිකානු සමාගමක් මානවරූපී රොබෝවන් 100,000ක් හදන්න යයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

Figure AI නමැති ඇමරිකානු කෘත්‍රිම බුද්ධි සමාගම ඉදිරි වසර හතරක කාලය ඇතුළත මානවරූපී රොබෝවන් 100,000ක් නිපදවීමට අවධානය යොමුකර කිබෙනවා.

සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Brett Adcock මේ බව සඳහන් කර තිබුණේ සමාගමේ දෙවැනියට විශාල මූල්‍ය සහකරුවා සමඟ සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබමෙන් අනතුරුවයි.

කෙසේ නමුත් මේ වන තුරු ම Figure AI සමාගමේ අභිනව මූල්‍ය සහකාර පාර්ශ්වය කවුරුන් ද යන වග ප්‍රසිද්ධියට පත් කොට නැහැ. Adcock පවසා ඇති පරිදි එය ඇමරිකාවේ පිහිටා තිබෙන ‘විශාලතම සමාගම්වලින් එකක්’ වනවා. මේ ප්‍රකාශයත් සමඟින් බොහෝ දෙනා අනුමන කරන්නේ එකී සහයෝගීතා සමාගම කම්කරු අවශ්‍යතාවන්ට දැඩි සේ මුහුණ පා සිටින අතිවිශාල අලෙවි සමාගමක් හෝ තාක්ෂණ සමාගමක් හෝ විය හැකි බවයි.

Figure AI සමාගම සමඟ ගිවිසුම්ගත වූ පළමු ගැනුම්කරුවා වූයේ BMW සමාගමයි. එය පසුගිය වසරේ සිදු වූ ගිවිසුම්ගත වීමක් වන අතර, මේ සියල්ල එක් ව ගත් විට මානවරූපී රොබෝවන් මහාපරිමාණයෙන් නිෂ්පාදනය කිරීම හා සමාජයට මුදාහැරීම කෙරේ තැබූ යෝධ පියවරක් බව පෙනී යනවා.

Adcock පෙන්වා දෙන්නේ Figure AI නිෂ්පාදනය කරන රොබෝවන් වෙළෙඳපොළ දෙකක් ඉලක්ක කරන බවයි. එනම් වාණිජමය ක්ෂේත්‍රය සහ ගෘහාශ්‍රිත භවිතයයි.

සෞන්දර්ය සෙනරත්

Interesting Engineering ඇසුරෙනි.



from Vidusara Science Magazine https://ift.tt/cnHyusK
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!