zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ට්‍රම්ප් හෝටලය ඉදිරිපිට පිපිරී ගිය සයිබර් ට්‍රක් රථය

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

නෙවාඩා, ලාස් වේගාස්හි පිහිටි ට්‍රම්ප් හෝටලය ඉදිරියේ නවතා තිබූ ටෙස්ලා Cybertruck රථයක් පිපිරී ගොස් තිබෙනවා. පසුගිය බදාදා දිනයේ සිදු වූ මේ සිදුවීමෙන් එහි රියැදුරුවරයා මියගොස් ඇති අතර, අසල සිටි තවත් සත් දෙනෙකු සුළු තුවල ලබා තිබෙනවා.

වැඩිදුර විමර්ශන සිදු කරන ලාස් වේගාස් පොලිසිය සඳහන් කරන්නේ අනතුර සිදු වන විට රථය තුළ ඉන්ධන කැනිස්ටර සහ ගිනි කෙළි සඳහා භාවිත කරන වෙඩි බෙහෙත් ද තිබී ඇති බවයි. කොලරාඩෝහි වාහන කුලී පදනම මත ලබා දෙන සමාගමකින් ලබා ගත් රථය ලාස් වේගාස් වෙත පැමිණ ඇත්තේ පිපිරීමට පැය දෙකකට පෙර බව ද ඔවුන් සඳහන් කරනවා. වීදුරුවලින් කළ හෝටල් පිවිසුම් දොර ඉදිරියේ නවතා තිබූ රථයෙන් දුමක් නිකුත් වී ඇති අතර ඉන් පසු පිපිරී ගොස් තිබුණා.

මේ සිදුවීම සහ නිව් ඔර්ලියන්ස්හි සිදු වූ ඉස්ලමික් ස්ටේට් සංවිධානය වගකිව යුතු බවට සැක කෙරෙන ප්‍රහාරය සමඟ සබඳතාවක් තිබේ ද යන්න ගැන ධවල මන්දිරය දැඩි අවධානයෙන් පසු වන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කළා.

ලාස් වේගාස් පොලිස් දෙපාර්තමේන්තුවේ බලධරයෙක් සඳහන් කළේ මේ සිදුවීම් දෙක අතර සබඳතාවක් තිබේ ද යන්න සෙවීම ද විමර්ශනයේ කොටසක් බවයි. එසේ ම මෙය, හෝටලයේ හිමිකරුවා වන දිවුරුම් දීමට නියමිත නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් සුවිශාල වැඩ කොටසක් සිදු කළ Tesla හිමිකරු ඊලෝන් මස්ක් හෝ ඉලක්ක කර සංකේතාත්මක ව සිදුකරන ලද්දක් ද වීමේ ඉඩ ඇති බව ඔහු සඳහන් කළා.

මෙය ත්‍රස්ත ක්‍රියාවක් දැ යි සොයා බැලීමට තමන් ද කටයුතු කරමින් සිටින බව පැවසූ FBI ආයතනය, Cybertruck රථය තුළ පිලිස්සී මියගිය රියැදුරුගේ අනන්‍යතාව මෙතෙක් හෙළි වී නැති බව ද සඳහන් කර තිබුණා. බලධාරීන් සඳහන් කළේ ඔහු IS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ අයෙකු දැ යි මෙතෙක් තහවුරු කරගෙන නැති බවයි.

BBC සහ CNN ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/mA1ZHRE
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!