zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

2024 වාර්තාගත උණුසුම් ම වසර බව තායිවානය කියයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

වසර 127ක වාර්තාගත කාලය තුළ තම රට මුහුණ පෑ උණුසුමින් අධික ම වසර 2024 බව තායිවාන බලධාරීන් පසුගිය දා නිවේදනය කළා. ඒ මුළු ලෝකයට ම මුහුණ දීමට සිදු වූ උණුසුම් දේශගුණ තත්ත්වයේ බරපතළ ස්වභාවය තවදුරටත් සනාථ කරමින්.

දේශගුණ විපර්යාසය නිසා හටගත් ප්‍රචණ්ඩ කාලගුණ තත්ත්වයන් සහ අධික උෂ්ණත්වය 2024 වසර තුළ අන් කවරදාකටත් වඩා කැපී පෙනුණා. මේ තත්ත්වයන් නිසා හටගත් ස්වාභාවික අනතුරු ඩොලර් බිලියන ගණනක අලාභ හානි සිදු කරනු ලැබුවා.

පසුගිය ඉරිදා වන විට තායිවානය මුහුණ දෙමින් සිටි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 24.97ක් ව පැවතියා. මින් පෙර එරට මුහුණ දුන් වැඩිම උෂ්ණත්වය 2020 වසරේ දී වාර්තා වී තිබූ අතර, සෙල්සියස් අංශක 24.91ක සාමාන්‍ය උෂ්ණත්වයක් එවක වාර්තා වී තිබූ බව එරට මධ්‍යම කාලගුණ පාලනාධිකාරිය (Central Weather
Administration) නිවේදනය කරනවා.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ 1897 වසරේ සිට තැබෙන වාර්තා අතුරින් මෙතෙක් වැඩි ම උෂ්ණත්වය වාර්තා කළ වසර ලෙස 2024 ඉතිහාසයට එක් වන බවයි. කෙසේ නමුත් ඉදිරි මාස දෙකක කාලය තුළ උෂ්ණත්වය සාපේක්ෂ වශයෙන් පහළ යනු ඇති බව අපේක්ෂා කෙරෙනවා.

එරට පරිසර අමාත්‍ය Peng Chi-ming පවසන්නේ මේ දශකය අවසන් වන්නට පෙර එරට හරිතාගාර වායු විමෝචනය 30%කින් අඩු කිරීම ඉලක්කය වී ඇති බවයි. නව වසරේ සංවර්ධනය කෙරෙන මුහුදු සුළං බලාගාර සහ අනෙකුත් පුනර්ජනනීය බලශක්ති උත්පාදන ක්‍රම භාවිතයෙන් මේ ඉලක්කය සපුරාගත හැකි වේ යැ යි බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

Phys.org ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/rv6eUGW
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!