පසුගිය දා අවසන් වූ CES 2025 ප්‍රදර්ශනයේ දී අභ්‍යවකාශ තරගය සඳහා සුප්‍රසිද්ධ මෝටර් රථ නිෂ්පාදන සන්නාමයක් වන Toyota ද එක් වන බව නිවේදනය කෙරුණා.
ඔවුන් මෙලෙස අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයට පා තබා ඇත්තේ Interstellar Technologies නමැති අලුත ආරම්භ වූ ජපාන සමාගමට ඩොලර් මිලියන 44.4ක් ආයෝජනය කරමින්.
Toyota සමාගමේ අනු සමාගමක් වන Woven හරහා ඇති කරගෙන ඇති මේ සහයෝගීතාව මඟින් රොකට් තාක්ෂණයේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි වනු ඇති බව ඔවුන් විශ්වාස කරනවා. දශක ගණනක් තිස්සේ සනාථ කර තිබෙන Toyota සතු සැපයුම් දාම කළමනාකරණ කුසලතාවය උපයෝගී කරගෙන බොහෝ දෙනාට ප්‍රවේශ විය හැකි මෙන් ම අඩු වියදමකින් යුතු චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීම් සිදු කළ හැකි වෙතැ යි බලාපොරොත්තු වනවා.
Toyota සමාගම විසින් නුදුරේ දී ෆුජි ගිනිකන්ද අසල ඉදිකිරීමට බලාපොරොත්තුවෙන් සිටින අනාගතවාදී මූලාකෘති නගරය වන Woven City නගරය Interstellar සමාගමේ අභ්‍යවකාශ පාදක අන්තර්ජාල පහසුකම්වලින් සමන්විත වනු ඇති බව ද පැවසෙනවා. SpaceX හි Starlink මෙන් Toyota සමාගම ද ස්වකීය අන්තර්ජාල සබඳතා සපුරාලිය හැකි චන්ද්‍රිකා පොකුරක් දියත් කරනු ඇති බවට ද උපකල්පන පවතිනවා.
සෞන්දර්ය සෙනරත්
from Vidusara Science Magazine https://ift.tt/0lSwaRm
via Magazine
Post a Comment