zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ෆුකුෂිමා ඉන්ධන අපද්‍රව්‍යවලින් යුරේනියම් සොයාගැනේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

2011 දී අනතුරට පත් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් පිටතට ගත් න්‍යෂ්ටික ඉන්ධන සුන්බුන් අතර යුරේනියම් (U) ද වන බව අනාවරණය වී තිබෙනවා.

එය සොයාගෙන තිබෙන්නේ Tokyo Electric Power Company Holdings Inc. සමාගම සතු Fukushima අංක 1 බලාගාරයේ බිඳවැටීමට ලක් වූ ප්‍රතික්‍රියාකාරක තුනෙන් එකකින් ලබාගැනුණු ඉන්ධන අපද්‍රව්‍ය සාම්පලවල තිබිය දීයි.

ජපාන පරමාණුක බලශක්ති නියෝජිතායතනය (Japan Atomic Energy Agency – JAEA) නිවේදනය කර ඇති පරිදි බලාගාරයට අයත් දෙවැනි ප්‍රතික්‍රියාකාරකය මූලික කරගනිමින් ඉකුත් සැප්තැම්බර් මස සිට නොවැම්බර් මස දක්වා සිදුකරන ලද අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ව්‍යායාමය අතර තුර මේ අපද්‍රව්‍ය කොටස් පිටතට ගෙන තිබෙනවා. මේ කටයුත්ත සඳහා විශේෂයෙන් සැලසම් කළ රොබෝ හස්තයක් යොදාගැනුණා.

මෙලෙස ලබා ගැනුණු අපද්‍රව්‍ය කොටස් විශ්ලේෂණය කර බැලුණේ JAEA ආයතනයට අයත් Ibarakiහි පිහිටා ඇති පර්යේෂණ මධ්‍යස්ථානය තුළයි. විශ්ලේෂණය සඳහා භාජනය කෙරුණු අපද්‍රව්‍ය කොටස මිලිමීටර 9ක් දිගිනුත්, මිලිමීටර 7ක් පළලිනුත් යුතු වූ අතර බරින් ග්‍රෑම් 0.693ක අගයකින් යුතු වුණා.

යුරේනියම්වලට අමතර ව අදාළ නියැදියේ තිබී යුරෝපියම් (Eu) සහ ඇමරිසියම් (Am) යන විකිරණශීලී මූලද්‍රව්‍ය ද හමු වී තිබෙනවා. අපද්‍රව්‍ය නියැදියේ සිට සෙන්ටිමීටර 1ත් 2ත් අතර දුර ප්‍රමාණයකින් සටහන් වූ විකිරණශීලීතාව දළ වශයෙන් පැයට මිලිසිවර්ට් 8 ක් බව JAEA සඳහන් කරනවා.

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/6Sw4fcr
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!