zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

මනරම් දසුනක් මවා පාමින් Starlink චන්ද්‍රිකාවක් කඩා වැටෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

Fireball වර්ගයේ උල්කාපාතයක් ලෙස දිස් වූ වල්ගයක් සහිත දීප්තිමත් වස්තුවක් රාත්‍රී අහසේ ඇදී යනු ඇමරිකාවේ ප්‍රාන්ත හතරක පදිංචිකරුවන් දැක තිබෙනවා. ඇමරිකානු උල්කාපාත සංගමය (American Meteor Society) සඳහන් කළේ මධ්‍යම සම්මත වේලාවෙන් ඉකුත් නොවැම්බර් 10 වැනි දා පස්වරු 10ට පමණ fireball වර්ගයේ උල්කාපාතයක් දුටු බවට වන වාර්තා 36ක් ලැබී ඇති බවයි. ඒවා කොලරාඩෝ, කැන්සාස්, ටෙක්සාස් සහ ඔක්ලහෝමා ප්‍රාන්ත පදනම් කරගනිමින් වාර්තා වී ඇති බවයි ඔවුන් සඳහන් කර තිබුණේ.

නමුත් දැන් හෙළි වී ඇති පරිදි එය සාමාන්‍ය උල්කාපාත දර්ශනය වීමක් නොවෙයි. විනෝදාංශය ලෙස අභ්‍යවකාශ යානාවල හැසිරීම නිරීක්ෂණය කරන ‘ලුුුුුුුුුුුහුබඳින්නන්’ පෙන්වා දෙන්නේ එය SpaceX විසින් අභ්‍යවකාශගත කරන ලද Starlink ක්ෂුද්‍ර චන්ද්‍රිකාවක වායුගෝලීය ඇතුළු වීමක් බවයි. ඒ අනුව අනාවරණ වී ඇති පරිදි මෙලෙස උල්කාපාතයක දර්ශනීය බව ඇති කරමින් වායුගෝලයට ඇතුළු වී ඇත්තේ 2022 වසරේ අභ්‍යවකාශයට යැවූ Starlink 4-23 මෙහෙයුමට අයත් ක්ෂුද්‍ර චන්ද්‍රිකා 54න් එකක්. Starlink-4682 එහි නිල නාමය වනවා.

දහස් ගණනින් සිය චන්ද්‍රිකා පද්ධතිය තව තවත් පුළුල් කිරීමට SpaceX අදහස් කරගෙන සිටින පසුබිමක Starlink චන්ද්‍රිකාවල වායුගෝලීය ඇතුළු වීම් වැඩි වැඩියෙන් සිදු වීම වායුගෝලයට බලපෑමක් එල්ල කරන්නේ ද යන්න දැන් අවධානයට ලක් වෙමින් තිබෙන කරුණක්. ඇතැම් තාරකා විද්‍යාඥයන් සහ පරිසර විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මේ ක්‍රියාවලිය දිගින් දිගට සිදු වීම පෘථිවි වායුගෝලයට හානිකර බවයි.

Space.com ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/gjSzY6W
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!