zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

උපන් මාසය අනුව ඔයාගේ ඇත්තම ගති ලක්ෂණ ගැන දැනගන්න

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 




මෙන්න ජනවාරි මාසයේ ඉපදුන ඔයා ගැන 💭

ඔයා නම් දැඩි අධිෂ්ඨානයකින් තමන්ගේ අරමුණ වෙත යන්න පුළුවන් කෙනෙක් - ස්වාධීන, හොඳ සංවිධානාත්මක බවක් ඇති අයෙක් - නායකත්ව ගතිගුණ, දක්ෂතාවය නිසා මිනිසුන්ව ඉතාමත් හොඳින් මෙහෙය වීමේ හැකියාව තියෙනවා - නිර්මාණශීලීත්වය, පිළිවෙලකට වැඩ කිරීම නම් ඔයාට අමුතුවෙන් ඇතිකරගන්න ඕනේ නෑ - ටිකක් විතර මුරණ්ඩු චරිතයක් - සෞඛ්‍ය පැත්තෙන් ගත්තම සීතල නම් ඔයාට අගුණයි - හැබැයි ඔයාව ලේසියෙන් රෝගවලට ගොදුරු වෙන්නේ නම් නෑ


මෙන්න පෙබරවාරි මාසේ ඉපදුන ඔයා ගැන 💭

ආදරවන්තයින්ගේ මාසය තමයි පෙබරවාරි කියන්නේ - මේ මාසයේ ඉපදුන ඔයා ආදරය වැනි කාරණාවල දී නම් ගොඩක් අවංකයි - එනිසා ඔයා ආදරය කියන දේට ජීවිතයේ ලොකු ඉඩක් දෙනවා - අන් අයගේ හැඟීම් තේරුම් ගැනීමේ හැකියාව නම් ඔයාට උපතින්ම එන දෙයක් - හරිම සංවේදී නිසා ඉක්මනින් සිත් තැවුලට පත්වෙන්න පුළුවන් - ඒ වගේම තමා ඔයාට ඉක්මනින් තරහ යනවා - අන් අයට උදව් කරන්න නම් හරිම කැමතියි - කලාව අතින් ඉදිරියට යන්න බොහෝ ඉඩක් තියෙනවා

මෙන්න මාර්තු මාසේ ඉපදුන ඔයා ගැන 💭

ඔයාට නම් හොඳට මුදල් හම්බ කරන්න හැකියාව තියෙනවා - හැබැයි ඒ මුදල් ඉතාම ඉක්මනින් නාස්ති වෙනවා - සාර්ථක ආදර සම්බන්ඳතා පැවැත්වීම නම් ඔයාට ටිකක් අමාරුයි - ඔයාගේ අතින් විශ්වාසේ කඩවීම් වෙන්න පුළුවන් - මාර්තු මාසයේ ඉපදුන ඔයාට ඔයාව පාලනය කරගන්නම වෙනවා - මොකද ඔයා අනිත් අය වගේ නෙවෙයි පාලනයෙන් තොරයි - මේ නිසාම වැරදි දේවල්වලට යොමුවෙන්න ඇබ්බැහි වෙන්න ඉඩ තියෙනවා - හැබැයි ඔයාට අයිති තැන හොඳම වෙලාවෙදි ලබාගන්න නම් හරිම දක්ෂයි


මෙන්න අප්‍රේල් මාසයේ ඉපදුන ඔයා ගැන 💭

අප්‍රේල් මාසයේ ඉපදුන ඔයා නම් අනිත් අයව ආකර්ශනය කරගන්න නම් හරිම දක්ෂයි - බුද්ධිමත්කම නිසා හොඳ නායකයෙක් වෙන්න පුළුවන් - නිර්මාණශීලී හැකියා තියෙනවා - අනිත් අයට උදව් කරන්න නම් හරිම කැමතියි - හැබැයි අනිත් අයව නුරුස්සන ගතිය නම් ටිකක් වැඩියි - මුරණ්ඩු ආවේගශීලි ගති තියෙනවා - හිසේ සහ පපුවේ ආබාධ ඇතිවීමේ ඉඩකඩ නම් ඔයාට වැඩියි


මෙන්න මැයි මාසයේ ඉපදුන ඔයා ගැන 💭

ඔයා නම් දක්ෂ කලාකාරයෙක් - ඉතාමත් හොඳ අධිෂ්ඨානයක් තියෙනවා - පහසුවෙන් අමාරුවක් නැතිව හදාගන්න පුළුවන් හොඳ මනසක් ඔයාට තියෙනවා - හොඳ පරිකල්පන හැකියාව නම් ඔයාටම ආවේණික වුන දෙයක් - හරිම සුන්දර, ඉවසීම ඇති කෙනෙක් - ඔයා ඔයාගේ මිතුරන් එක්ක කාලය ගත කරන්න නම් ගොඩක් කැමතියි - මාර්තු මාසේ ඉපදුන අය දියවැඩියාව වැනි රෝගවලට ගොදුරු වීමේ හැකියාව නම් ඉතාම වැඩියි


මෙන්න ජූනි මාසයේ ඉපදුන ඔයා ගැන 💭

ඔබ නම් හොඳ පෙම්වතෙක් හෝ පෙම්වතියක් - ආදරයට නම් ඉතාම දක්ෂයි - හරිම විනෝදකාමී චරිතයක් තමා ඔබට තියෙන්නේ - නමුත් සිත් රිදවා ගැනීම් නම් ඉතාමත් වැඩියි - ටිකක් අතීතකාමී කෙනෙක් - හදවතින් ඉතාම අහිංසක සංවේදී කෙනෙක් - ටිකක් විතර ඉරිසියාව නම් තියෙනවා - ජූනි මාසයේ ඉපදුන ඔයාට අක්ෂි රෝග ඇතිවීමේ අවදානම නම් වැඩියි



මෙන්න ජූලි මාසයේ ඉපදුන ඔයා ගැන 💭

ජූලි මාසයේ ඉපදුන ඔයා ළඟ නම් වැරැද්දට සමාව දීමේ ගතිය තියෙනවා - හැබැයි කවදාවත් ඔයාට කරපු වැරැද්ද නම් අමතක කරන්නේ නෑ - ඔයා හරිම විශ්වාසවන්තයි - ඔයාගේ යාලුවොන්ට නම් ඔයාව ටිකක් තේරුම් ගන්න අමාරුයි - හරිම දක්ෂ කෙනෙක් - අනිත් හැමෝටම වඩා ධනාත්මක සිතුවිලි ඔයාට තියෙනවා - විලාසිතා අතින් ගත්තම නම් හරිම වෙනස් විලාසිතාවක් තමයි තියෙන්නේ - ඒ නිසාම අනිත් අයට වඩා සමාජයේ කැපී පේනවා

මෙන්න අගෝස්තු මාසයේ ඉපදුන ඔයා ගැන 💭

ඔයාගේ තියෙන සුවිශේෂ ගුණයක් තමයි හැමෝගෙම හොඳ දකින්න උත්සාහ කරන එක - ඔබ ඉතාම මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් - එම නිසා ආයාසයකින් තොරව මුදල් ලැබෙනවා - නමුත් අධික ලෙස වැඩ කිරීම නිසා ඉතා ඉක්මනින් රෝගවලට ගොදුරු වෙන්න පුළුවන් - ඔබේ විවාහය වැනි දේවල්වල දී නම් ජීවිතයේ ලොකු ඉඩක් වෙන් කරනවා -ආදරණීයන්ට, ළඟින් ඇසුරු කරන අයට නම් ඔබ හරිම අවංකයි - අගෝස්තු මාසයේ ඉපදුන ඔයා සමාජයේ තරමක් කැපී පේන පුද්ගලයෙක් - හැබැයි අධ්‍යාපන කටයුතුවල දී නම් තරමක් පසුපසින් තමා ඉන්නේ


මෙන්න සැප්තැම්බර් මාසයේ ඉපදුන ඔයා ගැන 💭

ඔයා නම් ඕනම දෙයක් ගැන ඕනවට වඩා හිතන කෙනෙක් - හැමදේම ගැන අනවශ්‍ය විදිහට වදවෙනවා - ඒ නිසාම depression තත්ව ඇති වෙන්න පුළුවන් - ඒක වළක්වගන්න හැමවෙලේම නිදහසේ ඉන්න බලන්න - ඔයා උපතින්ම බුද්ධිමත් - හරිම සංවිධානාත්මකයි - ඔයාගේ මතක ශක්තිය ගොඩක් වැඩියි - ඒ නිසා අධ්‍යාපන කටයුතුවල දී කැපී පේනවා - හරිම පක්ෂපාතීයි ප්‍රවේශම් සහගතයි වගේම ගොඩාක් නිශ්ශබ්ද චරිතයක් - අගෝස්තු මාසයේ ඉපදුන අයගේ පෞද්ගලික ජීවිතය සාමාන්‍යයෙන් ආධ්‍යාත්මික පැත්තට නැඹුරුයි


මෙන්න ඔක්තෝම්බර් මාසයේ ඉපදුන ඔයා ගැන 💭

ඔයා ඔක්තෝම්බර් මාසයේ ඉපදුන කෙනෙක් නම් වාසනාව කියන්නේ ඔයාට උපතින්ම එන දෙයක් - මේ මාසයේ ඉපදුන අය අනිත් අයට සාපේක්ෂව බොහෝ කාලයක් ජීවත් වෙනවා - සෘජු තීරණ ගන්න කෙනෙක් - ඉතාම අවංකයි - නමුත් හැඟීම්බරයි - පරාජය, අපහාස, පළිගැනීම වගේ දේවල් ගැන ඔයා ගොඩක් හිතනවා - ඔයාට යම් අරමුණක් තියෙනවා නම් ඒ අරමුණ වෙනුවෙන් ඉතාමත් කැපවීමෙන් වැඩ කරලා ඒක ලබාගන්න ඉතාම දක්ෂයි

මෙන්න නොවැම්බර් මාසයේ ඉපදුන ඔයා ගැන 💭

හැඟීම් හරිම ගැඹුරු අය තමයි මේ නොවැම්බර් මාසයේ ඉපදුන අය - ඔවුන් හරිම ආදරණීයයි - නමුත් එය පිටතින් දක්වන්න අකමැතියි - එනිසාම නොවැම්බර් මාසයේ ඉපදුන ඔබ ආදර සම්බන්දතාවලදී යම් අවිනිශ්චිතබාවයක් දක්වනවා - සංවේදී බව නිසා ඔබ නිතරම මානසික පීඩනයට පත්වෙනවා - මේ නිසාම මානසික රෝග පීඩා වැළඳීමේ අවදානම වැඩියි - ඔබ අනිත් අයගෙන් වෙනස් - හරිම ආදර්ශමත් කෙනෙක් - කවදාවත් ඔයා කරන දේ අත හරින්නේ නැති නිතරම ඉදිරියට යන්න බලන කෙනෙක් - ඔයාව ධෛර්යමත් කරගන්න ඔයාට වෙන කෙනෙක් නම් ඕනේ වෙන්නේ නෑ



මෙන්න දෙසැම්බර් මාසයේ ඉපදුන ඔයා ගැන 💭

ඔයා නම් වාසනාව ගැන හිතන කෙනෙක් - ඒ නිසාම අවදානම් වැඩවලට පෙළඹෙන්න පුළුවන් - ස්ථාවර ජීවිතයකට ගොඩාක් කැමති කෙනෙක් - ස්ථාවර ගෙදරකට, වාහනයකට, පවුල් ජීවිතයකට ඔබ කැමතියි - ඒ දේවල් හොයාගෙන යනවා - ටිකක් විනෝදකාමී සමාජ ජීවිතයට ලැදි කෙනෙක් - මේ නිසාම ඔයාගේ අතින් වගකීම් පැහැර හැරෙනවා - ඔයා විශ්වාසවන්තයි - ක්‍රියාශීලී කෙනෙක් - වැඩ කරන ස්ථානය ඔයා නිසා දියුණු වෙනවා - සීතල අගුණයි - ආසාත්මිකතා ඇතිවීම් ඔයාට වැඩියි


මේ ආර්ටිකල් එකෙන් ඔයා ගැන කියලා තියෙන්නෙ ඇත්තද බොරුද කියලා කමෙන්ට් කරන් යමු යාලුවනේ,😜







X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?

Ad Blocker Detected :(

Please consider supporting us by disabling your ad blocker.

Please Disable your adblocker and Refresh the page to view the site content.


Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!

Ad blocker detected!

We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.

Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign