zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

NASA එළි දැක්වූ නවතම අතිධ්වනික ජෙට් යානය – X-59

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



NASA ආයතනය සිය අත්හදා බැලීමේ හෙවත් X-planes කාණ්ඩයේ නවතම ගුවන් යානය පසුගිය දා එළිදක්වනු ලැබුවා. ‘Son of Concorde’ හෙවත් ‘කොන්කෝඩ්ගේ පුත්‍රයා’ ලෙස හැඳින්වෙන එය සතු උපරිම වේගය පැයට සැතපුම් 937ක්.

පසුගිය දශක හතකට වැඩි කාලය තුළ NASA ආයතනය තැනූ X ගුවන් යානා ගුවන් ගමන් ක්ෂේත්‍රය මීළඟ පරම්පරාවට ඔසවා තැබීම වෙනුවෙන් අනුප්‍රාණය සපයා තිබෙනවා. නිල වශයෙන් X-59 ලෙස නම් ලබා ඇති එය NASA ආයතනය වෙනුවෙන් සැලසුම් කර තිබෙන්නේ Lockheed Martin සමාගමයි. ශබ්දයේ වේගය අබිබවා යා හැකි එහි පියාපත් දෙ කෙළවර අතර ඇති දුර අඩි 100 ක්.

එය අනුසාරයෙන් තැනෙන වාණිජ්‍යමය ගුවන් යානයකට පැය හතකින් ලන්ඩනයේ සිට නිව් යෝක් දක්වා ගමන් කළ හැකි වනු ඇතැ යි ගණන් බලා තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ ශබ්දයේ වේගය අබිබවන විට ඇති වන අතිශය ඝෝෂාකාරී ‘ධ්වනික ගිගුරුමෙන්’ නිකුත් වන ශබ්ධය ඉතා අවම වන මට්ටමේ තබාගත හැකි වීමයි.

අතීතයේ භාවිතා වූ කොන්කෝඩ් අතිධ්වනික ගුවන් යානා ද භාවිතයෙන් ඉවත් වීමට එක් හේතුවක් වූයේ මෙම ගිගුරුමයි. ඇතැම් අවස්ථාවල දී ඉන් ඇති කෙරෙන කම්පනය නිසා යාබද ගොඩනැඟිලිවලට පවා හානි සිදු වූ අවස්ථා වාර්තා වී තිබුණා. මේ ධ්වනික ගිගුරම වළක්වා ගැනීම සඳහා X-59 හි සැකැස්ම සැලකිය යුතු අන්දමකින් වෙනස් කරන්නට එහි සැලසුම්කරුවන් කටයුතු කර තිබෙනවා. යානයේ දිගින් තුනෙන් එකක් ම ඇත්තේ ඉදිරිපසට දිගු වන සිහින් නාසයයි. ඉන් යානය ඉදිරියේ රැස් වන කම්පන තරංග මැඩපැවැත්වෙනවා.

X-59 නාසයේ ඇති අසාමාන්‍ය සැකැස්ම නිසා ම ගුවන් නියමු කුටිය යානයේ මධ්‍යය පමණ වන තුරු පසුපසට පැමිණ තිබෙනවා. එසේ ම නියමු කවුළුව සැලසුම් කර තිබෙන ආකාරයට එහි නියමුවාට ඉදිරිපස නිරීක්ෂණය කළ නො හැකියි. එම අවහිරතාවය මඟහරවා ගැනීමට විකල්පයක් වශයෙන් ‘eXternal Vision System’ ලෙස හැඳින්වෙන පද්ධතියක් මඟින් අධි විභේදන කැමරා මඟින් ලබා ගන්නා ඉදිරිසප දර්ශනය නියමුවා ඉදිරියේ ඇති 4K තිරය මතට සම්ප්‍රේෂණය කෙරෙනවා.

Daily Mail සහ NASA ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!