වායු දූෂණය හේතුවෙන් පාකිස්තානයේ දෙවැනි අගනුවර ලෙස සැලකෙන ලාහෝර් නගරයේ පවතින සියලු ප්‍රාථමික පාසල් සතියක කාලයකට වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ මිලියන ගණනක් වූ කුඩා දරුවන් එයට නිරාවණය වීමෙහි ඇති අනතුරුදායක බව සැලකිල්ලට ගනිමින්.
මිලියන 14ක ජනගහනයක් ඇති ලාහෝර් නගරය දින ගණනක් තිස්සේ වායුදූෂක අඩංගු මිහිදුම් පටලයකින් වැසී පවතිනවා. විශේෂඥයන් පවසන පරිදි මේ තත්ත්වය උද්ගත ව ඇත්තේ රථ වාහනවලින් නික්මෙන ඩීසල් දුමාරය සහ එරට කෘෂි කර්මාන්තය වෙනුවෙන් සිදු කෙරෙන ගිනි තැබීම්වලින් නික්මෙන දුමාරය සිසිල් වීමෙන්.
වායු ගුණාත්මකතා දර්ශකයට අනුව ඉකුත් සෙනසුරාදා වන විට වාතයේ පවතින දූෂක 1000 මට්ටම ඉක්මවා තිබුණා. එය “අනතුරුදායක” මට්ටම ලෙස සැලකෙන 300 මට්ටමට වඩා අතිශය ඉහළ අගයක්.
Phys.org ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්
from Vidusara Science Magazine https://ift.tt/Ewh1scv
via Magazine
Post a Comment