zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

රෝල්ස්-රොයිස් කම්හල් බිමකින් පුරාවිද්‍යාත්මක නෂ්ටාවශේෂ හමු වෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ක්‍රිස්තු පූර්ව 6000 තරම් ඈත යුගයේ සිට ක්‍රිස්තු වර්ෂ 43 දක්වා වූ ප්‍රාග් ඓතිහාසික සහ මුල් රෝමානු යුග යා කරන පුරාවිද්‍යාත්මක ඉදිකිරීම්වල නෂ්ටාවශේෂ සොයා ගන්නට පුරාවිද්‍යාඥයන් සමත් වී තිබෙනවා. ඒ එංගලන්තයේ බ්‍රිස්ටල්හි පිහිටි රෝල්ස්-රොයිස් කර්මාන්තශාලාවකට අයත් භූමියකින්.

මේ පුරාවිද්‍යාත්මක නටඹුන් සොයා ගැනුණේ කර්මාන්තශාලාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිණිස සිදු කෙරුණු ව්‍යාපෘතියක් මඟින් පොළොව හාරමින් සිටින විට බව වාර්තා වනවා. මෙලෙස පොළොව හෑරීම මඟින් ඔවුන් බලාපොරොත්තු වී තිබුණේ ඉදි කිරීම් සිදු කිරීමට පෙර පොළොව යට යම් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත නටඹුන් තිබේ දැ යි සැකහැර දැන ගැනීමයි. AECOM ඉදිකිරීම් සමාගම සමඟ එක් ව AOC Archaeology Group විසින් මේ කැණීම මෙහෙයවනු ලැබ තිබුණා.

මෙහි දී හමු වූ ද්විත්ව අගලක ඉදිකළ වැටියක් වැළලී ඇති පෞරාණික නටඹුන් ගොඩනැඟිල්ලේ උතුරු සීමාව බව පුරාවිද්‍යාඥයන් හඳුනා ගෙන තිබෙනවා. එසේ ම කණු සිටුවන ලද සිදුරු සහ මැටි බඳුන්වල කැබැලි ද ඒ අවට තිබී සොයාගෙන තිබෙනවා.

පුරාවිද්‍යාඥයන් අනුමාන කරන්නේ මේ ස්ථානය සත්ත්ව ගොවිපොළක සිට ගොවිතැන් කටයුතු සඳහා විවිධ විය හැකි කෘෂි-එඬේර කටයුතු සඳහා යොදාගත් ගොඩනැඟිල්ලක් ව තිබෙන්නට ඇති බවයි.

මේ ගොඩනැඟිල්ලෙන් මඳක් උතුරු දෙසට වන්නට පැවති සුසාන භුමියක ද සාධක හමු වී තිබෙනවා. එහි ඇති නෂ්ටාවශේෂ රෝමානු යුගයේ වාසය පුද්ගලයෙකුට අයත් බව දැනට උපකල්පනට කෙරෙනවා. එය කිසිදු විශේෂත්වයක් නැති, අනියත ලෙස සිදු කෙරුණු වළදැමීමක් බව පෙනී යන හෙයින් මෙකී පුද්ගලයා පිටස්තරයෙකු විය හැකි බවයි පුරාවිද්‍යාඥයන් සිතන්නේ.

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!