zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Starliner පොළොවට

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

කැලිප්සෝ ලෙස නම් කරන ලද Boeing Starliner කැප්සියුලයේ අනපේක්ෂිත ලෙස දික් වූ අභ්‍යවකාශ චාරිකාව නිමාවට පත් වුණා. ඒ පසුගිය සිකුරාදා (07) සාර්ථක ලෙස නියමුවන් රහිත ව නිව් මෙක්සිකෝවේ White Sands Space Harbor වෙත ගොඩ බැසීමත් සමඟයි.

“නියම ගොඩබෑමක් කැලිප්සෝ! මම හිතන්නෑ ඒක ඊට වඩා හොඳින් වෙන්න තිබුණා ය කියලා.” කැප්සියුලයේ පරීක්ෂණ පියාසැරියට සහභාගී වෙමින් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත ගොස්, කැප්සියුලයේ ඇති වූ දෝෂ හේතුවෙන් මාස තුනකට වැඩි කාලයක් තිස්සේ එහි නැවතී සිටින්නට සිදු වූ ගගනගාමීන් දෙදෙනාගෙන් එක් අයෙකු වන Suni Williams, ඔවුන් නොමැති ව කැප්සියුලය පොළොවට ගොඩබැස්වීම ගැන අදහස් දක්වමින් NASA සජීව විකාශය ඔස්සේ සඳහන් කළා.

Starliner කැප්සියුලයේ ආපසු පැමිණීම දිගින් දිගට ම පමා වූ සිදු වීමක්. මුල් සැලසුම වී තිබුණේ Suni සහ Butch Wilmore රැගෙන අභ්‍යවකාශ නැවතුම්පොළට ගොස්, දින දහයකින් පසු යළි ඔවුන් ද සමඟ පොළොවට ගොඩ බැසීමයි. නමුත් කැප්සියුලයේ සේවා මොඩියුලය පදනම් කරගනිමින් ඇති වී තිබූ හීලියම් කාන්දුවක් සහ ප්‍රචාලනයේ දෝෂ හේතුවෙන් දිගින් දිගට ම කැප්සියුලයට සහ ගගනගාමීන් දෙපලට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින්නට සිදු වුණා. අවසානයේ ගගනගාමීන් දෙදෙනා ද සහිත ව යානය පෘථිවියට පැමිණීම අනතුරුදායක විට හැකි බැවින්, Starliner පමණක් ස්වයංනියමු අයුරින් ආපසු ගෙන්වා ගැනීමට තීරණය කළා. මේ වන විටත් අනෙකුත් ගගනගාමීන් සමඟ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටින Suni සහ Butch 2025 මුල් කාර්තුවේ දී SpaceX Crew Dragon කැප්සියුලයකින් පොළොව බලා පිටත් ව ඒමට නියමිතයි.

නැඟෙනහිර වේලාවෙන් පස්වරු 11 ට පමණ පැයට කිලෝමීටර 27,400ක කක්ෂීය වේගයකින් පෘථිවි වායුගෝලයට ඇතුළු වූ Starliner යානය ඉන් විනාඩි 45කට පමණ පසු ව පැරෂුට මඟින් වේගය මන්දනය කරගත් අතර White Sands Space Harbor වෙත ගොඩබැසීමට ආසන්න අවස්ථාවේ දී වායුබෑග කිහිපයක් ද ක්‍රියාත්මක කරනු ලැබුවා.

Space.com ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!