zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

වසර අසූවකට පසු විකිරණශීලී ප්‍රොමීතියම්වල අබිරහසිගත ගුණ සොයා ගත හැකි වෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

සොයාගැනීමෙන් වසර අසූවකට පසු විද්‍යාඥයින් විසින් අබිරහසිගත විකිරණශීලී මූලද්‍රව්‍යයක් වන ප්‍රොමීතියම්වල
(Pm) ඉතා වැදගත් ගුණ කීපයක් අනාවරණය කර තිබෙනවා. 1945 වසරේ මුලින් ම ප්‍රොමීතියම් සොයාගනු ලැබුවේ එක්සත් ජනපදයේ ටෙනසිහි පිහිටි ඕක් රිජ් ජාතික රසායනාගාරයේ දී ජාකොබ් මාරින්ස්කි සහ ලෝරන්ස් ග්ලැන්ඩෙනින් යන විද්‍යාඥයින් දෙදෙන විසිනුයි.

පරමාණුක ක්‍රමාංකය 61 ක් වන ප්‍රොමීතියම් ආවර්තිතා වගුවේ ලැන්තනයිඩ ශ්‍රේණියට අයත් විරල පාංශු ලෝහ මූලද්‍රව්‍යයක් වෙනවා. මේ මූලද්‍රව්‍යවල ප්‍රබල චුම්බකත්වයක් ඇති අතර නවීන ඉලෙක්ට්‍රොනික් උපකරණවලට වැදගත් වන අසාමාන්‍ය ප්‍රකාශ ගුණ පෙන්වනවා.

පසුගිය මැයි 22 වැනි දින Nature ජර්නලයේ පළ කරන ලද අධ්‍යයන වාර්තාවේ සහාය කතුවර සහ ඕක් රිජ් ජාතික රසායනාගාරයේ පර්යේෂණ හා සංවර්ධන විද්‍යාඥ Llja Popovs විසින් Live Science වෙබ් අඩවියට පසුගිය දිනෙක ප්‍රකාශ කළ පරිදි ලැන්තනයිඩ් මූලද්‍රව්‍ය ලේසර් ජනකවල හා ඔබේ ස්මාට් ෆෝන් දුරකතන තිරවල මෙන්ම සුළං තලබමන හා විද්‍යුත් වාහනවල යොදා ගන්නා ඉතා ප්‍රබල චුම්බක සඳහා ද ප්‍රයෝජනයට ගැනෙනවා.

එහෙත් ප්‍රොමීතියම් මූලද්‍රව්‍යය පිළිබඳ ව මුල සිට ම සීමිත අවබෝධයක් පමණක් තිබූ නිසා ම එය පරමාණුක බැටරි හා පිළිකා හඳුනා ගැනීම වැනි ප්‍රයෝජන කීපයකට පමණයි යොදා ගැනෙන්නේ.

ඉහත අධ්‍යයන වාර්තාවේ තවත් කතුවර‍‍‍‍‍‍‍‍‍යෙකු වන ඕක් රිජ් ජාතික රසායනාගාරයේ භෞතික රසායනය පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන විද්‍යාඥ ඇලෙක්සැන්ඩර් අයිවනොව් Live Science වෙබ් අඩවියට පැවසුවේ ප්‍රොමීතියම් මූලද්‍රව්‍යයේ ස්ථායී සාම්පලයක් ආරක්ෂා සහිත ව තබා ගැනීම දශක කීපයක් පුරා ම එය අධ්‍යයනයට අභියෝගයක් වූ බවයි. මෙයට හේතුව ප්‍රොමීතියම්වල සෑම සමස්ථානිකයක් ම විකිරණශීලී බැවින් වෙනත් මූලද්‍රව්‍යවලට විඛණ්ඩනය වීමයි.

එක්සත් ජනපදයේ ප්‍රොමීතියම් – 147 සමස්ථානිකයේ එක ම නිෂ්පාදකයා වන්නේ ඕක් රිජ් ජාතික රසායනාගාරය පමණයි. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකවල අපද්‍රව්‍ය වලින් මෙම සමස්ථානිකය වෙන් කර ගන්නා ක්‍රමයක් පසුගිය වසරේ දී සොයා ගැනීමෙන් පසු අර්ධ ආයු කාලය වසර 2.6 ක් වන ප්‍රොමීතියම් – 147 සමස්ථානිකයේ හැකි තරම් සංශුද්ධ සාම්පල අධ්‍යයනයන් සඳහා වෙන් කර ගැනීමට හැකි වී තිබෙනවා.

ඇලෙක්සැන්ඩර් අයිවනෝව් සඳහන් කළ පරිදි ප්‍රොමීතියම්වල විකිරණශීලී හායනයේ දී සෑදෙන සමීපතම මූලද්‍රව්‍යය වන සැමේරියම්වලින් (Sm) එය ස්වල්ප ලෙස දූෂණය වී පවතිනවා.

මේ අභියෝගය ජය ගැනීමට ඔවුන් වෙන් කර ගත් ප්‍රොමීතියම් සාම්පල ලෝහ පරමාණු සමග බැඳෙන අණුවක් යොදාගෙන ජලය තුළ පවතින ස්ථායී සංකීර්ණයක් පිළියෙළ කරනු ලැබුවා. PyDGA නම් මෙම සම්බන්ධීකරණ අණුව ප්‍රොමීතියම් – ඔක්සිජන් බන්ධන 9 ක් සෑදීම නිසා පර්යේෂකයන්ට ප්‍රොමීතියම් සංකීර්ණයේ බන්ධන ගුණ විශ්ලේෂණය කිරීමට මෙතෙක් නො තිබූ අවස්ථාවක් ලැබුණා.

ඉන්පසු ඔවුන් සින්ක්‍රොට්‍රෝන් පාදක X – කිරණ අවශෝෂණ වර්ණාවලි තාක්ෂණය ආධාරයෙන් අංශු ත්වරකයක් මඟින් ජනනය කෙරෙන අධි ශක්ති ෆෝටෝන් අංශු ප්‍රොමීතියම් සංකීර්ණය සමඟ සංඝට්ටනය කර පරමාණුවල පිහිටීම හා බන්ධනවල දිග පිළිබඳ චිත්‍රයක් ගොඩ නඟා තිබෙනවා.

එමඟින් ලෝහ – ඔක්සිජන් බන්ධන වල දිගෙහි වෙනස්කම් හඳුනා හැනීමෙන් දූෂක සැමේරියම් නො සලකා හරිනු ලැබුවා.

මේ ක්‍රමය මඟින් ප්‍රථම වරට ප්‍රොමීතියම්වල ගුණ අනෙක් විරල පංශු ලෝහවල ගුණ සමග සැසඳීමට හැකි ව තිබෙනවා.

Live Science සහ Nature ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!