zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අයහපත් කාලගුණයෙන් 36,000ක් පීඩාවට

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් අද (03) පෙරවරු 3.00ට නිකුත් කරන ලද රතු නිවේදනයේ දැන්වෙන්නේ කළු ගඟ ද්‍රෝණිය ආශ්‍රිත ගංවතුර ආපදා තත්ත්වය ඉදිරි දින දෙකක කාලය තුළ සෙමින් වර්ධනය වීමේ හැකියාවක් ඇති බවයි. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය, ඉංගිරිය, හොරණ, දොඩංගොඩ, බුලත්සිංහල, පාලින්ද නුවර සහ මදුරාවල යන ප්‍රාදේශීය කොට්ඨාශවලට අයත් පහත් බිම් තවදුරටත් ගංවතුර තත්ත්වයෙන් යට වී පවතිනු ඇති බවයි. රත්නපුර දිස්ත්‍රික්කයේ කළු ගඟ ද්‍රෝණියට යාබද ඉහළ ප්‍රදේශවල ගංවතුර තත්ත්වය සුළු වශයෙන් අඩු වී යනු ඇතත් මුළුමනින් ම පහ ව නො යනු ඇති බව රතු නිවේදනයේ දැක්වෙනවා. මේ පිළිබඳ දැඩි අවධානයකින් පසු වන ලෙස එම ප්‍රදේශවල වාසය කරන ජනතාවට හා ඒ හරහා රිය ධාවනය කරන්නන් හට අනතුරු ඇඟවෙනවා.

එසේ ම අද පෙරවරු 3.00ට නිකුත් කරන ලද ඇම්බර් නිවේදනයක දැක්වෙන්නේ කැළණි ගං ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට වැටුණු වර්ෂාපතනය හේතුවෙන් ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය මඟින් ඉදිරි දින දෙකක කාලය තුළ දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කැළණි ගඟට මායිම් වන පහත්බිම් ප්‍රදේශ ගංවතුර ආපදා තත්ත්වයට පත් වීමට ඉඩ තිබෙන බවයි.

අද පෙරවරුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ පුරෝකථනයේ දැක්වෙන්නේ අද දිනයේ ද දිවයිනේ නිරිතදිග ප්‍රදේශ වෙත වැසි ඇදහැලීම බලාපොරොත්තු විය හැකි බවයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පලාත් වෙත මිලිමීටර් 100 ඉක්මවූ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ඉන් දැක්වෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනයාගෙන් ඉල්ලා සිටින්නේ සැඩ සුළං තත්ත්වයන්ගෙන් සහ අකුණු මඟින් සිදු වන අනතුරු වළක්වා ගැනීම සඳහා පෙර සූදානමින් පසුවන ලෙසයි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය පැය 48ක කාලය තුළ පුද්ගල මරණ 10ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. ගංවතුර තත්ත්වයත් සමඟ පුද්ගලයන් 36,000කට අධික පිරිසක් පීඩාවට පත් ව සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කර ඇති පරිදි මේ වන විට ආරක්ෂිත මධ්‍යස්ථාන 52ක් ස්ථාපනය කර තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද නිවේදන ඇසුරෙනි.

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!