zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

උතුරුකර සුදු රයිනෝ පෙළපත ජාන තාක්ෂණයෙන් ඉදිරියට

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



ලොව වාසය කරන්නේ උතුරුකර සුදු රයිනෝවන් (northern white rhinos – Ceratotherium simum cottoni) දෙදෙනෙකු පමණයි. ඉතා දරුණු අන්දමින් වඳ ව යාමේ තර්ජනයට මුහුණ පා සිටියත් විශේෂඥයන් පෙන්වා දෙන්නේ එම විශේෂයට අයත් මිය ගොස් සිටින රයිනෝවන්ගේ මිඳුණු චර්ම සෛල මඟින් ඔවුන් එම උවදුරෙන් ගලවා ගැනීමේ හැකියාව පවතින බවයි.

දැනට ලොවෙහි වාසය කරන අවසාන සුදු රයිනෝවන් දෙදෙනා වන්නේ Fatu සහ Najin ලෙස නම් කර ඇති රයිනෝ මව සහ ඇගේ ගැහැනු ජනිතයායි. සමාන ලිංගිකයන් වීම මත ස්වභාවික ලෙස ප්‍රජනනය කිරීමෙන් වර්ගයා බෝ කළ නො හැකි අඩියකයි ඔවුන් සිටින්නේ. මේ නිසා වි‍ශේෂඥයන් දැන් යොමු වී සිටින්නේ ජානමය ප්‍රජනනයක් සිදු කිරීමටයි.

පර්යේෂණය මෙහෙයවන කැලිෆෝනියාවේ San Diego Zoo Wildlife Alliance හි පර්යේෂකයන් මේ සඳහා යොදාගනු පිණිස අවධානය යොමු කර සිටින්නේ ඔවුන් සතු ‘ශීත කළ සත්ත්වෝද්‍යානයේ’ තැන්පත් කර තිබෙන මිය ගිය උතුරුකර සුදු රයිනෝවන් 12 දෙනෙකුට අයත් ව තිබූ චර්ම සෛල පටක කිහිපයක් වෙතටයි. ඒවායෙන් ලබා ගන්නා ජානමය ද්‍රව්‍ය ශුක්‍රාණු සහ බීජාණු සෛල උත්පාදනය කර ගන්නා අතර කලල වර්ධනය වන විට උතුරුකර සුදු රයිනෝ උපවිශේෂයට සමානතා පෙන්නුම් කරන දකුණුකර සුදු රයිනෝ (southern white rhino – Ceratotherium simum simum) ගැහැනු සතුන්ගේ ගර්භාෂයේ තැන්පත් කිරීම සිදු වනු ඇති.

ඔවුන් සඳහන් කරන්නේ Fatu හෝ Najin හෝ නැතත් උතුරුකර සුදු රයිනෝ විශේෂය තවත් පරම්පරා ගණනාවක් පැවතිය හැකි සේ ජනිතයන් බිහි කිරීම සිදු කළ හැකි වනු ඇති බවයි.

New Scientist ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!