zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

සූර්යග්‍රහණයෙන් පසු ඇසේ වේදනාව ගැන Google සෙවුම් ඉහළට

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

පෙරේදා (08) උතුරු ඇමරිකානු භූමියට ඉහළින් සිදු වූ පූර්ණ සූර්ය ග්‍රහණයෙන් පසු ඇමරිකානු ජනතාව සිය ඇසෙහි ඇති වන වේදනාවන් ගැන වැඩි අවධානයක් යොමු කරන බව පෙනී යනවා. එරට අන්තර්ජාල පරිශිලකයන් Google සෙවුම් යන්ත්‍ර හරහා ‘eyes hurt’ හෙවත් ‘ඇස් වේදනාව’ යන වචනය සොයා ඇති වාර ගණන සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

සූර්ය ග්‍රහණය නැරඹීමේ දී හිරු දෙස ඍජු ව බලන්නේ නම් ඒ සඳහා විශේෂිත ව නිපදවා ඇති ප්‍රමිතියෙන් යුත් eclipse glasses අනිවාර්යයෙන් පළඳින ලෙස NASA ආයතනය මෙන් ම එරට සෞඛ්‍ය බලධාරීන් ද වරින් වර දැනුම් දීම් සිදු කරනු ලැබුවා. සූර්යයා දෙස ඍජු ව බලන්නේ නම්, චන්ද්‍රයා පූර්ණ වශයෙන් හිරු වසාගෙන සිටින විනාඩි කිහිපයේ දී හැරෙන්නට අන් සෑම විට ආරක්ෂිත හිරු කණ්ණාඩි පැළඳීම අනිවර්ය කරුණක් ව පැවතියා. ජන සමූහයා ද එම මාර්ගෝපදේශ අනුගමනය කරනු දක්නට ලැබුණා. කෙසේ නමුත් සූර්යග්‍රහණයෙන් පසු මෙතරම් දෑසේ වේදනාව ගැන සෙවීම වාර්තාගත ලෙස ඉහළ යන්නේ ඉන් තම ඇසට හානි වී ඇති බවට නැඟෙන අනියත බියකින් වුව ද විය හැකි යි.

කෙසේ නමුත් දෘෂ්ටි විශේෂඥයන් සඳහන් කරන පරිදි මෙලෙස කරුණු සොයා විපිළිසර වීම හුදෙක් බොලඳ ක්‍රියාවක් නො වෙයි. යම් හෙයකින් ආරක්ෂිත ආවරණයකින් තොර ව සූර්යග්‍රහණය නැරඹූ අය වෙත් නම් එය ඔවුන්ගේ ඇසට හානි පමුණුවා තිබෙන්නට ඉඩ තිබෙනවා. මින් පෙර ද සිදු වූ සූර්යග්‍රහණ අවස්ථාවලට පසු ඇසෙහි වේදනා හෝ දෘෂ්ටියේ දුර්වලතා ඇති වීම් වාර්තා වී තිබෙන බව ඔවුන් සඳහන් කරනවා. නමුත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ සූර්යග්‍රහණයකින් පසු දිගු කාලීන දෘෂ්ටි ආබාධ ඇති වීම සුලභ තත්ත්වයක් නො වන බවයි.

එසේ ම ඔවුන් පෙන්වා දෙන පරිදි හිරු දෙස බලා සිටියාට පසු දෑස් රිදීම ම බරපතළ තත්ත්වයක රෝග ලක්ෂණයක් ලෙස සැලකිය නො හැකියි. එනම් හිරු දෙස දීර්ඝ ලෙස බලා සිටීමේ දී ඇති වන solar retinopathy නම් සෞඛ්‍යමය තත්ත්වය ඇති වන්නේ වේදනාවකින් තොර ව වීමයි. ඉන් සිදු වන්නේ ඇසෙහි ස්නායු පටක හානියට ලක් වීමයි.
දෘෂ්ටි පථයට බාධා පමුණුවමින් තිබෙන කළු පැහැති පැල්ලමක් වැනි යමක් ඇසෙහි රැඳී ඇති බව පෙනේ නම්, රළ ආකාරයෙන් දිවෙන ඉරි වැනි පැල්ලම් පෙනේ නම් හෝ දර්ශනය බොඳ ව ඇති බවක් පෙනී යන්නේ නම් එය solar retinopathy තත්ත්වයේ බලපෑමක් විය හැකි බැවින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස එරට දෘෂ්ටි විශේෂඥයන් ඉල්ලා සිටිනවා.

American Astronomical Society පළ කර ඇති වාර්තාවකට අනුව 2017 දී සිදු වූ ‘මහා ඇමරිකානු සූර්යග්‍රහණය’ (Great American Eclipse) නැරඹීමෙන් solar retinopathy තත්ත්වයට පත් රෝගීන් 100 දෙනෙකු පමණ වාර්තා වී තිබෙනවා.

USA Today ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!