zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

සමස්ත පෘථිවිය වෙත නෙත් හෙළන PACE

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

අද NASA ආයතනය ඩොලර් බිලියනයකට ආසන්න පිරිවැයක් දරමින් සැලසුම් කළ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත වීමට නියමිත ව තිබෙනවා. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයටත් වඩා ඉහළ කක්ෂයකට යැවෙන එය Plankton, Aerosol, Cloud , Ocean Ecosystem යන්න නියෝජනය වන පරිදි PACE ලෙස හැඳින්වෙනවා.

PACE මෙහෙයුමේ ඇති සුවිශේෂත්වය වන්නේ එය පෘථිවි වායුගෝලය, භූමි ස්කන්ධය ආදී සමස්ත ‘පෘථිවි පද්ධතිය’ ම අධ්‍යයනය කිරීමේ අටියෙන් සැලසම්ගත වී තිබීමයි.

“අපි අධ්‍යයනය කරන්නේ සංයුක්ත පෘථිවි පද්ධතියයි. මෙය සාගරය පිළිබඳ මෙහෙයුහක් හෝ වායුගොලය පිළිබඳ මෙහෙයුමක් හෝ භූමිය පිළිබඳ මෙහෙයුමක් හෝ නො වෙයි. ⁣ඒ සියල්ල ම කැටි වූ මෙහෙයුමක්. අප PACE මඟින් සිදු කරන්නේ සාගරයේ, වායුගෝලයේ සහ යම් පමණකට භූමියේ, බොහෝ විට නො පෙනී සැඟ වී තිබෙන, අන්වීක්ෂීය ‘විශ්වය’ සොයා යෑමයි.” මෙහෙයුමේ ව්‍යාපෘති විද්‍යාඥ Jeremy Werdell පසුගිය ඉරුදින පැවැති මාධ්‍ය හමුවක දී සඳහන් කළා.

PACEහි මෙහෙයුම ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ බෙදා පෙන්නුම් කළ හැකියි. පළමු වැන්න සාගරය හා සම්බන්ධයි. ඒ අතරින් PACEහි ප්‍රමුඛ රාජකාරියක් වන්නේ සාගර ජල තලයට යටින් එහා මෙහා යන ශාක ප්ලවාංග හෙවත් phytoplankton ගහනයන් පිළිබඳ වාර්තා කිරීමයි. පෘථිවිය මත ආහාර දාමයේ පාදම වන ඒවා කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ඔක්සිජන් බවට හැරවීම සිදු කරමින් පෘථිවියේ ස්වසනයට අති මහත් සේවයක් සලසන අතර ම ඇතැම් විට සමහර පරිසර පද්ධති විනාශ කර දැමීම ද සිදු කරනවා.

කිලෝමීටර 676.5ක් වූ උන්නතාංශයකින් යුතු කක්ෂයකට සමවදින PACE එහි සිට හොඳ ප්ලවාංග මොනවා ද, අයහපත් ලෙස බලපෑ හැකි ප්ලවාංග මොනවා දැ යි තෝරා බේරාගෙන ඒවා ජන ජීවිතයට බලපාන්නේ කෙසේ දැ යි විශ්ලේෂණය කිරීම සිදු කිරීමට නියමිතයි.

එසේ ම වායුගෝලයේ පවතින අංශු, කුණාටු සහ දේශගුණික විපර්යාසයන් පිළිබඳ අධ්‍යයනයේ දී ද PACE මඟින් ලබා ගන්නට බලාපොරොත්තු වන සහාය අති මහත්.

“පසුගිය දශකයක කාලය නූතන වාර්තා සටහන් කරන්නට ගත් දා සිට වාර්තා වී ඇති උෂ්ණාධික ම සමයයි. PACE වැනි මෙහෙයුමක වැදගත්කම වන්නේ සාගරය සහ වායුගෝලය අතර කාබන් හුවමාරුව ගැන වඩා හොඳ වටහාගැනීමකට එය මඟ පාදන බැවිනුයි.” NASA ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ, දේශගුණය පිළිබඳ උපදේශිකා Kate Calvin සඳහන් කරනවා.

සියල්ල යථා පරිදි සිදු වුවහොත්, අද දින නැඟෙනහිර සම්මත වේලාවෙන් (EST) අලුයම 1:33 ට ⁣ෆ්ලො⁣රිඩාවේ කේප් කැනැවරල්හි පිහිටි Space Force මධ්‍යස්ථානයේ සිට SpaceX Falcon 9 රොකට්ටුවක ආධාරයෙන් PACE දියත් කිරීම සිදු වනු ඇති.

Space.com ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!