zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අඟහරු මත සිව්දෙනෙකු හුදකලා කර දමයි....

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

මිනිසාගේ මීළඟ ඉලක්කය වන අඟහරු තරණය සඳහා අවැසි තාක්ෂණය NASA ආයතනය තවත් පෞද්ගලික සමාගම් සමඟ ද අත්වැල් බැඳගනිමින් හඳුන්වා දෙමින් සිටින්නේ සැලකිය යුතු කාලයක සිටයි. එම පෙර පුහුණු වැඩසටහන් මාලාවේ මීළඟ දිගුව ලෙස කෘත්‍රිම ව තනාගත් අඟහරුට සමාන පරිසරයක් තුළ මිනිසුන් සිව් දෙනෙකු වසරක කාලයක් හුදෙකලා කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.

ත්‍රිමාන මුද්‍රිත අඟහරු සම වටපිටාව නිර්මාණය කෙරෙනු ඇත්තේ හූස්ටන්හි පිහිටා ඇති NASA ආයතනයට අයත් ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය (Johnson Space Center) තුළයි. 2030න් පසු සිදු කිරීමට නියමිත අඟහරු තරණය සහ පළමු වැනි අඟහරු පරපුර සඳහා අවැසි පද්ධතීන් සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම සහ ඇගයීම සඳහා ක්‍රියාත්මක Chapea (crew health and performance exploration analog) වැඩසටහන යටතේ මෙය ක්‍රියාවට නැංවීමට නියමිතයි.

NASA සඳහන් කරන පරිදි පෙරහුරුව සඳහා සහභාගී වන සිව් දෙනා හට වර්ග අඩි 1,700ක වපසරියක් පුරා විසිරී ඇති Mars Dune Alpha නමැති ත්‍රිමාන මුද්‍රිත අඟහරුට සමාන භූ විෂමතා ඇති පරිසරය තුළ පුරා වසරක කාලයක් වාසය කිරීමට සිදු වනු ඇති. නමුත් එම කාල පරිච්ඡේදය ඔවුන් සිව් දෙනාට සුවපහසුවෙන් කාලය ගත කිරීමට ඉඩ සලසා දෙනු ඇත්තේ නැහැ. දිගු කාලයක් හුදෙකලාව ගත කිරීමට සිදු වීමට අමතර ව සැබෑ අඟහරු මත දී බලාපොරොත්තු විය හැකි පරිදි සම්පත් හිඟය, උපකරණවල ක්‍රියා විරහිත වීම්, සන්නිවේදනයේ ඇති විනාඩි ගණනක පමාව ආදී සියලු අභියෝගවලට මුහුණ දීමට ඔවුන්ට සිදු වනවා.

මෙහි දී එම කණ්ඩායමට අඟහරු මතුපිට ඇවිද යාමට, රොබෝ උපකරණ මෙහෙයවීමට, වාසස්ථානය නඩත්තු කරගැනීමට, ශරීර සුවතා ව්‍යායාමවල නිරතවීමට මෙන් ම විවිධ බෝග වගා කිරීමට පැවරෙනු ඇති.

මේ සඳහා සිව් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් තෝරා ගැනීම සඳහා NASA ආයතනය මේ වන විට ඉල්ලුම්පත් භාරගනිමින් සිටිනවා. එම අපේක්ෂකයන් අතුරින් කුසලතා අතර විවිධත්වයක් ඇති සිව් දෙනෙකු තෝරා ගැනීම සඳහා මෙහෙයුම් කළමනාකාරවරුන්ගේ අවධානය යොමු වී ඇති බව සඳහන්. අයදුම් කරන්නන් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ඉංජිනේරුකරණය, ගණිතය හෝ ජීව විද්‍යාව, භෞතික විද්‍යාව හෝ පරිගණක විද්‍යාව පිළිබඳ උපාධි ලාභියකු විය යුතු අතර ඒ හා සම්බන්ධ ව ක්ෂේත්‍රෙය් අත්දැකීම් සහිත අය විය යුතුයි. එසේ නොමැතිනම් ගුවන් නියමුවෙකු ලෙස ගුවන් පැය 1000ක් සපුරා තිබය යුතුයි. එසේ ම ඔවුන් වසර 30ත් 55ත් අතර, දුම් නො බොන, ඇමරිකානු පුරවැසියන් හෝ එහි ස්ථිර පදිංචිකරුවන් වීම ද අනිවාර්ය බව සඳහන්.

The Guardian සහ NASA ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!