zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අප දන්නා විශ්වයේ දීප්තිමත් ම වස්තුව සොයා ගැනේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

විශ්වයේ ඇති දීප්තිමත් ම වස්තුව විය හැකි වස්තුවක් නිරීක්ෂණය කිරීමට තාරකා විද්‍යාඥයන් සමත් ව සිටිනවා. ක්වේසරක් වන එහි මධ්‍යයේ තිබෙන කළු කුහරය අධික වේගයකින් වර්ධනය වන අතර අපගේ හිරුට සමාන වස්තුවක් එක් දිනයකින් ගිල දැමීමට තරම් බලසම්පන්න වනවා.

වාර්තා බිඳහෙළන මෙම ක්වේසරය අපගේ සූර්යයා මෙන් ට්‍රිලියන 500 ගුණයක් දීප්තිමත් බවයි තාරකා විද්‍යාඥයන් සඳහන් කරන්නේ. ඔ්ස්ට්‍රේලියානු ජාතික තාරකාවිද්‍යාඥයන් පිරිසක් විසින් සිදු කෙරුණු මෙම සොයාගැනීමට අදාළ අධ්‍යයනය පසුගිය දා Nature Astronomy ජර්නලයේ පළ වී තිබුණා.

ඡායාරූපවල සටහන් ව ඇති පරිදි ක්වේසරය කුඩා තිතක් සේ දිස් වුවත්, විද්‍යාඥයන් එය අතිශය විශාල සහ සැඩ පරිසරයක් ඇති කලාපයක් බව සඳහන් කරනවා. ක්වේසරයේ කළු කුහරය වටා පරිභ්‍රමණය වෙමින් පවතින තැටියක ස්වරූපය ගත් ව්‍යුහය විශ්වීය මට්ටමේ ‘සුළි සුළඟක්’ ලෙස විදෙස් මාධ්‍ය අර්ථ දක්වනවා.

අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘවරයා වන ඔ්ස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ක්‍රිස්ටියන් වුල්ෆ් සඳහන් කරන්නේ “දැනට අප හඳුනාගෙන ඇති පරිදි විශ්වයේ ඇති චණ්ඩතම වටපිටාවක් සහිත ස්ථානය” එය බවයි.

J0529-4351 ලෙස නාමකරණයට ලක් ව ඇති මෙම ආකාශ වස්තුව මුලින් ම නිරීක්ෂණය කර තිබුණේ European Southern Observatory නිරීක්ෂණාගාරය මඟින් 1980 වසරේ දී යි. නමුත් එය එවක වරදවා වාටහා ගෙන තිබුණේ තාරකාවක් ලෙසයි. පසුගිය වසර තෙක් ම එය අතිශය ක්‍රියාශීලී මෙන් ම දීප්තිමත් ‘චක්‍රාවාටික හරයක්’ හෙවත් ක්වේසරයක් බව හඳුනා ගෙන තිබුණේ නැහැ. එහි සැබෑ අනන්‍යතාව හඳුනා ගැනුණේ ඔ්ස්ට්‍රේලියාවේ සහ චිලීහි අටකාමා කාන්තාරයේ පිහිටුවා ඇති අහස නිරීක්ෂණ දුරේක්ෂවල ආධාරයෙන්.

“මේ ක්වේසරයේ තියෙන පුදුමය තමයි පේන මානේ ඉඳගෙන ම වුණත් සැඟවී සිටිමින් තරුවක් විදිහට දෝෂ මහගත ව සලකුණු වී තිබීම” යේල් විශ්වවිද්‍යාලයේ තාරකාවිද්‍යාඥ ප්‍රියන්වදා නටරාජන් සඳහන් කරනවා.

අපගෙන් ආලෝක වර්ෂ බිලියන 12ක් ඈතින් පිහිටන මේ ක්වේසරය අපගේ සූර්යයා මෙන් 17 ගුණයක සිට 19 ගුණයක් දක්වා වූ ස්කන්ධයකින් යුතු බව විද්‍යාඥයන් ගණනය කර තිබෙනවා. එහි වර්ධන වේගය ගැන නිශ්චිත අදහසක් ලබාගැනීමට වැඩිදුර නිරීක්ෂණ සිදු කළ යුතු බවයි ඔවුන් සඳහන් කරන්නේ.

NBC News ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!