zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

තෙතබරිත සමක් අකුණු අනතුරු අවම කරන බව අධ්‍යයනයක් පෙන්වා දෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

අකුණු සහිත වැසි කාලගුණ තත්ත්වයක වැහි දියෙන් තෙත බරිත වී එළිහහනක සිටීමට සිදු වීම යමෙකුගේ සිතෙහි ප්‍රියමනාප හැඟීමක් ජනිත කරවන්නක් නො වූවත්, එය අකුණු උවදුරින් දිවි ගලවා දෙන්නක් විය හැකි බව නවතම පර්යේෂණයක් පෙන්වා දෙනවා.

මෙහි දී පර්යේෂකයන් සිදු කර තිබු‌‌ණේ මිනිස් හිසක ස්වරූපයෙන් තනන ලද ත්‍රිමාන ආකෘතියක්, අකුණක් වශයෙන් සැලකිය හැකි විදුලි ස්පන්දනයකට ලක් කර බැලීමයි. එහි දී පර්යේෂකයන්ට පෙනී ගොස් තිබුණේ හිස ජලයෙන් තෙත් වී ඇති අවස්ථාවල දී එයට සිදු වන හානිය හිස වියළි ව පවතින විට සිදු වන හානියට වඩා අවම බවයි.

“ඔබ ඉන්නේ මුවා වීමට හෙවණක් නැති එළිමහනක නම් වියළි සමකට වඩා තෙත් සමක් තිබීම වඩා හොඳයි. මක් නිසා ද යත් සම මතින් දිවෙන දිය ස්තරය ‘ආරක්ෂිත වැස්මක්’ මෙන් ක්‍රියාකරන නිසා.” අධ්‍යයනයේ කතුවරයා වන ජර්මනියේ Ilmenau University විශ්වවිද්‍යාලයේ René Machts සඳහන් කරනවා. “ආරක්ෂිත ස්ථානයක් සොයාගෙන තමන්ගේ සිරුර අවට පවතින දෑවලට වඩා හැකි තාක් කුඩා කර ගැනීමට උත්සාහ කිරීම මඟින් වඩාත් සුරක්ෂිත විය හැකියි.” ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා.

Scientific Reports ජර්නලයේ පළ වී ඇති අධ්‍යයන වාර්තාවට අනුව මින් පෙර සිදු කරන ලද සෛද්ධාන්තික අධ්‍යයනයන් මඟින් අකුණු කෙටීමක දී තෙතබරිත සිරුරක් හරහා ගමන් කරන විදුලියේ සැලකිය යුතු අඩු වීමක් ඇති විය හැකි බව පෙන්වා දී තිබෙනවා. එසේ ම අකුණු සහිත පරිසරයක් තුළ ‌තෙත සමක් සහිත වනසතුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ බවත් ඉන් යෝජනා කෙරුණා.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!