zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

නිල් තල්මහ දෙමුහුම් ජනිතයන් බිහි කරන බව DNA මඟින් හෙළි වෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

අත්ලාන්තික් සාගරයේ වෙසෙන නිල් තල්මහගේ අලුතෙන් පෙළ ගැස්වූ ජීනෝමයන් තුළ වරල් තල්මහට (Fin Whale) අයත් DNA අපේක්ෂා නො කළ තරම් අධික ව අඩංගු බව අනාවරණය වෙනවා. මේ අනුව නිල් තල්මහ තමන්ට වඩා වෙනස් විශේෂයක් වන වරල් තල්මහ සමග අභිජනනයේ යෙදෙමින් දෙමුහුම් ජනිතයින් බිහි කර තිබෙන බව පසුගිය ජනවාරි මස 6 වෙනි දින Conservation Genetics ජර්නලයේ පළ කර තිබෙන වාර්තාවක දැක්වෙනවා.

පාසල් බස් රථයක් මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි මීටර් 34 ක් පමණ දිගැති නිල් තල්මහ (Balaenoptera musculus) ලොව ජීවමාන ව වෙසෙන විශාලතම සත්වයා වනවා.
පසුගිය විසි වැනි සියවසේ මුල් අවධියේ වාණිජමය තල්මහ දඩයම ඉතා අධික වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ යෝධයින්ගේ සංඛ්‍යාව අඩු වීම නිසා ම ස්වභාව සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සංගමය (IUCN) තම රතු දත්ත ලැයිස්තුවේ අන්තරායට ලක් වූ සත්ත්වයෙකු ලෙස දක්වා තිබෙනවා.

ලොව වෙසෙන නිල් තල්මහ උප විශේෂ හතරෙන් උතුරු අත්ලාන්තික් සහ උතුරු පැසිෆික් සාගර දෙකේ වෙසෙන Balaenoptera musculus musculus නම් උප විශේෂය මින් වඩාත් ම අවදානමට ලක් වූ සත්ත්වයෙක් වනවා.

Conservation Genetics ජර්නලයේ වාර්තාවට අනුව පර්යේෂකයන් විසින් ජීනෝමයන් විශ්ලේෂණය කර තිබෙන්නේ මේ උප විශේෂයේ යි.

තෝරාගත් සාම්පලවල DNAවලින් 3.5% ක් වන සාමාන්‍ය ප්‍රතිශතයක් වරල් තල්මහ අයත් Balaenoptera physalus විශේෂයට අයත් DNA බව සොයාගෙන තිබෙනවා.
නිල් තල්මහ සහ වරල් තල්මහ අතර අභිජනනයෙන් දෙමුහුම් ජනිතයින් බිහි වන බව කලක සිට විද්‍යාඥයින් දැන සිටි අතර Flue තල්මහ ලෙස නම් කර ඇති එම දෙමුහුම් ජනිතයින් වඳ සතුන් ලෙසයි අනුමාන කර තිබුණේ.

එහෙත් 2018 වසරේ දී සිදු කළ අධ්‍යයනයකින් මින් ඇතැම් දෙමුහුම් ජනිතයින් නිල් තල්මසුන් සමග අභිජනනයේ යෙදීමෙන් ජනිතයින් බිහි කරන බව අනාවරණය කරනු ලැබුවා.

Live Science සහ Conservation Genetics ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!