zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ප්‍රාග් ඓතිහාසික හස්ත සිතුවම් හෙළි කරන ඇඟිලි කැපීමේ රහස

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


ප්‍රාග් ඓතිහාසිතක යුගවල විසූ මානවයින් ආගමික ඇදහිලි වෙනුවෙන් සිය අතැඟිලි කපා දමන්නට ඇති බව ඇතැම් පුරාශිලා ලෙන් සිතුවම් පිළිබඳ සිදු කරන ලද නව අර්ථකථනයකින් යෝජනා කෙරෙනවා.

මානව පරිණාමය පිළිබඳ යුරෝපානු සමාජයේ (European Society for Human Evolution) මෑත කාලීන සමුළුවක් අතරවාරයේ අධ්‍යයන පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් පර්යේෂකයන් අවධානය යොමු කරන්නේ ප්‍රංශයේ සහ ස්පාංඥයේ ප්‍රාග් ඓතිහාසික වාසස්ථාන විණි යැ යි සොයාගෙන තිබෙන ලෙන් තුළින් හමු වූ අත්ල මත වර්ණ තවරා එහි ඡායාව ලෙන් බිත්ති මත තබමින් ඇඳි සිතුවම් වෙතයි. එලෙස සටහන් වී ඇති අත්ල ඡායාවන්ගෙන් 200කට අධික සංඛාවකගේ අවම තරමින් ඇඟිල්ලක එක් පුරුකක් හෝ අඩු බව සොයාගෙන තිබෙනවා. ඇතැම් අවස්ථාවල දී ඇඟිල්ලක උඩ කොටස පමණක් අතුරුදන් ව ඇති අතර තවත් අවස්ථාවල දී ඇඟිලි එහෙම් පිටින් ම අතුරුදන් ව ගොස් තිබෙනවා.

මින් පෙර මෙවැනි අඩු ඇඟිලි හස්ත ඡායාවන් අර්ථ ගන්වාගෙන තිබුණේ එය නිර්මාණකරුගේ නිර්මාණශීලීත්වය හෝ අනන්‍යතාව හෝ අඟවන්නක් ලෙසයි. එසේත් නොමැති නම් අධික සීතල නිසා ඇඟිලිවල හටගත හැකි තුවාල නිසා කපා දැමීමට සිදු වන්නට ඇති බවට ද සැලකුණා.

නමුත් වැන්කූවර්හි Simon Fraser විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, පුරාවිද්‍යාඥ Mark Collardගේ නායකත්වයෙන් සිදු වූ උක්ත අධ්‍යයනයේ දී විද්‍යාඥයන් පැමිණ තිබුණේ තරමක් අඳුරු යැ යි සැලකිය හැකි නිගමනයකටයි. “අධිස්වභාවික බලවේගවල පිහිට ලබාගැනීමේ විශ්වාසය මත සිදු කෙරුණු යාතුකර්මීය ක්‍රියාවක් වශයෙන් මේ මිනිසුන් සිය ඇඟිලි ඡේදනය කරගන්නට ඇති බව හඟවන සාධක හමු වී තිබෙනවා.” Collard සඳහන් කරනවා.

ඔහු පවසන්නේ එය කාලයට සහ අදාළ වාසභූමියට පමණක් සීමා වූ පරිචිතයක් නො වන බවයි. ඇතැම් ගෝත්‍රික ජනවර්ග අදටත් ඇඟිලි කපා ඉවත් කිරීමේ චාරිත්‍රයන් අනුගමනය කරනවා. නිව් ගිනියාවේ වෙසෙන Dani ගෝත්‍රයේ ජනයා අදටත් සිය දූ දරුවන් ඇතුළු සමීපතමයන් මිය ගිය පසු ඇඟිල්ලක් හෝ ඇතැම් වි‌ට ඇඟිලි කිහිපයක් ම හෝ කපා දැමීම ඔහු එයට නිදසුන් වශයෙන් පෙන්වා දෙනවා.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!