zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

යළි උපදින ජපනා වාර්තා අතරට එක් වෙමින් සඳ අල්ලයි ලොවට කියා

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ජපානය විසින් යවන ලද SLIM චන්ද්‍ර ගවේෂණ ලෑන්ඩරය ඉකුත් දා චන්ද්‍රයා වටා කක්ෂයකට ඇතුළු වුණා. එය ලබන ජනවාරියේ සඳ මතට ගොඩ බෑමට නියමිතයි. සියල්ල යථා පරිදි සිදු වුවහොත් එය උදා වන නව වසරේ ජනවාරියේ දි සඳ මතට ගොඩබෑමට නියමිතයි. ඒ ජපානය, සඳ මතුපිටට සුමට ගොඩබැසීමක් සිදු කරන පස් වැනි රට බවට පත් කරමින්.

“Moon Sniper” යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වෙන SLIM හෙවත් Smart Lander for Investigating Moon ලෑන්ඩරයේ ඇති සුවිශේෂත්වය නම් එය වර්ග මීටර සියයක වපසරියක් තුළ පිහිටන පටු ඉලක්කයක් මතට ගොඩබැසිය හැකි නවීන තාක්ෂණයකින් යුතු වීමයි.

පසුගිය සඳුදා නිවේදනයක් නිකුත් කරමින් ජපානයේ අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය වන JAXA සඳහන් කර සිටියේ එදින ජපාන වේලාවෙන් පස්වරු 4:51ට එය චන්ද්‍ර කක්ෂයට ඇතුළු වූ බවයි.

“ගමන්පථ මාරුව මුල පටන් සැලසුම් කර තිබූ අයුරින් ම සිදු වූ අතර යානය පිළිබඳ අසාමාන්‍ය තත්ත්වයන් කිසිවක් වාර්තා වූයේ නැහැ.” JAXA සඳහන් කර තිබුණා.

SLIM ලෑන්ඩරය චන්ද්‍ර කක්ෂයේ සිට සඳ මතුපිට දක්වා පහත බසින ගමන ලබන ජනවාරි 20 වැනි දා ජපාන වේලාවෙන් පෙරවරු 12:00ට අරඹනු ඇති අතර ඉන් විනාඩි 20කට පසු එහි ගොඩබැසීම සිදු වනු ඇති බව ද JAXA සඳහන් කළා.

SLIM ලෑන්ඩරය අභ්‍යවකාශගත කෙරුණේ ඉකුත් සැප්තැම්බර් 07 වැනි දා ජපානයේ දකුණට වන්නට පිහිටි Tanegashima දූපතේ සිට H-IIA රොකට්ටුවක ආධාරයෙන්. ඒ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු වූ කල් දැමීම් තුනකින් අනතුරුවයි.

Science Alert ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!