zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඇන්ටාක්ටිකාවේ ග්ලැසියර පෙර නො වූ වේගයකින් දිය වෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



ඇන්ටාක්ටිකාවේ පිහිටන ග්ලැසියර කිහිපයක ම අයිස් දිය වී යෑමේ සීඝ්‍රතාවය වැඩි වී ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා. මෙම තත්ත්වය බරපතළ ලෙසට ම බලපා ඇති හෙක්ටෝරියා ගැලිසියරය (Hektoria Glacier) සිය පා ව යෑමේ වේගය සිව් ගුණයකින් ඉහළ දමා ඇති අතර පසුගිය මාස 16ක කාලය තුළ වර්ග කිලෝමීටර 25ක අයිස් ප්‍රමාණයක් දිය කර හැර තිබෙනවා.

මෙතරම් සීඝ්‍ර ලෙස සිදු වන අයිස් දිය වී යෑමක් මින් පෙර වාර්තා වී නොමැති බවයි භූ විද්‍යාඥ Mathieu Morlighem සඳහන් කරන්නේ.

ග්ලැසියර බිඳ වැටීම්වලට මුල් වන්නේ සාගර ජලයේ ඇති වන අසාමාන්‍ය ඉහළ උෂ්ණත්වයයි. මෙසේ ග්ලැසියරවලින් දිය වී යන අයිස්, ජලය ලෙස මුහුදට එක් වී මින් පෙර නො වූ විරූ ලෙස උස් රළ සාදමින් වෙරළ කලාප වෙත සේන්දු වනවා. ‘අප මේ දකින්නේ වෙනත් තැන්වල දී පවා ඇති විය හැකි යමක් ගැන හෝඩුවාවක්.’ Colorado Boulder විශ්වවිද්‍යාල‌යේ භූ විද්‍යාඥවරියක වන Naomi Ochwat සඳහන් කරනවා. ඇය මේ සංසිද්ධිය ගැන සිදු කරන ලද අධ්‍යයනයේ සොයාගැනීම් ඉකුත් දෙසැම්බර් 11 දා ඇමරිකානු භූ භෞතික විද්‍යා සමාජයේ (American Geophysical Union) සමුළුවක් අතර වාරයේ දී ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!