zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

රොබෝවන්ට ඇවිද යන්න අලුත් කකුල් විශේෂයක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



රොබෝවන්ගේ පාදවල යටිපතුලට කැමරා සහ සංවේදක ඇතුළත් පා තබන තැන ස්වභාවය අනුව හැඩය වෙනස් වන, කොට්ට වැනි ව්‍යුහයක් සවි කිරීම මඟින් ඔවුන්ගේ ගමන් විලාසය වඩාත් ස්ථාවර කරගත හැකි බව සොයාගෙන තිබෙනවා.

මේ සොයාගැනීම සිදු කරනු ලැබ තිබෙන්නේ බොම්බේහි පිහිටා ඇති ඉන්දියානු තාක්ෂණායතනයේ Tejal Barnwal සහ නෝර්වේජියානු විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ Jorgen Anker Olsen ඇතුළු පර්යේෂණ සගයන් විසිනුයි. ඔවුන් එය හඳුන්වන්නේ Terrain Recognition and Contact Force Estimation Paw හෙවත් TRACEPaw ලෙසයි.

මෙම පාදයේ යටි කොටස ආවරණය වී තිබෙන්නේ පාදය තබන තලයේ ස්වභාවය අනුව හැඩය වෙනස් කරගත හැකි සිලිකන් නිර්මිත ගෝලාර්ධයකිනුයි. එය අභ්‍යන්තරයේ මෙගාපික්සල් 2ක කැමරාවක් ස්ථානගත කර තිබෙනවා. සිලිකන් අර්ධ ගෝලයේ ඇතුළු පැත්තේ ඇති තිත් සහිත රටාවක ඡායාරූප ඉන් නිතිපතා ගැනෙනවා. තබන පියවරක් පාසා එම රටාවේ ඇති වන වෙනස් වීම් පිළිබඳ දත්ත අභ්‍යන්තරයේ ඇති කෘත්‍රිම බුද්ධි මොඩලයක් වෙත යැවෙනවා. රටාවේ සිදු වන වෙනස්කම්වලට සරිලන පරිදි ගමන් කරන මතුපිටෙහි ස්වභාවය ඉන් හඳුනා ගැනෙන අතර එම පාදයට කුමන අගයක බලයක් යෙදිය යුතු ද හා ඒ කුමන දිශාවට ද යන්න තීරණය කෙරෙනවා.

සෑම අඩියක් පාසා ම නැඟෙන හඬ ද එතුළ ඇති මයික්‍රොෆෝනයක් මඟින් පටිගත කර කෘත්‍රිම බුද්ධි මොඩලයක් වෙත යැවෙනවා. එයින් ද ගමන් ගන්නා මතුපිට ගැන වඩා හොඳ චිත්‍රයක් මවාගත හැකි වනවා.

‘ඔබට පුළුවන් නම් පසේ වර්ගය හඳුනාගෙන ඒ් බව රොබෝවාට දැනුම් දෙන්න එයට හැකියාව ලැබෙනවා බිමෙහි ස්වභාවයට අනුගත වෙමින් ඇවිදින්න. හරියට ඔබත් කොන්ක්‍රීට් බිමක, බොරලු ගොඩක් උඩ සහ අයිස් මත වෙනස් වෙනස් ආකාරයට ඇවිදිනව වගේ’ ඔල්සන් සඳහන් කරනවා.

New Scientist ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!