zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

පැසිෆික් සයුරේ හටගත් ‘චණ්ඩතම රළ’

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

2020 නොවැම්බරයේ එක් වර ම සාගරයෙන් මතු වූ යෝධ රළක් බ්‍රිටිෂ් කොලොම්බියාවට ආසන්න මුහුදේ පා වෙමින් පැවති බෝයාවක් මීටර 17.6ක් ඉහළට ගෙන ගියා. Ucluelet wave ලෙස නම් කර ඇති, මහල් හතරක ගොඩනැඟිල්ලක් තරම් උස් වූ මේ ජල කඳ 2022 පෙබරවාරි මාසය වන විට රැස් කරගත් දත්තවලට අනුව මෙතෙක් කඩා වැදුණු ප්‍රචණ්ඩතම රළ බව තහවුරු කෙරුණා.

එවැනි කැපී පෙනෙන මට්ටමේ යෝධ රළ හටගන්නේ යැ යි සැලකෙන්නේ වසර 1,300කට වරක්. එක් වර ම සිදු වී අවසන් වූ මේ සිදු වීම එතැන අහම්බයකින් මෙන් තිබූ බෝයාව නො වන්නට කිසිවකු හෝ හටගත් බවක් වත් දැන ගන්නේ නැහැ.

සියවස් ගණනාවක් තිස්සේ මේ පරිමාණයේ චණ්ඩ රළ පැවතියේ නැවියන් අතර ජනකතා ලෙසයි. එය මිථ්‍යාවක් නො වන බව තහවුරු වූයේ 1995 වසරේ ජනවාරි 1 වැනි දා යි. එදින නෝර්වේ රාජ්‍යයට කිලෝමීටර 160ක් පමණ ඔබ්බෙන් පිහිටි තෙල් කැණීම් පීඨිකාවක් වෙත අනපේක්ෂිත ලෙස ඇදී ආ මීටර 26ක උසකින් යුතු යෝධ රළක් කඩා වැදුණා. Draupner wave ලෙස හැඳින්වෙන එම රළ එකල සාගර විද්‍යාඥයන් භාවිත කළ රළ පිළිබඳ මොඩල අලුත් කිරීමට සමත් වුණා.

එතැනි සිට තවත් මෙවැනි අවස්ථා දුසිමක් පමණ වාර්තා වී තිබෙනවා. ඇතැම් විට විල්වලින් පවා අසාමාන්‍ය උසකින් යුතු රළ හටගෙන තිබෙනවා.

විද්‍යාඥයන් සැඩ රළක් (rogue wave) ලෙස අර්ථ දක්වන්නේ අවට ඇති වන සෙසු රළ මෙන් දෙගුණයකට වඩා උසින් යුතු රළවලටයි. උදාහරණයක් ලෙස 95 දී ඇති වූ Draupner රළ මීටර 25.6ක් උස් වූ විට ඒ අවට හටගත් සාමාන්‍ය රළ උස් වූයේ මිටර් 12ක් පමණයි. එය දෙගුණයකට වඩා උස වෙනසක්. සන්සන්දනාත්මක ලෙස බලන විට 2020 දී ඇති වූ Ucluelet රළ එම මොහොතේ පැවති සාමාන්‍ය රළවලට වඩා තුන්ගුණයක් උසින් යුතු වී තිබෙනවා. එනිසා එය තනි වශයෙන් ගත් විට Draupner රැල්ලට වඩා උසින් අඩු වුවත් ඊට වඩා ප්‍රචන්ඩ බව පෙනී යනවා.

‘Ucluelet තරංගය මෙතෙක් වාර්තා වී ඇති වඩාත් ම සැඩ තරංගය විය හැකියි’ වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාඥ Johannes Gemmrich සඳහන් කරනවා.

Ucluelet හෝ Draupner මඟින් දේපළ හෝ ජීවිත හානි සිදු නො වුණත් මුහුද හැමදාට ම එසේ කරුණාවන්ත වී ඇති බව නියත වශයෙන් පැවසිය නො හැකියි. 1970 ගණන්වල අතුරුදන් වූ නෞකා කිහිපයක් ම මෙවැනි රළ නිසා මොහොතකින් මුහුදු බත් වන්නට ඇති බව දැන් සැක කෙරෙනවා.

මෑතක දී සිදු කරන ලද අධ්‍යයන මඟින් දේශගුණික විපර්යාසයත් සමඟින් පැසිෆික් සාගරයේ ඇති වන රළ එන්න එන්න ම උසින් වැඩි වනු ඇති බව අනාවරණ වී තිබෙනවා. විද්‍යාඥයන් සඳහන් කරන්නේ චණ්ඩතම මුහුදු රළට හිමි වාර්තාව තවත් වැඩි කාලයක් දරා සිටීමට Ucluelet අපොහොසක් වනු ඇති බවයි.

Science Alert ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!