zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

මාස 15ක විරාමය නිමාකරමින් New Shepard නුදුරේ යළිත් ගුවනට

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

Blue Origin අභ්‍යවකාශ සමාගම ලබන 18 වැනි දා සිය මාස 15ක දීර්ඝ විරාමය නිමා කරමින් නො නියමු අභ්‍යවකාශ මෙහෙයුමක් දියත් කිරීමට නියමිතයි.

ඇමසන් සමාගමේ හිමිකරු ජෙෆ් ‍බෙසොස්ට ම අයත් Blue Origin සමාගම අවසන් වරට යානයක් දියත් කළේ පසුගිය 2022 වසරේ සැප්තැම්බර් 12 වැනි දා යි. නො නියමු පර්යේෂණ පියාසැරියක් වූ එය අතරතුර දී New Shepard උප කක්ෂීය යානය දෝෂ කිහිපයක් පෙන්නුම් කළා. සියලු මෙහෙයුම් කල් දමමින් දෝෂ නිරාකරණය කිරීමේ දිගු විරාපයකට මඟ පෑදුණේ එලෙසයි. නමුත් මේ නියඟය සියල්ල යහපත් අන්දමින් සිදු වුව හොත් ලබන 18 වැනි දායින් අවසන් වීමට නියමිතයි.

“අප මීළඟ New Shepard අයබර මෙහෙයුම සඳහා දෙසැම්බර් 18 වැනි දා විවෘත වන දියත් කිරීමේ කවුළුවක් (launch window) ඉලක්කගත කර සිටිනවා. මෙම NS24 මෙහෙයුම මඟින් විද්‍යාත්මක හා පර්යේෂණාත්මක උපකරණ 33ක් සහ @clubforfuture පෝස්ට්කාඩ් 38,000ක් අභ්‍යවකාශය වෙත රැගෙන යනු ඇති” Blue Origin සමාගම සිය නිල X පිටුව ඔස්සේ පසුගිය දා දැනුම් දී තිබුණා.

New Shepard යනු Blue Origin විසින් නිෂ්පාදිත භාණ්ඩ සහ මිනිසුන් ප්‍රවාහනය කළ හැකි රොකට් කැප්සියුලයයි. නැවත නැවතත් භාවිත කළ හැකි එය මේ වන විට මෙහෙයුම් 23ක් නිමා කර තිබෙනවා.

කෙසේ නමුත් 2022 සැප්තැම්බරයේ සිදු වූ NS-23 නො නියමු මෙහෙයුම සාර්ථක ලෙස අවසන් වූයේ නැහැ. පියාසැරියේ 65 වැනි තත්පරයේ දී New Shepardගේ බූස්ටරය දෝෂයක් පෙන්නුම් කළ අතර යානය පොළොව වෙත කඩා වැටෙන පරිදි ඇදී ගියා. අවසන් තත්පර කිහිපයේ දී ගැටලුවෙන් මිදුණු යානය පැරශූට් විහිදමින් නිරුපද්‍රිත ව ගොඩබැසීමට සමත් වුණා.

Federal Aviation Administration (FAA) සහ ‍Blue Origin මඟින් සිදු වීමට මුල් වූ හේතුව සොයා විමර්ශන සිදු වූ අතර අවසානයේ දී එය යානයේ ‘තාප-ව්‍යුහාත්මක බිඳවැටීමක්’ (thermo-structural failure) බව හඳුනා ගැනුණා.

Space.com ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!