zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

කොල්ලගේ අම්මා එක්ක මෙන්න මේ දේවල් කවදාවත් කරන්න යන්න එපා!

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 


මේ ආටිකල් එක අපි ලියන්නේ ගෑනු ළමයින් වෙනුවෙන්මයි. දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්න ගෑණු ළමයෙක් නම්, බෝයිෆ්‍රෙන්ඩ් ගෑනු ළමයව තමන්ගේ ගෙදරට එහෙමත් අඳුන්වලා දීලා තියෙනවා නම්, ඒ කියන්නේ ගෑනු ළමයා මේ වෙනකොටත් නැන්දම්මව අඳුනගෙන තියෙන්නෙ. හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් කාලේ එයා නැන්දම්මා නෙවෙයි තමයි. ඒත් ඉතින් ඒ කාලේ වුණත්, කොල්ලා ආස්සරේ කරන ගෑනු ළමයා විදියට නේ කොල්ලගෙ අම්මා ඔයාව දකින්නේ. එතකොට කවදහරි කසාදයකින් මේ සම්බන්ධය කෙළවර වුනොත්, ඒ කියන්නේ කොල්ලගෙ අම්මා නීත්‍යානුකූලවම නැන්දම්මා බවට පත්වෙනවා.

සාමාන්‍යයෙන් අපිට අහන්න ලැබෙන්නේ, නැන්දම්මා ලේලිය අතර ඝට්ටන නේ. ඒක ගැන අපි මේ වෙලාවේ කතා කරන්න යන්නේ නැහැ. හැබැයි අපි කතා කරන්න කැමතියි, ගෑනු ළමයි තමන්ගේ අනාගත නැන්දම්මා, එහෙම නැතිනම් වෙන්න පුළුවන් නැන්දම්මා එක්ක කතා කරන්න හොඳ නැතිම දේවල්, හැසිරෙන්න හොඳ නැතිම විදි කීපයක් ගැන කියන්න. සමහර වෙලාවට මේ දේවල් වලින් යසට හරි යන්න තිබ්බ මගුල වුණත් කඩාකප්පල් වෙන්න පුළුවන්.

 මොඩර්න් කුකිං!

Never do these with your boyfriend's mother

දැන් ගැහැණු ළමයෙක් කැමතිනේ තමන්ගේ අතින් රසට හදපු කෑම එකක් තමන්ගේ කොල්ලට නැත්නම් වෙන්න හස්බන්ඩ්ට දෙන්න. සමහර වෙලාවට, බෝයිෆ්‍රෙන්ඩ්ගේ ගෙදර යනකොට මොනවා හරි හදාගෙන යන්න එහෙම ගෑනු ළමයි කැමතියි. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට සමහර වෙලාවට, කොල්ලගෙ ගෙදර කට්ටිය ඉන්න වෙලාවක කෙල්ල කොල්ලගෙ ගෙදර ගියහම, කොල්ලා වුණත් කොල්ලගෙ අම්මා වුණත් කැමතියි, කෙල්ල කුස්සියට එහෙම ඇවිල්ලා, වැඩක් පලක් කරලා ඉවුමක් පිහුමක් එහෙම කරනවට. ඒ වෙලාවට පිට කවුරු හරි හිටියොත් එහෙම, නැන්දම්මා බොහොම ආඩම්බරයෙන් කියනවා “ඔය අපේ පුතා බඳින්න ඉන්න ගෑනු ළමයා” කියලා.

හැබැයි එකක්. කිසිම මොහොතක නැන්දම්මාට වැඩිය තමන් ඉවුම් පිහුම් ගැන දන්නවා කියලා පෙන්නන්න, පාරම්බාන්න එහෙම නම් යන්න එපා. විශේෂයෙන්ම ඔය කුකරි ක්ලාස් එහෙම ගියපු ගෑනු ළමයි, අවුරුදු ගාණක් උයපු නැන්දම්මාට වඩා තමන් කුකරි සෑස්තරේ දන්නවා කියලා පෙන්නන්න යන්න එහෙම නරකයි. ඒක නැන්දම්මාගෙන් ටිකට් කැපෙන පොටක්. ඊට වඩා, කෑමක් බීමක් හදනකොට වුණත්, නිහතමානීව නැන්දම්මාගෙන් උපදෙසක් ගන්නවනම් ඒකට නැන්දම්මා ආස වෙයි.

 ඔයාලා හරිම ගොඩේ නේ!

Never do these with your boyfriend's mother

දැන් ඔය පරම්පරා අතර ගැටුම් තියෙනවනේ. විශේෂයෙන්ම දැන් කාලේ ගෑණු ළමයෙක් වුණත් පිරිමි ළමයෙක් වුණත් සමහර වෙලාවට, සාම්ප්‍රදායිකව හැදිලා වැඩිලා තියෙන තමන්ගේ අම්මා තාත්තා උනත් හරිම ගොඩේ, යල් පැනපු අදහස් තියෙන අය කියලා කියන අවස්ථා අපි දැකලා තියෙනවා. සමහරවිට ඒ අයගේ අදහස් පසුගාමී වෙන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම කියල ඒ අයව මුහුණටම විවේචනය කරන්න යන්න ඕන නැහැ, දරුණු ගණයේ වැරැද්දක් කරලා නැතිනම්. දැන් එතකොට කොල්ලගෙ අම්මත් ඔය විදිහට සාම්ප්‍රදායිකව හැදිලා වැඩිලා තියෙන, සම්ප්‍රදාය කරපින්නා ඉන්න මනුස්සයෙක් නම්?

එහෙම අවස්ථාවක ගෑනු ළමයෙක් කරන්න හොඳම නැති දේ තමයි, අම්මා හරිම ගොඩේ කියලා අම්මාව විවේචනය කරන්න යන එක. අපි කියන්නේ ඒක කොල්ලා එක්ක වුණත් විවේචනය නොකර ඉන්න එක හොඳයි. මොකද නැතිනම් කොල්ලට සෑහෙන අපහසුතාවයකට මුහුණ දෙන්න වෙනවා. සමහර වෙලාවට නැන්දම්මා ට ඔහොම එකක් මූණට කිව්වොත්, වෙන්ඩ ලේලිට කොසු මිටි පාර කාලා එළියට බහින්න වෙන්නත් පුළුවන්.

 ලොකු සීන් එකේ ඉන්නේ!

Never do these with your boyfriend's mother

සමහර වෙලාවට ඔය නැන්දම්මා ලේලි පලහිලව් වලට ලේලිගේ ලොකුකම මුල වෙන්න පුළුවන්. එහෙම ලොකු කමින්, තමන් ගැන සෑහෙන ඉහළින් හිතාගෙන ඉන්න, තමන්ගෙ කකුල් දෙක වටේ තමයි ලෝකය කැරකෙන්නේ කියලා අනිත් අයට දැනෙන්න වැඩ කරන ගැහැණු ලමයෙක්ව නැන්දම්මාට විතරක් නෙවෙයි, කොල්ලගේ ගෙදර ඉන්න බල්ලන්ට පූසන්ට වුණත් එපා වෙන්න පුළුවන්. අන්න ඒ නිසා, තමන් කොහොමත් ඉන්නේ කුමාරිකා ලෙවල් එකේ නම්, කොහොමත් ඒ ගතිගුණ පොඩ්ඩක් ශේප් කරගන්න එක හොඳයි. මොකද ඒ වගේ ගතිගුණ වලට කොල්ලගෙ ගෙදරින් විතරක් නෙවෙයි, පොදුවේ සමාජයෙන් වුණත් ඒ තරම් හොඳ නැති ප්‍රතිචාර ලැබෙන්න පුළුවන් හින්දා. කොල්ලා නම් මොන ලොකු රෙස්පට් පැන්නුවත්, බල්ලා වගේ කෙල්ලගේ පස්සෙන් යන්න පුළුවන්. හැබැයි නැන්දම්මත් එහෙම වෙයි කියලා හිතන්න හොඳ නැහැ.

 ඔයාලා කවුද අපේ තාත්තිගේ පවුල කවුද?

Never do these with your boyfriend's mother

දැන් කොහොමත් කසාදයක් එහෙම තීන්දු වෙන කාලේ වෙනකොට, ඒ තරමට ප්‍රගතිශීලී විදිහට හිතන්න පුලුවන් කමක් නැති, ඉවසීම එහෙම ඒ තරමට පිහිටලා නැති ගෙවල් වලින් වෙන දෙයක් තමයි, අනිත් පැත්තේ අයගේ හිත රිදෙන විදියට, අනිත් පැත්තෙ අය ඔෆෙන්ඩ් වෙන විදිහට කියුම් කෙරුම් සිද්ධ වෙන එක. ඕක ගොඩක්ම වෙන්නේ අනිත් අයට වඩා තමන්ගේ තත්ත්වය නග්ගලා තියාගන්න, ලොකු සීන් දාන්න යන එකෙන්, ලොකු කතා කියන්න යන එකෙන් සහ අනිත් පාර්ශ්වය හෑල්ලුවට ලක් කරන්න උත්සාහ කරන එකෙන් තමයි. අන්න එහෙම පසුබිමක, ගැහැණු ළමයෙක් පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන නැන්දම්මා එක්ක තමන්ගේ පවුලේ පුරාජේරු කියන්න යන එක, පම්පෝරි ගහන්න යන එක, කොල්ලගෙ පවුලට වඩා තමන්ගෙ පවුල හැම අතින්ම උසස් කියලා පෙන්නන්න යන එක නොකර ඉන්න.

ඒක කොල්ලාත් දැනගන්න ඕන කාරණයක්. හැබැයි අපි මෙතන කතා කරන්නේ ලේලි ගැන හින්දා, කොල්ලගෙ පැත්තෙන් නොකෙරෙන්න ඕන දේවල් එච්චර කතා කරන්නේ නැහැ.

 අනී මට ඔය වගේ දේවල් පුරුදු නැහැ අම්මි!

Never do these with your boyfriend's mother

දැන් සමහර වෙලාවට කෙල්ලෙක් කැමතියි, තමන්ගේ යාළු වුණු කොල්ලා එක්ක හුරතල් වෙන්න. කොල්ල එක්ක යාලු වෙන්න කලින් යස අගේට බස් එකේ නැගල කොළඹ පන්ති ගියපු කෙල්ල වුණත්, කොල්ලා ආවට පස්සෙ පොඩ්ඩක් තොඳොල් වෙනවා. “අනේ සුදු අප්පච්චි මම දන්නේ නැහැ බස් එකක කොළඹ යන්න, මාව එක්කගෙන යන්නකෝ” වගේ පාට් දානවා. කෙල්ල මෙහෙම කරන්නේ කොල්ලව අන්දන්න නෙවෙයි. අර කොල්ලා ගාව පොඩ්ඩක් බබා වෙලා පොඩ්ඩක් හුරතල් වෙන්න. හැමෝම නැති වුණත් ගොඩක් කොල්ලොත් කැමතියි ඒකට. හැබැයි ඉතින් ගෑණු ළමයා සිහිතබා ගන්න ඕන දෙයක් තමයි, කොල්ලා එක්ක ඉන්න වෙලාවට මේ වගේ බබා උනාට, නැන්දම්මා ඉන්න තැන එහෙම බබා වෙන්න හොඳ නැහැ කියන එක. “අනී අම්මි මම ගෙදරදී උයලාම නැහැ” වගේ බබා පාට් එකක් දැම්මහම, නැන්දම්මා ඒක ගන්නෙ ගොඩක් වෙලාවට හුරතලයක් විදිහට නෙවෙයි, තමන්ගේ පුතා කරේ ඉල්ල ගන්න යන්නේ තේ එකක් වත් හදාගන්න බැරි සක්කරවට්ටමක් ද කියලා තමයි අම්මා හිතන්නේ.

 නැන්දම්මට නොතේරෙන දේවල් කියන්න යන එක!

Never do these with your boyfriend's mother

දැන් ගොඩක් වෙලාවට, පරම්පරා අතර වෙනස ගත්තහම, දැන් කාලේ ගැන අපේ අම්මට තාත්තට නොතේරෙන, හැබැයි අපිට සාමාන්‍ය දේවල් වෙලා තියන යම් යම් දේවල් තියෙනවා. නව තාක්ෂණයන්, ස්මාට්ෆෝන් සහ සමාජ ජාල එකට උදාහරණ. ඒ වගේ දේවල් එක්කම, දැනුම අතිනුත් අපි කලින් පරම්පරාවට වඩා ඉස්සරහින් ඉන්න අවස්තා තියෙනවා. ඒක අපේ ඉගෙනීමත් එක්ක වෙන්න පුළුවන්. හැබැයි, අපිට වඩා වැඩිමහල් පරම්පරාවක කෙනෙක්, ඒ කියන්නේ අපේ මාමා කෙනෙක් නැන්දා කෙනෙක් වුණත්, අම්මා තාත්තා වුණත්, නැන්දම්මා වුණත් කැමති වෙන්නේ නැහැ අපි ඒ අයට වඩා දැනුමෙන් ඉස්සරහින් ඉන්නවා කියන එක පිළිගන්න. ඒ කියන්නේ ඔයාට ස්මාට්ෆෝන් එකේ වැඩ කරන්නේ කොහොමද, ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගන්නෙ කොහොමද වගේ දෙයක් කියලා දුන්නට එය එක එච්චර අවුලක් විදියට ගන්නෙ නැහැ, හැබැයි ඔය රටේ ලෝකේ දේවල් ගැන එහෙම අපි එයාලට වඩා දැනුමැත්තෝ කියලා පේන එක එයාලා එච්චර හොඳට බාර ගන්න එකක් නැහැ. අන්න ඒ නිසා, ගැහැණු ළමයෙක් ප්‍රවේශම් වෙන්න ඕන, නැන්දම්මා ට වඩා දේවල් දන්නවා කියලා අනිත් අය ඉස්සරහ පෙන්නන්නෙ නැතුව ඉන්න. අපි පලවෙනි පොයින්ට් එකේදී කිව්වෙත් ඊට සමාන දෙයක් තමයි.

 මෙයත් එක්ක කරන්න බැහැ අම්මි!

Never do these with your boyfriend's mother

දැන් ඔය නැන්දම්මයි ලේලියි අඳුරගත්ත මුල් කාලේ හරියට සීතල යුද්ධයක් තියෙන පසමිතුරු රටවල් දෙකක ජනාධිපතිවරු දෙන්නෙක් සාම සාකච්ඡා මේසෙට ගියා වගේ තමයි. හරිම ඩිප්ලොමැටික් විදියට තමයි කතාබහ කරන්නේ, වැඩ කරන්නේ. අන්න එතකොට නැන්දම්මා සමහරවිට, පුතාගේ ඔය සුළු සුළු සුයිට් වැරදි කියනවා ලේලිත් එක්ක. ඒ කියන්නේ, මේකා යාලුවොත් එක්ක රවුම් ගහන එක, තාම පවුල් ජීවිතයක් ගැන හිතන්නේ නැතුව සෙල්ලක්කාර විදියට හැසිරෙන එක වගේ දේවල්. හැබැයි නුවණක්කාර ලේලියෙක් ඒ වගේ වෙලාවට කරන්න ඕන “ඒක තමයි නේද අම්මේ” කියලා ඒ කතාව එතනින් යන්න දෙන එක මිසක්, මේක තමයි මිනිහගෙ වැරදි ටික නැන්දම්මත් එක්ක කියලා නැන්දම්මගෙ හිත ගන්න ඕන වෙලාව කියලා හිතලා අද නැතුව කොල්ලගෙ වැරදි ටික ඔක්කොම කියන එක නෙවෙයි. මොකද අම්මා අර වගේ කොල්ලගේ සුළු සුළු සුවිට් වැරදි කිව්වට, අම්මා කොහොමටවත් කැමති වෙන්නේ නැහැ මේ කසාද බඳින්නත් කලින්, කොහෙවත් ඉන්න කෙල්ලෙක් ඇවිල්ල තමන්ගේ රත්තරන් පුතාගේ වැරදි කියනවට!

දැන් එතකොට කෙල්ල විතරද නැන්දම්මත් එක්ක කතා කරනකොට පරිස්සම් වෙන්න ඕන. කොල්ලට ඔහොම ප්‍රශ්න නැද්ද? මොකද නැත්තෙ තියෙනවා. ඒවා අපි වෙන දවසක කතා කරමු.


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!