zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

LUCY යානය ඩින්කිගේ චන්ද්‍රයෙකු සොයාගනී

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



පසුගිය දිනෙක NASA ආයතනයේ Lucy ග්‍රහක ගවේෂණ අභ්‍යවකාශ යානය සිය පළමු ඉලක්කය වූ Dinkinesh අසලින් ඇදී ගියා. එහි දී සිදු කළ නිරීක්ෂණය අතර විද්‍යාඥයන් විස්මයට පත් කළ හැකි ආකාරයේ සොයාගැනීමක් කරන්නට Lucy සමත් වුණා. ඒ Dinkinesh ග්‍රහකය වටා සමීප ලෙස කක්ෂගත ව පවතින කුඩා උප ග්‍රහකයක්.

මේ සොයාගැනීමත් සමඟින් අප දන්නවාටත් වඩා ද්විමය ග්‍රහකයන් (binary asteroids) ප්‍රමාණයක් පැවතිය හැකි බව පෙන්වා දෙනවා. එවැනි ග්‍රහක පද්ධති අභ්‍යවකාශයේ ඇති ගල් කැබලි හටගන්නේ සහ අන්තර්ක්‍රියා කරන්නේ කෙසේ දැ යි හෙළි කර ගැනීමට මහෝපකාරී වනවා.

‘අපි හුඟක් ග්‍රහක සමීප ව නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ නිසා ම කෙනෙක් හිතන්න ඉඩ තියෙනවා තවදුරටත් සැඟවී අප විස්මයට පත් කළ හැකි ආකාරයේ දෑ තිබෙන්නේ සීමිත ප්‍රමාණයක් බව. ඒක සහමුලින් ම වැරදි අදහසක්. ඒ කුඩා චන්ද්‍රයා (moonlet) OSIRIS-REx සහ DART වැනි මෙහෙයුම් මඟින් කළ නිරීක්ෂණ මඟින් පෘථිවි ආසන්න ග්‍රහකවලට වඩා විවිධ ආකාරයන්ගෙන් වෙනස්.’ Southwest Research Institute (SwRI)හි ග්‍රහවිද්‍යාඥ Simone Marchi සඳහන් කරනවා.

Lucy ග්‍රහකය වෙත ළඟා වෙමින් සිටි පසුගිය සති කිහිපය තිස්සේ ම එය සතු ව චන්ද්‍රයෙකු තිබිය හැකි බව විද්‍යාඥයන්ගේ ඉවට හසු වුණා. ඒ Dinkinesh ග්‍රහකයේ දීප්තිය වරින් වර වෙනස් වන්නට ගත් නිසයි.

Science Alert ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!