zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

රතු ග්‍රහයාගේ වායුගෝලය කොළ පැහැයෙන් දිලෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය (ESA) මඟින් අභ්‍යවකාශගත කළ ExoMars Trace Gas Orbiter (TGO) ආධාරයෙන් අඟහරුගේ වායුගෝලය දෘශ්‍ය වර්ණාවලියට ගෝචර කොළ පැහැයෙන් දිලිසෙන බව ප්‍රථම වරට අනාවරණය කරගන්නට විද්‍යාඥයන් සමත් ව සිටිනවා.

මේ ආචරණය හැඳින්වෙන්නේ airglow හෙවත් වායුදීප්තිය ලෙසයි. එය ඇතැම් අවස්ථාවල දී පෘථිවියේ ද හට ගන්නවා. ඌෂාලෝකයට (northern lights හෙවත් aurora) සමාන බවක් ප්‍රකට කළත් එය වෙන ම මූලයක් සහිත වෙන ම සංසිද්ධියක් වනවා. රාත්‍රී කාලයේ දී සිදු වන airglow සංසිද්ධිය nightglow ලෙසත් දිවා කල දී dayglow ලෙසත් හැඳින්වෙනවා. රාත්‍රී කාලයේ දී හටගන්නා සංසිද්ධියේ දී සිදු වන්නේ ඔක්සිජන් පරමාණු දෙකක් එක් වී ඔක්සිජන් අණුවක් නිර්මාණය වීමේ දී යි. රතු ග්‍රහයා මත දී නම් මේ සංසිද්ධිය හට ගන්නේ මතුපිට සිට කිලෝමීටර 50ක උන්නතාංශයකින්. අවුරෝරා හෙවත් උෂාලෝකය හටගන්නේ හිරුගේ ආරෝපිත අංශු පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය හා ගැටෙන විටයි.

අඟහරු මත වායුදීප්තිය සිදු වන බවට විද්‍යාඥයන් සැක පළ කර තිබුණේ අදින් වසර 40ක පමණ සිටයි. නමුත් පළමු නිරීක්ෂණය වාර්තා වුණේ අදින් වසර දහයකට පමණ පෙර Mars Express orbiter චන්ද්‍රිකාව මඟින් මෙවැනි ම සංසිද්ධියක් අධෝරක්ත වර්ණාවලියෙන් නිරීක්ෂණය කිරීමත් සමගයි. 2020 දී TGO මඟින් දිවා කල දී දෘෂ්‍ය වර්ණාවලිය ඔස්සේ එවැන්නක් නිරීක්ෂණය කර තිබුණා. TGO කළ නවතම නිරීක්ෂණයක් ලෙස එය රාත්‍රියේ දීත් ග්‍රහණය කරගෙන තිබෙනවා.

TGO මෙහෙයුමේ කොටසක් ලෙස මේ සංසිද්ධිය ගැන වැඩිදුර නිරීක්ෂණයන් සිදු කිරීම පැවරෙනු ඇති අතර එය ගැන අධ්‍යයනය කිරීම මඟින් රතු ග්‍රහයාගේ වායුගෝලය සහ එහි සිදු වන ක්‍රියාවලීන් ගැන පුළුල් අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇති බව ESAහි බලාපොරොත්තුවයි.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!