zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

බැක්ටීරියා භක්ෂක වයිරසයක් මරියානා අගාධයෙන් හමු වෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


ගැඹුරු මුහුදේ වාසය කරන Halomonas බැක්ටීරියාවන් වෙත ආසාදනය වන නව වයිරස ආකාරයක් හඳුනා ගන්නට පර්යේෂකයන් සමත් ව සිටිනවා. ගිලී ගිය ටයිටැනික් නෞකාවේ සුන්බුන් වේගයෙන් වියෝජනය කර දැමීමට ද වගකිව යුතු වන්නේ ද Halomonas ඝනයට අයත් බැක්ටීරියා වුවත් මෙම වයිරසය ආසාදනය වන Halomonas විශේෂය වාසය කරන්නේ ටයිටැනික් සුන්බුන් පවතින ගැඹුරටත් වඩා අතිශය විෂම පරිසරයක් පවතින හඩාල් කලාපවලට අයත් අගාධ තුළයි.

චීන සාගර විශ්වවිද්‍යාලයේ කටයුතු කරන සාගර වයිරස විද්‍යාඥ මින් වොංග් පවසන පරිදි සාගරයේ ගැඹුරින් ම හමු වූ බැක්ටීරියා භක්ෂක වයිරසය වන්නේ මෙසේ සොයාගත් vB_HmeY_H4907 වයිරසයයි. ඔවුන් මේ සොයා ගැනීම සිදු කළේ මරියානා අගාධයේ අඩි 29,200ක් යටින් රැගෙන ආ අවසාදිත රොන් මඩ නියැදියකින් හමු වූ බැක්ටීරියා අධ්‍යයනය කිරීමෙන්.

ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය නිරීක්ෂණ මඟින් මෙකී වයිරසයට නැනෝ මීටර 65ක් පළලැති විංසතිතල හිසක් සහ බැක්ටීරියා ඉලක්ක කර පසාරු කළ හැකි නැනෝ මීටර 183ක් දිගු වල්ගයක් පවතින බව අනාවරණය කරගනු ලැබුණා.

vB_HmeY_H4907 වයිරසයේ ජාන මින් පෙර සොයාගත් වයිරසවලට සමාන බවක් නො පෙන්වූ බැවින් Suviridae නම් ගෝත්‍රයක් අලුතින් නම් කර එයට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Science Alert ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!