zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

තම්බලයි බැදලයි කන බිත්තරේට සැබෑ වෙනසක්… වෙනස් විදියට බිත්තර රස විඳින්න අපෙන් රෙසිපි 5ක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



බිත්තර කියන්නෙ මසක් මාළුවක් නැති වෙලාවට කෑම වේල ශේප් කරගන්න තියෙන පහසුම ක්‍රමයක්… මස් මාළු නොකන සමහරුත් බිත්තර කනව… මේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් බිත්තර රෙසිපි ගේන්නෙ හැමදාම උයල, බැදල, ඔම්ලට් දාල කන බිත්තරේ ඊට වඩා රසවත් විදියට, වෙනස් විදියකට හදාගන්න හැටි කියන්නයි… හදල බලමුද එහෙනම් බිත්තර 😉

1. එග් භාජි / එග් පකෝරා

egg recipes

Source – pintarest.com

හවස තේ වෙලාවට කියාපු කෑමක්… එග් රෝල්ස් හදන්න වගේ ලොකු වැඩකට කාලය නොයවා ලේසියෙන්, ඉක්මණින් හදාගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර 3-4
  • කඩල පිටි කප් 1
  • හාල් පිටි මේස හැඳි 1
  • පාන් පිටි මේස හැඳි 1
  • මිරිස් කුඩු තේ හැඳි 1
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4
  • කහ තේ හැඳි 1/4
  • පෙරුම්කායම් පින්ච් එකක්
  • මහදුරු තේ හැඳි 1/4
  • තලාගත් ඉඟුරු, සුදුළූණු තේ හැන්දක්
  • බේකින් සෝඩා/ ආප්ප සෝඩා පින්ච් එකක්
  • රස අනුව ලුණු

  1. බිත්තර හොඳින් තම්බාගෙන, කටු ඉවත් කරල, දෙකට කපල පැත්තකින් තියාගන්න. ඉතිරි ද්‍රව්‍ය සේරම එකට මිශ්‍ර කරගෙන, ඒකට වතුර එක් කරගෙන ඝණ බැටරයක් හදාගන්න.
  2. ඒකට කපා ගත්තු බිත්තර පළු එක ගානෙ දාලා, හොඳින් බැටර් එක දවටල, ගැඹුරු තෙලේ මද ගින්නේ බැදගන්න. මිංචි චට්නි එක්ක හරි තක්කලි සෝස් ටිකක් එක්ක හරි උණු උණුවෙම රස බලන්න.

2. මසාලා එග් කරි

egg recipes

Source – archanaskitchen.com

හැමදාම හදන බිත්තර කිරි හොද්දට වෙනස් රසයක්. පාන් කන්න, පරාටා කන්න විතරක් නෙවෙයි බත් එක්ක උනත් රස බලන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බා කටු ඉවත් කරගත් බිත්තර 5
  • මහදුරු තේ හැඳි 2
  • කුරුඳු පොඩි කෑල්ලක්
  • චොප් කරගත් ළූණුගෙඩි 2
  • චොප් කරගත් තක්කලි ගෙඩි 2
  • තලාගත් ඉඟුරු සුදුළූණු තේ හැන්දක්
  • මිරිස් කුඩු තේ හැඳි 2
  • කොත්තමල්ලි කුඩු තේ හැඳි 2
  • කහ කුඩු තේ හැඳි 1/2
  • ගාගත් පොල් කප් 1/2
  • ලුණු
  • කොත්තමල්ලි කොළ මිටක්

 

  1. තෙල් ටිකක් රත් වෙන්න තියල ඒකට මහදුරු, කුරුඳු එකතු කරල විනාඩියක් විතර බැදගන්න. ළූණු සහ ලුණු එකතු කරල ළූණු ටික දුඹුරු පැහැයට හුරු රන්වන් පැහැ වෙනකන් තෙම්පරාදු කරගන්න.
  2. ඒකටම තක්කලි එක්ක ඉඟුරු සුදුළූණු එකතු කරන් හොඳින් මිශ්‍ර කරගෙන, තක්කලි ටික තැම්බෙනකම් අඩු ගින්දරේ තෙම්පරාදු කරගන්න.
  3. මේකට පොල් ටිකත් එකතු කරන් විනාඩි දෙක තුනක් මිශ්‍ර කරන ගමන් ලිපේ තියාගෙන, ලිපෙන් ඉවත් කරල නිවාගන්න.
    මේ මිශ්‍රණය වතුර ස්වල්පයක් එකතු කරල බ්ලෙන්ඩ් කරගන්න.
  4. තෙල් ටිකක් රත් වෙන්න ලිපේ තියල ඒකට හදාගත්ත මසාල මිශ්‍රණය එකතු කරගෙන බිත්තර සහ කොත්තමල්ලි කොළ ඇර අනෙක් සියල්ලම එකතු කරගෙන තෙල් ගතිය මතු වෙන තුරු පිස ගන්න.
  5. එයට වතුර ටිකක් එකතු කරගෙන තම්බාගත් බිත්තර වල වෙන් නොවෙන විදියට පැලුම් කීපයක් දාගෙන බිත්තර ටිකත් එකතු කරගෙන හිඳෙනකම් මදගින්නේ පිසගන්න.අවසානයට කොත්තමල්ලි කොළ ටික උඩින් ඉසගන්න.

3. ඩෙවිල්ඩ් එග්ස්

egg recipes

Source – spoonforkbacon.com

අමුත්තෙක් එන වෙලාවක පොඩි උත්සව අවස්ථාවකට මේසයට තියන්න අපූරු ඩිශ් එකක් මේ.

අවශ්‍ය ද්‍රව්‍ය

  • හොඳින් තම්බාගත් බිත්තර 4
  • චීස් වෙජස් 2
  • ගම්මිරිස් කුඩු
  • ලුණු කුඩු
  • චොප් කරගත් ළූණු
  • චොප් කරගත් පාස්ලි කොළ
  • පොඩි රතු අල ගෙඩියක්

 

  1. බීට් ගෙඩිය පොඩි කෑලි වලට කපාගෙන බඳුනකට දමා, එයට වතුර එක් කර උතුරුවා ලිප නිවා ගන්න. තම්බා ගත් බිත්තර වල කටු ඉවත් කරගන්න. බීට් තම්බාගත් වතුරට බිත්තර එක් කර විනාඩි 10ක් තියාගන්න.
  2. බිත්තර ඉවතට ගෙන අයිස් වතුරෙන් සෝදා දෙකට පලාගන්න. සුදු මදය කැඩෙන්නෙ නැති වෙන්න පරිස්සමින් කහ මදය ඉවත් කරගන්න.
  3. වෙනම භාජනේකට කහමද, චීස්, ලුණු, ගම්මිරිස්, ළූණු සහ පාස්ලි කොළ එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
    පයිපින් බෑග් එකකට සාදාගත් මිශ්‍රණය දමාගෙන බිත්තර සුදු මද වලට පුරවා ගන්න.

4. ස්පැනිශ් එග් ටෝටියා

egg recipes

Source – seriouseggs.com

ස්නැක් එකකට, උදෑසන කෑමකට වගේම ඩිනර් එකකට සයිඩ් ඩිශ් එකක් වගේ හදාගන්න පුළුවන් ලේසි රෙසිපි එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර 6
  • සිහින්ව පෙති කපාගත් අල ගෙඩියක්
  • සිහින්ව රවුම් කපාගත් ළූණු
  • ලුණු තේ හැඳි 1/2
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
  • කොත්තමල්ලි කොළ ටිකක්
  • තෙල් මේස හැඳි 1 1/2

 

  1. නන්ස්ටික් භාජනයකට තෙල් එක කර රත් වෙන්න අරින්න. තෙල් වලට උඩින් අල සහ ළූණු පෙති ටික අතුර ගෙන ඒකට උඩින් ලුණු සහ ගම්මිරිස් ඉසගන්න.
  2. ගින්දර අඩු කර අල සහ ළූණු මෘදු වෙනකම් විනාඩි පහක් පමණ හරවමින් පිසගන්න.
  3. වෙනම බඳුනකට බිත්තර ටික කඩා එක් කරගෙන කොත්තමල්ලි කොළ ටික දමා, ලුණු ස්වල්පයක් එක් කරගෙන ගෑරප්පුවකින් ටිකක් ගසාගන්න.
  4. අල ටික පිසීගෙන එන කොට අල සහ ළූණු ටික පෑන් එකේ පැතලි කරන් ඒකට උඩින් බිත්තර මිශ්‍රණය දාගන්න. පියනකින් වහලා අඩුම ගින්දරේ බිත්තර ටික සෙට් වෙනකම් පිසගන්න. නිවුනට පස්සෙ අනිත් පැත්ත හරවාගෙන පිළිගන්වන්න.

5. එග් මෆින්

egg recipes

Source – onceamonthmeals.com

පහසුවෙන්ම හදාගන්න පුළුවන් උදේ කෑමක්. රෑට සුප් එකක් එක්ක, පාන් පෙති ටිකක් එක්ක උනත් පිළිගන්වන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර 3
  • කොටු කපාගත් සොසේජස්
  • චොප් කරගත් ළූණු
  • චොප් කරගත් අමු මිරිස්
  • චොප් කරගත් කැරට්
  • කැමති නම් කුඩාවට කොටු කපාගත් මොසරැල්ලා චීස්
  • ලුණු
  • ගම්මිරිස්

 

  1. බිත්තර ටික බෝල් එකකට දාගෙන ගෑරප්පුවකින් හොඳින් ගසාගන්න.
  2. ඒකට අනෙක් ද්‍රව්‍ය සියල්ලම එක් කරල මිශ්‍ර කරගෙන බටර් තවරාගත් මෆින් ට්‍රේ එකකට දාගෙන සෙල්සියස් 180ට ප්‍රීහීට් කරගත්තු අවන් එකක දාල විනාඩි 15ක් බේක් කරගන්න.
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!