zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අහුවෙන්න කලින් දැනගන්න, දැන් කාලේ ප්‍රසිද්ධ ඩිජිටල් වංචාවන් කීපයක්!

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 


අපි දැන් ජීවත් වෙන්නේ ඩිජිටල් යුගයකනේ. ඉතින් ලොකේ ශිෂ්ඨාචාරයන්ගේ මුල් කාලයේ ඉඳලම විවිධ වංචාවන් නම් තියෙන්න ඇති කියලා අපිට හිතාගන්න පුලුවනිනේ. ඉතින් ඒ වංචා සිද්ධ කිරීමේ මනුෂ්‍ය හැසිරීම ඩිජිටල් යුගයට එනකොට විතරක් නැති වෙන්න විදියක් නැහැනේ. එකම දේ තමයි, ඩිජිටල් යුගයේ වංචාවන්, ඩිජිටල් යුගයටම ගැලපෙන විදියට නවීකරණය වෙලා තියෙනවා. ඒ වගේම සංකීර්ණ වෙලා තියෙනවා. ඒ නිසාම, අවධානයෙන් හිටියෙ නැතිනම් කෙනෙක් බොහොම පහසුවෙන් මේ වංචාවන්ට අහුවෙන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි, දවසින් දවස දියුණු වෙන තාක්ෂණය ගැන හරිහැටි අවබෝධයක් නැති අයත්, මේ විදියේ වංචාවන්ට අහුවෙන්න ඉතාම ඉහළ ඉඩක් තියෙනවා. මේ විදියේ ඩිජිටල් වංචාවන්ට අහුවෙලා නැති වෙන්නේ තමන් දුක්මහන්සියෙන් හරිහම්බු කරගත්තු ධනය විතරක් නෙවෙයි. සමහරුන්ට තමන්ගේ ජීවිත පවා අහිමි වෙලා තියෙනවා.

දැන් මෙහෙම කියනකොට අපි බය වෙන්න ඕනැද? බය වෙන්න ඕන තමයි. හැබැයි බය බිරාන්ත වෙන්න වුවමනාවක් නෑ. මොකද, මේ ගොඩක් ඩිජිටල් ස්කෑම්ස් වලට නැතිනම් ඩිජිටල් වංචාවන්ට අහුනොවෙන්න නම් කරන්න තියෙන්නේ තමන්ගේ කොමන් සෙන්ස්, ඒ කියන්නේ සාමාන්‍ය දැනීම පාවිච්චි කරන එක විතරයි. ඒ වගේම, අවධානයෙන් ඉන්න එකත් වැදගත්. ඒ වගේම, තමන් පාවිච්චි කරන නවීන තාක්ෂණය එක්ක නොදන්න දෙයක් තිබුණොත්, තමන්ගේ ආඩම්බරේ පැත්තක තියලා ඒ ගැන දන්න කෙනෙක්ගෙන් අහලා දැනගන්න එකත් වැදගත්. මේ හැමදේකටම වඩා, ඉක්මනට සල්ලි හම්බුකරන්න තියෙන ක්‍රම කවුරුහරි හඳුන්වලා දෙනවනම්, හිතාගන්න බැරි විදියට තමන්ගේ සල්ලි වැඩි කරලා දෙන්න කවුරුහරි ඉදිරිපත් වෙනවා නම්, තමන්ගේ පොකැට් එක තදකරගන්න එකත් වැදගත්. කොටින්ම කියනවා නම්, ඉක්මන් සල්ලි පස්සේ නොදුවන එක වැදගත්.

ඉතින් මේ තියෙන්නේ අද කාලේ ප්‍රසිද්ධ ඩිජිටල් වංචාවන් කීපයක්.

 මොබිටෙල් බොනැන්සා ඔබ දින්නා!

Today popular digital scams

ඔන්න ඔයාගේ මොබිටෙල් නම්බර් එකට කෝල් එකක් එනවා. කතා කරන්නේ මොබිටෙල් එකෙන්ලු. ඔයාට මොබිටෙල් බොනැන්සා පළමු ත්‍යාගය හිමිවෙලාලු! ආයෙ ඉතින් ලස්සෙට කොඩිය දාන්න පුංචිකාලේ ඉඳන් තිබුණු හීනේ හැබෑ වුණා කියලා ක්ෂණික ගැම්මක් එනවනෙ, නැද්ද? හැබැයි මේ කතා කරන කෙනා කියනවා, අපිට පළමු තෑග්ග ලැබුණා කියලා දැනුම්දීලා දැන් සතියකුත් පහුවෙලාලු. අද දවල් දෙක වෙනකොටත් තෑග්ග ගත්තෙ නැතිනම් කැන්සල්ලු. ආයෙ පොඩි පහේ තෑග්ගකුත් නෙවෙයි, ලක්ෂම දහයක්. දැන් මේ කෝල් එක එන්නෙත් දෙකට කාලක් විතර තියලා. දැන් කොහොමද තෑග්ග ගන්නේ? හැබැයි මේ කතා කරපු කෙනා අපිට උදව් කරන්න කැමතියිලු. ඒ නිසා, එයා අපේ එකවුන්ට් එකට ඒ පළමු තෑග්ගේ සල්ලි ට්‍රාන්සර් කරගන්න සපෝට් එකක් දෙන්නංලු. හැබැයි එයා ජොබ් එකට පිටින් කරන උදව්වක් නිසා කාටවත් කියන්නත් එපාලු. අපිට කරන්න තියෙන්නේ එක වැඩයිලු. අපේ එකවුන්ට් එක තියෙන බැංකුවට ගිහිල්ලා, අපේ එකවුන්ට් එක වෙරිෆයි කරගන්න ඒකට දහදාහක් දාලා, එයා ඉල්ලන කෝඩ් එකයි අනං මනං විස්තර ටික දෙන එකලු. ඕකෙම තව විදියක් තියෙනවා. ඊසිකෑෂ් වලින් අපේ එකවුන්ට් එකට දහදාහක් දාලා, දැන් එයා කියන කෝඩ් එක අපේ ෆෝන් එකේ ගහන්නලු. දැන් කතන්දරේ මේකයි, එකවුන්ට් එකට දැම්මත්, පොර කියන උපදෙස් අනුව අපේ සංවේදී තොරතුරු පොරගෙ අතට යනවා, දැන් පොරට පුලුවන් එකවුන්ට් එකෙන් සල්ලි ටික ගන්න. ඊසිකෑෂ් වැඩේ ඊටත් වඩා ලේසියි. පොර ඇත්තටම කෝඩ් එකක් කියලා දෙන්නේ පොරගේ එකවුන්ට් එකට අපේ ඊසිකෑෂ් එකවුන්ට් එකෙන් සල්ලි ට්‍රාන්සර් කරගන්න නම්බර් එක.

ඉතින් මේකට මිනිස්සු අහුවෙනවා කියලද හිතන්නේ? ඔව්, බුරුතු පිටින් අහුවෙනවා. මිනිස්සු හිතන්නේම ලක්ෂ දහයක් ගන්න දහදාහක් දෙන එක මොන කජ්ජක්ද කියලනේ!

 මම නයිජීරියාවල කුමාරිකාවක්!

Today popular digital scams

මේක ඇත්තටම සෑහෙන්න පරණ, ඒත් තාමත් ක්‍රියාත්මක වෙන වස්චාවක්. මේකට ඇත්තටම කියන්නේ Nigerian letter scam නැතිනම් 419 fraud කියලා. වෙන්නෙ මේකයි. ඔන්න ඔයාට ඊමේල් එකක් එනවා, නයිජීරියාවේ හරි නැමීබියාවේ හරි ඒ වගේ අප්‍රිකානු රටක ධනවත් පවුලක නැතිනම් රජ පරම්පරාවක කෙනෙක් කියාගත්තු කෙනෙක්ගෙ නමින්. ගොඩක් වෙලාවට ඔයා පිරිමියෙක් නං මේ ඊමේල් එක එවන කෙනා කුමාරිකාවක් වගේ කෙනෙක්. ඔයා ගැහැණියක් නං මේ ඊමේල් එක එවන්නේ මේ පවුලේ අති ධනවත් බාල පුතා වෙන්න පුලුවන්. මේ අය කියන විදියට, මෙයාගේ පවුලේ හැමෝම මරලා දාලා, මෙයා ඉන්නේ අනාථ කඳවුරක හරි මිලිටරි කඳවුරක හරි සිරගෙයක හරි ඒ වගේ තැනක. මෙයාට කෝටි ප්‍රකෝටි ගාණක ධනස්කන්ධයක් තියෙනවා පවුලෙන් උරුම වෙච්ච. හැබැයි මෙයාලා මිලිටරි පාලනයක හරි විරුද්ධ රාජ්‍ය පාලනයක හරි යටතේ ඉන්නේ. දැන් මෙයාලට පිටරටක කෙනෙක්ගේ උදව් අවශ්‍යයි, මේ මහා ධනස්කන්ධය එක්ක රටින් පිට වෙන්න. ඒකට තමයි එයාලා අපෙන් උදව් ඉල්ලන්නේ. ඒකට උදව් කිරීම වෙනුවෙන් මේ අය අපිට මේ කෝටිප්‍රකෝටි ගාණෙන් සියේට දහයක් දෙන්න ලැහැස්තියි. ඒ විතරක් නෙවෙයි, එයාලා අපේ “ප්‍රොෆයිල්” එක දැකලලු ඊමේල් එක එව්වේ, අපිට හිත ගිහින් (ඒ කාලේ ෆේස්බුක් නෑ. ඉතින් මේකට උත්තර දෙන එවුන් මොන ප්‍රොෆයිල් එකද බැලුවෙ කියල අහන්නවත් පරීක්ෂාකාරී වෙන්නෙ නෑ කියහන්කො). ඉතින් මෙයාලා කැමතියි අපේ රටට ඇවිත් අර සල්ලි කෝටි ගාණත් මෙහෙට ගත්තට පස්සේ අපිව බඳින්න. ඩීල් එක තව ටිකක් ස්වීට් කරන්න සෙක්සි නයිජීරියන් කෙල්ලෙක්ගේ ෆොටෝ එකකුත් ඊමේල් එකේ ඇටෑච් කරල තියෙනවා!

මේකට රිප්ලයි කළාට පස්සෙ ඉතින් ස්වීට් ටෝක්ස් පටන් අරගෙන, අපේ එකවුන්ට් නම්බර්ස් සහ විවිධ තොරතුරු එවන්න කියනවා. ඊට පස්සේ පොඩි ගාණක් අපිට ගෙවන්න වෙනවා ඔය ඩොකියුමන්ටේෂන් අනං මනං වැඩ වලට. ඔය ගාණ සූටි විසිතිස්දාහක ඉඳන් ලක්ෂ කීපයක් වෙන්න පුලුවන්.

ඉතින් මිනිස්සු ගෙවනවද? ඔව් ඕයි. අර ධනස්කන්ධයෙන් සියේට දහයක් කියන්නෙත් ඉතින් අඩුම ගාණේ රුපියල් කෝටි දහයක්වත් වෙනවනේ. ඉතින් ඒ හීනේ ඉන්න ඩයල් එකකට පනස් දාහක් ගෙවන්න කිව්වොත් නොගෙව ඉඳීද? ඇත්තටම FBI එකෙන් කියන විදියට 2019 අවුරුද්දේ විතරක් මිනිස්සු 14,600 ක් මේ වංචාවට අහුවුණාලු. සමස්තයක් විදියට ඇමරිකානු ඩොලර් මිලියන 100 කට එහා මේ වංචාව වෙනුවෙන් පූජ කරල තියෙනවලු!

 ක්‍රිප්ටෝ වලින් උපයමුද?

Today popular digital scams

මේකත් තණ්හාව හින්දා ලක්ෂ ගණන් වලින් මිනිස්සු කෙලෝගන්න පොටක්. ගොඩක් වෙලාවට මේ සීන් එක පටන් ගන්නේ SMS එකකින්. සුබපැතුම්, ඔබේ සීවී එක අපත් සමඟ ආයෝජනයට තෝරාගත්තා වගේ කතන්දරයක් එක්ක ලින්ක් එකක් එනවා. දැන් ඕක ඇත්ත කියල හිතලා ලින්ක් එක ක්ලික් කරලා ඉස්සරහට යන අයට ගජ වාසියක් කරගන්න, ආයෝජනය කරන ගාණ වගේ දහගුණයක් විතර හොයාගන්න අවස්ථාවක් සෙට් වෙනවා. හැබැයි ක්‍රිප්ටෝකරන්සි. හැමෝම දන්නවනේ සාමාන්‍යයෙන් ක්‍රිප්ටෝ අගය බලාගෙන ඉන්නකොට වැඩි වුණා එක කාලයක් කියලා. ඉතින් ඔන්න කෑදරකමට අතේ තියෙන ලක්ෂ කීපය මදිවට සමහරු ණයටත් තව සල්ලි අරන් ආයෝජනය කරනවා. එතකොට අපිට ඔය බයිනෑන්ස් ඇප් එක වගේ ක්‍රිප්ටෝ ඇප් එකක් එහෙමත් ඇක්සස් ලබාදීලා තියෙනවා. දැන් අපිටත් පේනවා එකවුන්ට් එකේ සල්ලි වැඩිවෙනවා. ඔය අතරේ අපිව හැන්ඩ්ල් කරන කට්ටිය (ගොඩක් දුරට ටෙලිග්‍රෑම් ඔස්සේ තමයි වැඩේ ගෙනියන්නේ), එක එක දේවලට අපෙන් සල්ලි ගෙන්නගන්නවා වෙනම, පොඩි පොඩි ගණන්. හැබැයි ඔහොම ගිහින්, අර අපි ආයෝජනය කරලා වැඩි කරගත්තු සල්ලි ලබාගන්න නම්, එක පාර ලොකු ගාණක් ඉල්ලනවා. දැන් වැඩේ මේකයි. ඇප් එකට අපිට ඇක්සස් තිබුණට, ඒ සල්ලි හොල්ලන්නවත් අපිට ඇක්සස් නෑ. විශේෂයෙන්ම මේ ඇප්ස් ගැන ලොකුවට දන්නෙ නැති උන්දැලනේ මේකට අහුවෙන්නේ. ඉතින් අර පාර්ශවය අතේ තමයි ලණුව තියෙන්නේ කියලා මේ අය දන්නෙ නෑ. ඉතින් අන්තිමට මේ අය ඉල්ලන ඉල්ලන ගණන් දුන්නත්, නොදුන්නත්, ආයෝජනය කරපු සල්ලි වලට කෙලෝගෙන තමයි වැඩේ ඉවර වෙන්නේ!

 ඔයාගෙ ෆෝන් එකට කෝඩ් එකක් ඇවිත් ඇති!

Today popular digital scams

මේක ඔයාලගේ සමාජ මාධ්‍ය හෝ ඊමේල් එකවුන්ට් වලට රිංගන්න ට්‍රයි කරන සමහරු කරන වංචාවක්. ඒකේ අරමුණ එක්කෝ ඔය එකවුන්ට් වල තොරතුරු ඔස්සේ සල්ලි තියෙන එව්වට රිංගන එක වෙන්න පුලුවන්, එකවුන්ට් ආයෙමත් ලබාදෙන්න නම් ගාණක් කඩාගන්න එක වෙන්නත් පුලුවන්, එහෙම නැතිනම් හොර අල්ලන්න හරි වෙන මොනවාම හරි හේතුවක් වෙන්න පුලුවන්. ඒ නිසා, අපි මේකත් ඩිජිටල් ස්කෑම් වලටම දානවා. ගොඩක් වෙලාවට වෙන්නේ ඔන්න අපිට කෝල් කරනවා පොලිසියෙන් හරි සීඅයිඩී එකෙන් හරි කියලා කෙනෙක්. එයා කියනවා අපි එක්කෝ එයාගේ එකවුන්ට් එකකට ඇතුළු වෙන්න හැදුවලු, එහෙම නැතිනම් වෙන මොකක් හරි සයිබර් වංචාවකට අපිත් හවුල් කියලා පෙන්නනවලු. ඔය වගේ මොකක් හරි කතන්දරයක් කියලා මුලින් බය කරන එක කරන්නේ. ඊලඟට කියනවා, හරි බය වෙන්න එපා, ඔයාගෙ ෆෝන් එකට කෝඩ් එකක් එයි, අන්න ඒක මට එවන්න, එතකොට මේක ගොඩදාගන්න පුලුවන් කියලා. ඉතින් දරුවනි, මොකටද ඔය කෝඩ් එකක් අහන්නේ? අහල ඇතිනේ දැන් කාලේ ඕනම එකවුන්ට් එකකට අමතර ආරක්ෂක උපක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා “ටූ-ස්ටෙප්-ඕතන්ටිකේෂන්” කියලා. ඒ කියන්නේ, ෆෝන් එකට එන කෝඩ් එකකිනුත් වෙරිෆයි කරන්න ඕන එකවුන්ට් එකකට ප්‍රවේශ වෙන්න. ආන්න ඒක තමයි මේක!

 ඔබේ ගෘප් එක දැන් මගේ අතේ!

Today popular digital scams

අපි කියමු ඔයාට මොකක් හරි ගෘප් එකක් හරි පේජ් එකක් හරි තියෙනවා කියලා. ඒකේ සෑහෙන්න ප්‍රමාණයක ෆලෝවර් බේස් එකකුත් තියෙනවා කියලා. ආන්න එතකොට මේ විදියේ ස්කෑම් එකකට ඔබත් ගොදුරක් වෙන්න පුලුවන්. වෙන්නේ මේකයි. මුලින්ම පේජ් එක හරි ගෘප් එක හරි හැක් කරනවා. ඒක කරන්න විවිධ ක්‍රම තියෙනවා. ගොඩක් වෙලාවට තමන්ගේ එකවුන්ට් එක ඒ තරම් ආරක්ෂිතව තියාගෙන ඉන්නෙ නැති ඇඩ්මින් කෙනෙක්ගේ එකවුන්ට් එක හැක් කරලා, ඒ ඔස්සේ ගෘප් එකට හරි පේජ් එකට හරි රිංගන එක තමයි කරන්නේ. දැන් හැකර්ස්ලා අතේ තියාගෙන ඉන්න ගෘප් එක හෝ පේජ් එක, ආයෙමත් ලබාදෙන්න නම්, මේ කට්ටිය කප්පමක් ඉල්ලනවා. ගොඩක් වෙලාවට අති විශාල සමූහයක් ඉන්න ගෘප් එකක් නම්, ඉල්ලන ගාණක් ගෙවලා ආයෙ ඒක ලබාගන්න ගොඩක් අය සූදානම්නේ. ආන්න ඒක තමයි වංචාව. අහන්න ලැබෙන විදියට ගොඩක් වෙලාවට බංග්ලාදේශ හැකර්ලා තමයි මේ ස්කෑම් එක ජයටම කරගෙන යන්නේ!


ඔබේ ගිණුමේ ගැටළුවක් තිබේ!

Today popular digital scams

මේකට විරුද්ධව නම් ඔය හැම බැංකුවකින්ම වගේ තමන්ගේ සේවාදායකයින්ව දැනුවත් කරනවා නිතරම. හැබැයි එහෙම වුණාට, මිනිස්සු නම් මේකට තාමත් ජයටම අහුවෙනවා. මේ වංචාව විවිධ විදියට වෙන්න පුලුවන්. එක්කෝ ඊමේල් එකක් එනවා, ඔබේ අහවල් බැංකු ගිණුමේ ගැටළුවක් තියෙනවා, අපි අහවල් බැංකුවේ තාක්ෂණික අංශයෙන්, මේක නිරාකරණය කරගන්න, ඔබේ බැංකු තොරතුරු ඕන කියලා. ගොඩක් වෙලාවට ඊමේල් එක එන්නෙත් අහවල් බැංකුවේ නම තියෙන ෆ්‍රී ඊමේල් එඩ්‍රස් එකකින්. එතකොට ඉතින් සාමාන්‍යයෙන් කෙනෙක් කල්පනා කරලා බලන්න ඕන, ලංකා බැංකුවෙන් ඊමේල් එවනවද කියලා අගට ජීමේල් තියෙන එඩ්‍රස් එකකින්. ඕක විශ්වාස කරල විස්තර දුන්නහම ඉතින් අපේ එකවුන්ට් එකට බබා හම්බෙනවා.

ඕකේ ඊමේල් ක්‍රමේටත් වඩා ජනප්‍රිය විදිය තමයි, කෝල් එකක් දීලා, අහවල් බැංකුවෙන්, විස්තර තහවුරු කරගන්න කියලා අනං මනං ඔක්කොම අහන එක. එහෙම නැතිනම් උඩ විදියටම එකවුන්ට් එකේ එකේ ප්‍රශ්නයක් කියලා, ඒක විසඳන්න කියලා එකවුන්ට් විස්තර අහනවා. ඒවා ටික ගොන්නු වගේ දුන්නොත් එහෙම ඉතින් එකවුන්ට් එකේ සල්ලි ටිකට හරි තමයි!

 මං ඉතාලියේ තනි වුණා!

Today popular digital scams

මේක ඇත්තටම ගොඩක් අය අහුවෙන විදියේ වංචාවක්. ගොඩක්ම තිබුණේ ඊමේල් වල. හැබැයි දැන් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වලටත් ඇවිත්. ගොඩක් වේලාවට වෙන්නේ, තමන් හොඳින්ම දන්න කියන කෙනෙක්ගේ නමින් ඊමේල් එකක් එන එක. ඒකේ කියන විදියට මෙයා මොකක් හරි වැඩකට වෙන රටකට ගිහින්. හැබැයි මෙයාගේ සල්ලි, පාස්පෝට් ඔක්කොම පික්පොකට් ගහලා, නැතිනම් හොටෙල් රූම් එකට හොරු පැනලා. දැන් මෙයාට කරකියා ගන්න දෙයක් නැතුව ඉන්නේ. අන්න ඒ නිසා, මෙයාට ආයෙමත් එන්න හරි එම්බසියට යන්න හරි කීයක් හරි එවන්න කියලා තමයි ඊමේල් එකේ කියන්නේ. ගොඩක් වෙලාවට ඊමේල් එඩ්‍රස් එකත් එයාගේ එකම නිසා, ගොඩක් දෙනෙක් දෙපාරක් හිතන්නෙ නැතුව සල්ලි දානවා. හැබැයි සුපරීක්ෂාකාරීව බැලුවොත් හොයාගන්න පුලුවන්, ඇත්තටම ඔරිජිනල් කෙනාගේ ඔරිජිනල් ඊමේල් එඩ්‍රස් එකේ එක අකුරක් වගේ වැඩි කරලා තමයි මේක හදල තියෙන්නෙ කියලා. උදාහරණෙකට කිව්වොත්, ඔරිජිනල් ඊමේල් එක annakumarasinghe87@gmail.com. එතකොට මේ වංචාව කරන්න හදපු ඊමේල් එක annakumarasinhge87@gmail.com. ඔරිජිනල් එකේ අකුරු දෙකක් එහාට මෙහාට කරලා ෆේක් එක හදල තියෙන්නේ. මේක බැලූබැල්මට කාටවත් අහුවෙන්නෙ නෑ. පරීක්ෂාවෙන් බැලුවත් මේ වෙනස අහුවෙන්නේ එහෙමත් කෙනෙක්ට. අනික, මේ වංචාව කරන්නේ, අදාළ කෙනාගේ මිතුරු කවයක ඉන්න අය ගැනත් හොඳට හොයලා බලලා. දැන් කාලේ අපේ යාලුවෝ කවුද කියන එක පවා ඔන්ලයින් හොයාගන්න පුලුවනිනේ. ආන්න ඒ හින්දා තමයි ගොඩක් අය මේ වංචාවට අහුවෙන්නේ!

 මල්ලි මං ෂර්ලොක් හෝම්ස්!

Today popular digital scams

මේක නං ආයෙ ආතල් ස්කෑම් එකක් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ. හැබැයි අහුවෙන එවුන් ඉන්නවා. ඔන්න එකෙක්ට ෆේස්බුක් එකේ මෙසේජ් කරනවා රොනාල්ඩෝ, එහෙම නැතිනම් සනී ලියෝන්. ඔය වගේ තරු ලෙවල් එකේ ඉන්න කෙනෙක්. ගොඩක් වෙලාවට මැසේජ් එක එන්නේ අදාළ කෙනා ප්‍රසිද්ධ වුණු කාලෙකදී තමයි. මේ මැසේජ් එකෙන් කියන්නේ, එයා උස්බෙකිස්තානේ ෂූටින් ඉවරවෙලා යනකොට පර්ස් එක නැතිවෙලාය, පුලුවන් නම් රුපියල් දෙදාහක් දාන්න වගේ සීන් එකක්. සමහර වෙලාවට ඒ කාලේ ප්‍රසිද්ධ, ඒ ෆීල්ඩ් එකේම තව ඩයල් එකකුත් එතන ඉන්නවා කියලා තමයි මෙසේජ් එකේ තියෙන්නේ. ඉතින් මේවට මිනිස්සු අහුවෙනවද? ඇත්තටම ඔව්. මොකද ලොකු ගණන් නෙවෙයි දාන්න කියන්නේ. හැබැයි ආතල්ම වැඩේ ඒක නෙවෙයි. ලංකාවේ සමහර එවුන්ට මියා කලීෆා මෙහෙම මැසේජ් කරල තිබ්බා සිංග්ලිෂ් වලින්. එතකොට තව සමහරුන්ට මෙසේජ් කරලා තිබ්බා ෂර්ලොක් හෝම්ස්, වොට්සනුත් එහා පැත්තෙ ඉන්නව කියලා!




Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!