zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වැඩුණු මී කලල

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.




ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ ප්‍රථම වරට මීයන්ගේ කලල වැඩෙන්නට සලස්වා තිබෙනවා. ඒ අභ්‍යවකාශයේ දී කාන්තාවන් ගැබ් ගැනීම සෞඛ්‍යාරක්ෂිත ද යන්න පරික්ෂා කර බැලීමේ පර්යේෂණවල එක් අදියරක් ලෙසයි.

“මාස හයක වැනි කාලයක් වැය කරමින් අගහරු වෙත යන අනාගත මෙහෙයුම්වල දී ගැබ් ගැනීම් සිදු වීමේ සම්භාවිතාවක් තිබෙනවා. අපි මේ පර්යේෂණ සිදු කළේ එවැනි තත්ත්වයන් තුළ සුරක්ෂිත ව දරුවන් බිහි කළ හැකි බවට සහතික වීමේ අරමුණින්.” අධ්‍යයනය මෙහෙයවන ජපානයේ යමනෂි විශ්වවිද්‍යාලයේ ටෙරුහිකෝ වකයමා සඳහන් කරනවා.

වකයමා සහ පර්යේෂණ සගයන් මේ පර්යේෂණවල මුල් පියවර කිහිපය සිදු කළේ පෘථිවියේ විද්‍යාගාරයකයි. එහි දී මී මව්වරුන්ගේ කුසයෙන් මූලික අදියරේ පසු වන කලල ඉවත් කරගෙන හිමායනයට ලක් කිරීම සිදු වුණා. ඒවා අභ්‍යවකාශය වෙත යැවුණේ 2021 අගෝස්තුවේ ISS වෙත ඇදුණු SpaceX මෙහෙයුමකින්. ඒවා වකයමා ඇතුළු පිරිස විසින් සැලසුම් කරන ලද සුවිශේෂ උපාංගයක් තුළ බහා තිබුණා.

ISSහි ගගනගාමීන් විසින් ඒවා පිටතට ගෙන දින හතරක් පුරා වැඩෙන්නට සලස්වා තිබුණා. අනතුරුව රසායනික වශයෙන් සංරක්ෂණය කරන ලද එම කලල ආපසු එන මොඩියුලයක් ඔස්සේ පෘථිවියට එවනු ලැබුණා.

පර්යේෂණ කණ්ඩායම ආපසු මිහිපිටට ආ කලල අධ්‍යයනය කළේ අභ්‍යවකාශයේ ඇති විකිරණය සහ අඩු ගුරුත්වය ඒවායේ වර්ධනය⁣ට බලපා ඇත් දැ යි සොයාබැලීමටයි. කෙසේ නමුත් විකිරණයට නිරාවරණ වූ අඩු කාල පරාසය හේතුවෙන් ඒවායේ DNA හානියට පත් වී තිබුණේ නැහැ.

ඒවා සාමාන්‍ය වර්ධනයක් පිළිබිඹු වුණා. භ්‍රෑණයට සහ කලලබන්ධයට පදනම දමන සෛල කාණ්ඩ දෙකක ම වර්ධනය සාමාන්‍ය වී තිබුණා. එය වැදගත් සොයාගැනීමක් වන්නේ මෙතෙක් ක්ෂුද්‍ර ගුරුත්වය යටතේ මෙම දෙවර්ගයකට අයත් සෛල ලෙස විභේදනය කලලයට අහිතකර ලෙස බලපානු ඇති බව සිතා සිටීම නිසයි.

පරීක්ෂණ ප්‍රතිඵල මත අනාගතයේ දී අභ්‍යවකාශයේ ක්ෂිරපායි ප්‍රජනනයන් සිදු කිරීමට ඉඩ තිබෙන බව වකයමා සඳහන් කරනවා.

New Scientist ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!