zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

දුර්ලභ ග්‍රීන්ලන්ත මෝරෙක් කැරිබියන් මුහුදෙන් මතු වෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.




විශේෂත්වය නම් ලොව පැරණිම මෝරා එනම් වසර 512ක් වයසැති මෝරකු වාසය කරනුයේ ග්‍රීන්ලන්තයේ ය. මොහුද එම වර්ගයේම මෝරෙකු වේ. 


ශ්‍රව්‍ය ගොනුවට සවන් දෙන්න


ග්‍රීන්ලන්තයේ අවට සිසිල් කරදියේ වාසය කරන අතිශය දුර්ලභ ගනයේ මෝර විශේෂයක් වන ග්‍රීන්ලන්ත මෝරෙකු (Greenland shark) ප්‍රථම වතාවට කැරිබියානු මුහුදින් මතු වී ඇති බව මෑතක දී පළ වූ සාගර අධ්‍යයනයකින් පෙන්වා දෙනවා. මෙම මෝරා සිය ස්වභාවික වාස භූමියෙන් සැතපුම් දහස් ගණනක් ඈතින් පිහිටි නිවර්තන සාගර කලාපයකට පිවිසීම ගැන සාගර විද්‍යාඥයන් ද මවිතයට පත් ව සිටිනවා.

අධ්‍යයනය පළ වූ Marine Biology ජර්නලයේ සඳහන් අන්දමට මේ දුර්ලභ අමුත්තා හමු වී තිබුණේ මධ්‍යම ඇමරිකාවට අයත් බෙලයිස් වෙරළ තීරයට ඔබ්බෙන් පිහිටි සාගර කලාපය තුළ කොටි මෝරුන් (tiger sharks) සංකේතනය කරමින් සිටින මොහොතකයි.

‘අපි එක්වර ම දුටුවා ජල තලයට යටින් ඉතා හෙමින් චලනය වෙමින් උදාසීන ලෙස පිහිනන මාළුවෙක්. පෙනුමෙන් නම් දිස් වුණේ ප්‍රාග්ඓතිහාසික යුගවල ඉඳන් පැවත එන සතෙක් වගෙයි.’ පර්යේෂණ කණ්ඩායමේ සිටි ජීවවිද්‍යාඥවරියක වන Devanshi Kasana පවසනවා.

ඔවුන් මුල දී ඒ සික්ස්ගිල් මෝරෙකු විය හැකි බව සිතුවත් අනතුරුව වඩාත් හොඳින් නිරීක්ෂණයට ලක් කිරීමේ දී ග්‍රීන්ලන්ත මෝරකු බව තහවුරු කරගෙන තිබෙනවා. පර්යේෂණ කණ්ඩායමේ සිටි විද්‍යාඥ Hector Daniel Martinez සඳහන් කර තිබුණේ එම මෝරා ‘ඉතා ම වියපත්’ බවක් පෙනී ගිය බවයි.

Somniosus microcephalus ලෙස විද්‍යාත්මකව හැඳින්වෙන ග්‍රීන්ලන්ත මෝරුන් ලොව වෙසෙන පෘෂ්ඨවංශිකයන් අතුරින් වැඩි ම ආයු කාලයක් වළඳන සත්ත්ව විශේෂය ලෙස සැලකෙනවා. ඔවුන්ගේ ආයු කාලය වසර 250ත් 500ත් අතර ඇති බව සාගර ජීව විද්‍යාඥයන් උපකල්පනය කරනවා. 2016 දී කරන ලද අධ්‍යයනයකින් අනාවරණ වී ඇති පරිදි ඔවුන්ට ලිංගික පරිණත භාවයට පත් වීමට වසර 134ක් පමණ ගත වනවා. අඩි 24ක උපරිම දිගින් යුතු වන ග්‍රීන්ලන්ත මෝරුන්ගේ සිරුර වසරක කාලයක් තුළ වර්ධනය වන්නේ අඟල් 0.4කින් පමණයි.

මේ අනපේක්ෂිත හමුව සමගින් ග්‍රීන්ලන්ත මෝරා ආක්ටික් සාගරයේ සිට කැරිබියානු සාගර කලාපය දක්වා සංචරණය කළේ ද, නැතහොත් දිගු කලක් තිස්සේ එහි ම වාසය කළේ ද යන පැනයන් මතු වනවා.
තවමත් ඊට පිළිතුරක් නැතත්, ඔවුන් මිනිස් ඇසට හොරා අඳුරු ගැඹුරු කැරිබියන් සාගර කලාප තුළ ද සැරිසැරීමට යම් ඉඩකඩක් තිබෙන බව Mote Marine Laboratory and Aquariumහි මෝර පර්යේෂණ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන Demian Chapman සඳහන් කරනවා.

Science Alert ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්




Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!