zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

බ්‍රන්ට් අන් කවර දාකටත් වඩා වේගයෙන් පා වෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.






දක්ෂිණ ධ්‍රැවයේ කිලෝමීටර දහස් ගණනක වපසරියකින් යුතු Brunt ලෙස හැඳින්වෙන පාවෙන අයිස් අයිස් තට්ටුව මත එක්සත් රාජධානියට අයත් හැලී පර්යේෂණ නැවතුම්පොළ පිහිටා තිබෙනවා. Brunt අයිස් තට්ටුවෙන් ගැලැවී ගිය සුවිශාල අයිස් පදාස දෙකක් නිසා එහි ප්‍රෙව්ගය වැඩි වෙමින් පවතින බව හැලී නැවතුම්පොළ මඟින් ග්‍රහණය කරගෙන තිබෙනවා. හදිසියේ සිදු වන තවත් ගැලැවී යාම් හමුවේ අයිස් තට්ටුව ඉතා ඉක්මනින් පිරිහී යනු ඇතැයි විද්‍යාඥයන් අනුමාන කරන්නේ නැතත් British Antarctic Survey බලධාරීන් සඳහන් කර තිබෙන්නේ සිය පර්යේෂණාත්මක මෙහෙයුම් සුපුරුදු රිද්මයෙන් සිදු කරගෙන යාමට නම් අයිස් තට්ටුව වඩාත් ස්ථාවර තත්ත්වයකට පත් වන තුරු බලා සිටිය යුතු බවයි. කෙසේ නමුත් එහි රැඳී සිටිමින් අධ්‍යයන කටයුතුවල නිරත වීමට තර්ජනයක් පැනවී ඇති බව මෙතෙක් නිරීක්ෂණය වී නැහැ.

ශීත ඍතුවේ නැවතුම්පොළ වෙත කාර්යමණ්ඩලය යැවීම නතර කර දැමුණේ අදින් වසර හතකට පෙරයි. එම නිසා හේලි නැවතුම්පොළේ දැන් මිනිසුන් වාසය කරන්නේ දක්ෂිණ අර්ධගෝලයට නොවැම්බරය දී ඇරඹෙන ග්‍රීෂ්ම ඍතුවේ දී පමණයි. මේ නොවැම්බරයේ දීත් සැපයුම් පටවාගත් නැවක් ද සමගින් හතළිහක කණ්ඩායමක් එහි යෑමට නියමිත ව තිබෙනවා.

හැලී නැවතුම්පොළේ හිඳිමින් පර්යේෂණ ගණනාවක් සඳහා මූලිකත්වය දැරූ මහාචාර්ය Dominic Hodgson සඳහන් කරන්නේ තමා ඉන් උද්‍යෝගයට පත් ව සිටින බවයි. ‘අයිස් තට්ටුව කොටස්වලට කැඩී අපගේ යටිතල පහසුකම්වලට තර්ජනයක් ඇති කරනු ඇති බවක් තව ම නිරීක්ෂණය වී නැහැ. එනිසා අපි පහුගිය අවුරුදු කිහිපය පුරා කළ දේ ම, වෙනත් විදිහකට කිවහොත් අයිස් තට්ටුවෙන් බලාපොරොත්තු නො වන හැසිරීම් රටාවක් පළ වේවි දැ යි නිරීක්ෂණයේ යෙදෙනවා’ ඔහු සඳහන් කරනවා.

මහාචාර්ය Hodgson සිය BASහි සමකාලීනයන් වන Oliver Marsh සහ Adrian Luckman සමග Brunt අයිස් තට්ටුවේ වත්මන් හැසිරීම ගැන සම්පාදනය කරන ලද වාර්තාවක් The Cryosphere ඔන්ලයින් ජර්නලයේ පළ වී තිබුණා.

Brunt යනු ඇන්ටාක්ටිකා මහාද්වීපයෙන් ගැලැවී වෙඩල් මුහුද දෙසට ඇදී ආ මීටර 150-200 අතර ඝනකමක් සහිත දැවැන්ත අයිස් ස්කන්ධයක්. කලකට පෙර මැන බලා ඇති පරිදි එහි ඇදී යාමේ වේගය වූයේ වසරකට මීටර 400ත් 800ත් අතර දුර ප්‍රමාණයකට සීමා වුණා. නමුත් 2023 වසරේ ආරම්භයේ දී එය මීටර 900ක් තරම් ඉහළ ගිය අතර ඉකුත් අගෝස්තුව වන විට මීටර 1,500ක් දක්වා වැඩි වී තිබුණා. මේ බව හඳුනා ගැනුණේ හැලී නැවතුම්පොළ අවට ඇති සංවේදක සහ ESA මඟින් කක්ෂගත කර ඇති Sentinel-1a චන්ද්‍රිකාවේ රේඩාර් නිරීක්ෂණ මඟින්. මෙලෙස අයිස් තට්ටුවේ ප්‍රෙව්ගය වැඩි වන්නට පටන්ගෙන ඇත්තේ 2021 වසරේ දී ඉන් A74 නම් සුවිශාල අනු අයිස් තට්ටුවක් විඡේදනය වීම හේතුවෙන්. මේ වසරේ දී ඉන් ගැලැවී ගිය A81 නම් දෙවැනි අයිස් තට්ටුව එහි ප්‍රෙව්ගය තවත් වැඩි කරන්නට සමත් වී තිබෙනවා.

BBC Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්




Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!