zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

සුන් වූ රුසියානු බලාපොරොත්තුව - Luna 25

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 

අද අපි කියන්න යන්නේ මේ දිනවල බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වූ මාතෘකාවක් ගැන. ඒ තමයි රුසියානු රාජ්‍ය අභ්‍යවකාශ ඒජන්සිය වන Roscosmos මගින් කාලයකට පස්සෙ දියත් කරපු වූ චන්ද්‍ර මෙහෙයුම වන Luna-25 යානය ගැන. අඩ සියවසකට ආසන්න කාලයකට පස්සෙ රුසියාව නැවත චන්ද්‍ර ගවේෂණයට යොමු වීම මෙම මෙහෙයුමේ තවත් එක් විශේෂත්වයක්. ඉතින් මේ වගේ විශේෂ මෙහෙයුමක් වුණ Luna 25 යානය සඳ මතුපිටට ගොඩබැසීමට නියමිතව තිබුණේ පසුගිය අගෝස්තු 21 වැනිදා. රුසියානුවන් ඇතුළු ලෝක වාසී බොහෝ දෙනෙක් දෑස් දල්වා බලා සිටි එම යානය පසුගිය අගෝස්තු 19 වැනිදා අවාසනාවන්ත විදියට සඳ මතුපිටට කඩා වැටී විනාශ වෙලා ගියේ ඒ සියලුම බලාපොරොත්තු බිඳ දමමින්.


Luna 25 කියන්නේ සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ස්පර්ශ කළ පළමු අභ්‍යවකාශ යානය බවට පත්වීමට ඓතිහාසික මෙහෙයුමක යෙදී සිටි යානයක්. එය නිර්මාණය කරලා තිබුණේ සඳෙහි ශීත කළ ජලය සහ වටිනා මූලද්‍රව්‍ය රඳවා ගත හැකි යැයි විද්‍යාඥයන් සිතන කොටසක් ගවේෂණය කිරීම සඳහායි. කෙසේවෙතත් මේ අභ්‍යවකාශ යානය එහි ගොඩබෑමට පෙර පාලනයෙන් ගිලිහී කක්ෂය හුවමාරු වීමෙන් එයට මෙම ඛේදජනක ඉරණම අත් වුණා.


රුසියාවේ Roscosmos ආයතනය පසුගිය අගෝස්තු 19 වන සෙනසුරාදා දින එරට වේලාවෙන් 14:57ට (GMT 11:57) පසුව Luna 25 සමඟ පැවති සම්බන්ධතා නැති වූ බව වාර්තා කළා. මූලික පරීක්ෂණවලින් පෙනී ගියේ කිලෝග්‍රෑම් 800ක් බරැති ගොඩබැසීමේ යානය චන්ද්‍ර පෘෂ්ඨයේ ගැටීමෙන් එහි සම්බන්ධතා නතර වී ඇති බවයි.


Luna 25 යානය කඩා වැටීම අභ්‍යවකාශ ගවේෂණයට ආවේණික අවදානම් සහ අභියෝග පිළිබඳ තියුණු සිහිගැන්වීමක්. විවිධ සම්බාධක හේතුවෙන් බටහිර තාක්‍ෂණයට ප්‍රවේශ වීමේ දුෂ්කරතාවන්ට මුහුණ දෙන විට පවා රුසියාව ජාත්‍යන්තර අභ්‍යවකාශ ක්ෂේත්‍රය තුළ තමන්ට හිමි ස්ථානය තහවුරු කර ගැනීමට ඔවුන් සතු අධිෂ්ඨානය මනාව පැහැදිලි වෙනවා.


Luna 25 මෙහෙයුම එහි අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර නොතිබුණ ද මෙමගින් චන්ද්‍ර ගවේෂණයේ රුසියාව සතු හැකියාවන් වැඩි දියුණු කරගන්න හැකියාව ලැබෙනවා. මෙම පසුබෑම නොතකා චීනය සහ එක්සත් ජනපදය ඇතුළු අනෙකුත් ජාතීන් ඔවුන්ගේ චන්ද්‍ර අභිලාෂයන් පසුපස හඹා යන බැවින්, සඳෙහි රහස් හෙළිදරවු කර ගැනීමේ තරගකාරී ගවේෂණය දිගටම පවතිනු ඇත.


සංවාදයට විවෘතයි. මේ පිළිබඳ ඔබේ අදහසත් පහළින් comment කරන්න.


මෙවැනිම වූ තවත් ලිපියක් සමගින් අපි නැවත හමු වෙමු. එතෙක් ඔබට සුභ දවසක්!


මූලාශ්‍ර -


1) https://www.bbc.com/news/world-europe-66562629

2) https://nssdc.gsfc.nasa.gov/nmc/spacecraft/display.action?id=LUNA-25

--------------------------------------------------------

මිහිසර කවීෂ,

සහකාර ලේකම් (2023),

නාලන්දා විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය.

--------------------------------------------------------

කර්තෘගේ අවසරයකින් තොරව වෙනත් මාධ්‍යයක පළ කිරීමෙන් වළකින්න. උපුටා ගන්නේ නම් කරුණාකර ලිපියේ කර්තෘ අයිතිය සුරකින්න. 

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!