zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

සෙනසුරු සහ පෘථිවිය අතර සමීපතම පිහිටීමක් අද රාත්‍රියේ සිට

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 Andromeda Astro:


මේ වසරේ සෙනසුරු නිරීක්ෂණයට ඇති හොඳම දිනය මෙය වේවි!

Saturn at opposition 2023 - August 26/27

මේ වසරේ සෙනසුරු ග්‍රහලෝකය නිරීක්ෂණය කිරීමට ඔබට ලැබෙන හොඳම අවස්ථාව තමයි අද රාත්‍රීයේදී උදා වන්නේ. මේකට හේතුව තමයි සෙනසුරු Opposition පිහිටුමෙහි පැවතීම.

Opposition පිහිටුම යනු කුමක්ද?

Opposition පිහිටුම කියන්නෙ පෘථිවියට බාහිරින් පවතින යම් ග්‍රහලෝකයක් පෘථිවිය සහ සූර්යයා සමඟ ඒක රේඛීයව පවතින පිහිටුමට. නමුත් මෙතනදි අනිවාර්යයෙන් අදාල බාහිර ග්‍රහලෝකය සහ සූර්යයා අතර පෘථිවිය පැවතිය යුතුයි. (ඉහත දෙවන රූපය බලන්න.) පෘථිවියට බාහිරින් පවතින ඕනෑම ග්‍රහලෝකයක් මේ Opposition පිහිටීමේදී එය එහි කක්ෂයේ වෙනත් පිහිටීම් වලට වඩා පෘථිවියට ආසන්න වීම ද සිදුවනවා. එසේම එම ග්‍රහලෝවට වැටුනු සූර්යාලෝකය අප දෙසට සෘජුව පරාවර්තනය වීම නිසාත් අපට වෙනදාට සාපේක්ෂව වැඩි දීප්තියක් සහිතව එවිට නිරීක්ෂණය කල හැකියි. (සඳේ පසලොස්වක දින පිහිටුම මතකයට නගා ගන්න.)

ඉතින් අද දින මේ ආකාරයට සෙනසුරු ග්‍රහලෝකය පෘථිවියට ආසන්නව, Opposition පිහිටුමේ ගමන් කිරීම සිදුවනවා. අද දින පෘථිවිය සහ සෙනසුරු අතර පරතරය වෙනදා ඒ දෙක අතර සාමාන්‍ය පරතරයට වඩා කිලෝමීටර මිලියන 65 කින් පමණ අඩුයි. නමුත් සෙනසුරු - පෘථිවිය අතර දළ පරතරය සමග සැසඳීමේදී මේ අගය ඉතාමත් කුඩා අගයක්. මේ නිසා අපට සෙනසුරුගේ සැලකිය යුතු විශාලත්ව වෙනසක් පියවී ඇසට දැකගැනීමට නොහැකියි. එසේ වුවත් සාමාන්‍ය දුරේක්ෂයක් භාවිතයෙන් එකම විශාලන බලයක් සහිතව ඔබ අවුරුද්දෙ වෙනත් දිනකදී සහ අද දින සෙනසුරු නිරීක්ෂණය කලහොත් එම වෙනස තරමක් හඳුනාගැනීමට පුලුවන්. සාමන්‍යෙන් සෙනසුරු අපට දුරින්ම ඇති අවස්ථාවක එහි කෝණික විශ්කම්භය වෙන්නෙ විකලා 14.5ක් පමණ. නමුත් අද දින එම අගය විකලා 19පමණ දක්වා වැඩිවීම සිදුවනවා. (විකලා එකක් යනු අංශක 1/3600කි.)

එසේවුවත් එහි දීප්තියේනම් ඉතා සුළු වැඩිවීමක් පියවී ඇසට දැකගන්න පුළුවන්. අද දින එහි දෘෂ්‍ය දීප්ති විශාලනය වෙන්නෙ + 0.4ක් පමණ. නමුත් සෙනසුරු පෘථිවියට දුරින්ම පිහිටන අවස්ථාවක එම අගය +1.17ක් පමණ දක්වා වැඩිවීම සිදුවනවා. දෘෂ්‍ය දීප්ති විශාලනය කියන්නෙ රෑ අහසෙ අපිට පේන ආකාශ වස්තු වල දීප්තිය පිළිබඳ මිනුමක්. යම් වස්තුවක මේ අගය ධනව වැඩිවෙන්න වෙන්න එහි අපට පෙනෙන දීප්තිය අඩු වෙනවා. ඒවගේම ඍණව වැඩිවෙනව කියන්නෙ අපට පෙනෙන දීප්තිය වැඩිවෙනව කියන එක. ඉතින් සෙනසුරුගෙ එම අගය +0.4 ක් කියන්නෙ වෙනදාට සාපේක්ෂව එහි දීප්තියේ සුළු වැඩිවීමක් ඔබට පියවි ඇසින් දැකගන්න පුළුවන්.

මෙය නිරීක්ෂණය කරන්නෙ කොහොමද?

අද දින සෙනසුරු නැගෙනහිර ක්ෂිතිජයෙන් උදාවීම සිදුවන්නේ ප.ව. 6.22ට පමණ. ඒවගේම එය බැසයන්නේ හෙට පෙ.ව. 6.12ට පමණ. ඒ කියන්නෙ ඔබට මෙය දැන් සිට හෙට පහන් වන තුරු ඕනෑම වෙලාවක පියවී ඇසින් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඔබ අද රාත්‍රියේදී නිරීක්ෂණය කරන්න බලාපොරොත්තු වෙනවනම් රාත්‍රී 8.30ට පමණ නැගෙනහිර අහස නිරීක්ෂණය කරන්න. ඒ වෙලාවට නැගෙනහිර ක්ෂිතිජයෙන් අංශක 30ක් පමණ ඉහළ අහසේදී ඔබට මෙය දැකගන්න පුළුවන්. ඒ වෙලාවට වන විට නැගෙනහිර අහසේ තිබෙන දීප්තිමත්ම ග්‍රහලෝකය එය නිසා ඔබට එය සොයාගැනීම එතරම් අපහසු නොවේවි. එසේත් නැත්නම් එහි පිහිටීම හඳුනාගැනීමට ඔබට පුළුවන් Stellarium app එක ඔබේ Mobile phone එකට install කරගන්න.

ඔබ මෙය දුරේක්ෂයකින් නිරීක්ෂණය කරන්න බලාපොරොත්තු වෙනවනම් ඔබට පුළුවන් වෙයි සෙනසුරුගේ වළලු, කැසිනි බෙදීම්, සහ චන්ද්‍රයින් කිහිපදෙනෙකුත් වෙනදාට වඩා පැහැදිලිව දැකබලාගන්න.

ඒවගේම අපි බලාපොරොත්තු වෙනවා මේ අවස්ථාවේදී අපගේ දුරේක්ෂ හරහා ලබාගත් සෙනසුරුගේ චායාරූප ඔබ වෙත සමීප කරන්න. එසේනම් එතෙක් රැඳීසිටින්න.....


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!