zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ජපාන සමාගම් ගොමවලින් නැව් ඉන්ධන තනන්න යයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ජපාන සමාගම් කිහිපයක් එක් ව නෞකා සඳහා පරිසර හිතකාමී ඉන්ධන වශයෙන් සත්ත්ව වසුරු යොදා ගැනීමේ හැකියාව පිළිබඳ අධ්‍යයනය කරමින් සිටිනවා.

මේ සඳහා එක් ව කටයුතු කරන්නේ ජපානයේ ප්‍රධාන නැව් සමාගමක් වන Mitsui OSK Lines (MOL) සහ Takanashi Milk Products නම් එරට කිරි නිෂ්පාදන සමාගමයි. එයට අමතර ව Hamanaka Town, JA Hamanaka”Hokkaido Gas Co සහ MOL Sunflower යන සමාගම් ද මේ සඳහා එක් වී සිටිනවා. පරිසර හිතකාමී ජෛව ඉන්ධන ඵලදායී ලෙස නාවික ගමනාගමනය සඳහා භාවිතයට ගැනීමේ ශක්‍යතාව අධ්‍යයනය කිරීම ඔවුන්ගේ අරමුණයි. එය සාර්ථක වුවහොත් 2050 වන විට කාබන් විමෝචනය ශුන්‍යය දක්වා පහත දැමීමේ ජපානයේ හරිත අරමුණ කෙරෙහි උත්ප්‍රේරණයක් වනු ඇති.

“මේ අධ්‍යයනය මඟින් සංවිධාන හය සිදු කරන්නේ Hamanaka නගරයේ නිපදවෙන ජෛව ඉන්ධන කර්මාන්තශාලා සහ නැව් සඳහා ඉන්ධන ලෙස භාවිත කිරීමේ ශක්‍යතාව පරීක්ෂා කර බැලීමයි. 2050 දී ශුන්‍ය විමෝචන ඉලක්කය ළඟා කර ගැනීම පිණිස එය ඉවහල් වනු ඇති.” ඔවුන් මාධ්‍යය වෙත නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ ව්‍යාපෘතියේ දී ප්‍රමුඛස්ථානය ලබා දෙන්නේ ජීව වායුව ආධාරයෙන් ජෛව ඉන්ධන නිපදවා ගැනීම කෙරෙහියි. මේ සඳහා ප්‍රදේශය අවට කිරි ගොවිපලවලින් ලබා ගන්නා ගොම යොදා ගැනීමට බලාපොරොත්තු වනවා. එය ජපානය තුළ කාබනික අපද්‍රව්‍ය කළමනාකරණයට ද පහසුවක් වනවා.

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!