zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

මෙගලෝඩන් ප්‍රතිවාදීයා ලිවියාතන් (Livyatan)

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 


 





වසර මිලියන දහයකට ඉහතදී පෘථිවි සාගරයේ සිටි බලවතා කවුරුත්දැයි විමසුවහොත් බොහෝ දෙනාගේ පිලිතුර මෙගලෝඩන් විය හැකිය. නමුත් එය මෙගලෝඩන් වඩාත් ප්‍රකට ප්‍රාග් ඓතිහාසික ජීවියෙකු විම නිසා ලැබෙන පිලිතුරකි. සත්‍ය වශයෙන්ම මෙගලෝඩන්ට පවා මයෝසීන යුගයේ සාගර ආධිපත්‍යයේ තනි හිමිකරවා වීමට නොහැකි විය. ඊට හේතුව තවත් බලවතෙකු සිටීමයි. ඒ ලිවියාතන් තල්මසුන්ය.

නූතන තල්මසුන් එතරම් ප්‍රචණ්ඩකාරී සහ විශාල ගොදුරු දඩයම් කරන විලෝපිකයන් නොවේ. නමුත් ලිවියාතන් යනු මෙගලෝඩන් වැනිම දරුණු අග්‍ර විලෝපිකයෙකි. ඔවුන් sperm තල්මසුන්ගේ සමීප ඥාතීන් වන අතර ප්‍රමානයෙන්ද බොහෝ දුරට සමාන වේ. නූතන sperm තල්මසුන් දැල්ලන් වැනි කුඩා සතුන් ආහාරයට ගැනීමට නැඹුරු වී සිටියද, ලිවියාතන් එකල සාගරයේ පිහිනූ ඕනෑම විශාල ජීවියෙකු දඩයම් කර ඇත.

⁣ලිවියාතන් යනු macroraptorial sperm whale යනුවෙන් හඳුන්වන, දැනට මුලුමනින්ම වඳවී ගොස් ඇති තල්මසුන්ගේ පවුලක් වන Physeteroidea පවුලට අයත් තල්මසුන් විශේෂයකි. මෙම පවුලේ⁣ බොහෝ සාමාජිකයන් තමන් ජීවත්වූ සාගර කාලාප තුල අග්‍ර විලෝපිකයන් විය.⁣ මෙම පවුල Acrophyseter, Albicetus, Brygmophyseter, Livyatan සහ Zygophyseter නම් ගණ පහකින් යුක්ත වන අතර ලිවියාතන් එයින් එක් ගණයක් පමනි. Livyatan ගණයේ දැනට හඳුනාගෙන ඇත්තේ  Livyatan melvillei නම් එක් විශේෂයක් පමනි. බයිබලයේ සඳහන් වන මුහුදු රකුසා වන Leviathan ගේ නම අනුව සහ මෝබි ඩික් කතාවේ රචකයා වන Herman Melville ගේ නම එක්කරමින් අදාල ගණය සහ විශේෂය නම්කර ඇත.

ලිවියාතන් ගේ මුළු දිග මීටර් 13.5-17.5 (අඩි 44-57) පමණ වන බව ඇස්තමේන්තු කර ඇත, එය නූතන sperm තල්මසුන්ගේ (Physeter macrocephalus) ප්‍රමානයට බොහෝ දුරට සමාන වේ, ඔවුන් දැනට හඳුනාගෙන ඇති විශාලතම විලෝපිකයන්ගෙන් එකකි. ලිවියාතන් ගේ දත් 36.2cm (අඩි 1.19) පමන දිගුවේ, මෙය ඇතුන්ගේ දල  හැරුනු විට, දන්නා ඕනෑම සතෙකුගේ විශාලතම දත් වේ. එය අනෙකුත් රැප්ටෝරියල් sperm තල්මසුන්ගෙන් වෙන්කර හඳුනාගනු ලබන්නේ හිස් කබලේ සහ නාසයේ දිග ප්‍රමාණයෙනි. එම කොටසේ අඩංගු අධික මේධය සහිත ඉන්ද්‍රිය echolocation සහ සන්නිවේදනය සඳහා සැකසී ඇතැයි සැලකේ.

ඔවුන්ගේ සොයාගෙන ඇති පොසිල බොහෝ දුරට දත් සහ හිස්කබල්වේ. ඒවායේ ප්‍රමානයන් නුතන sperm තල්මසුන් ගේ ප්‍රමානය සමග අනුපාතිකව සමාන බැවින්, ලිවියාටන්, නූතන sperm තල්මසුන් ගේ ප්‍රමානයට සමාන වන්නට ඇතැයි අනුමාන කල හැකිය. ඇතැම් විට විශාලතම sperm තල්මසුන් ගේ බර ටොන් 62 ක් පමන වන අතර කලාතුරකින් වාර්තා වී ඇති මීටර් 20.7 ක් පමන වන sperm තල්මසුන් ගේ බර ටොන් 70 ට වඩා වැඩිවේ. එබැවින් ලිවියාතන් ද ඒහා සමාන ප්‍රමානයන් කරා ලඟාවන්නට ඇත.

ලිවියාටන් පොසිල ව්‍යාප්තව ඇති ප්‍රදේශ සහ ඒවායේ කාල වකවානු පිළිබඳව සැලකූ විට, ඔවුන් සහ මෙගලෝඩන් එකිනෙකා මුන ගැසෙන්නට ඇතැයි පහසුවෙන් අනුමාන කල හැකිය. මෙම විශේෂ දෙකේ ප්‍රමානයන් සහ බලවත් විලෝපික හැසිරීම හේතුවෙන් එකල සාගරයේ ප්‍රධාන තරඟ කරුවන් දෙදෙනා විය හැකිය. ඔවුන් එකම ගොදුරක් සඳහා නිසැකවම දරුණු ලෙස තරඟ කරනවාට අමතරව ඒක් විශේෂයක වැඩිහිටියන්, අනෙක් විශේෂයේ පැටවුන් සහ දුබලයන්වද ගොදුරු කරගන්නට ඇත. මයෝසීන යුගය අවසානයේ ඇතිවූ සිසිලන ක්‍රියාවලිය හේතුවෙන් ලිවියාතන් වඳවී යන්නට ඇත. සිසිල් දේශගුනය තල්මසුන් වැනි ක්ශීරපායී සතුන් සඳහා හිතකර වුවද, ඔවුන් ආහාරයට ගත් අනෙකුත් විශේෂ වලට අයත් සාගර ජීවීන් වඳවී යෑම හේතුවෙන් ඇතිවූ ආහාර හිඟය, ලිවියාතන් ගේ වඳවීම කෙරෙහි බලපාන්නට ඇතැයි සැලකේ.

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!