zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

චන්ද්‍රයාගේ බලපෑමෙන් මුහුදේ උදම් රළ ඇති වෙන අයුරු

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


පෘථිවියේ වෙසෙන අපට චන්ද්‍රයා බලපාන්නේ කෙසේදැයි ඔබ කීපදෙනකුගෙන් ඇසුවොත් ඔබට විවිධ පිළිතුරු ලැබෙනු ඇත.සමහරු පුරහද දවසට පිස්සන්ගෙ පිස්සු වැඩි වෙනු ඇතැයි කියනු ඇත.අල හිටවන්න හොඳයි කියයි සර්පයෙක් දෂ්ඨ කරාම විෂ වැඩියි කියලත් කියයි.නමුත් තව කෙනෙක් ඔබට කියයි  උදම් රළ ඇති වෙනවා කියලා.සමහර විට ඔබට ඒ කෙනෙක් ගන්න විශ්වාසයක් ඇති වෙන්නැති.ඇත්තටම උදම් රළ ඇතඇතිවීමට චන්ද්‍රයා බලපානවා.ඉතින් අද කතා කරන්න යන්නේ උදම්රළ ඇතිවීමට  චන්ද්‍රයාගේ බලපෑම ගැනයි.


වාතය පිරවූ බැලුනයක මතුපිට පැත්තකට ඇද්දොත් ඒ පැත්තට බැලුනය නෙරා යනු ඇත.විරුද්ධ පැති දෙකෙන්ම ඇද්දොත් දෙපැත්තටම නෙරා යයි.මෙවැනි සංසිද්ධියක්   උදම් රළ යනුවෙන් හැඳින්විය හැකිය.


චන්ද්‍රයාගේ හා සූර්යයාගේ ගුරුත්ව බලය විසින් පොළවේ මුහුදු ජලය,බැලූනයේ මතුපිට පැතිවලට ඇදුනා මෙන් ඉහලට අදී.එවිට මුහුදු ජල මට්ටම ඉහළ යයි.චන්ද්‍රයා සූර්යයාට වඩා කුඩා වුව ද,සාපේක්ෂව අපට හරි කිට්ටුයි.ඒ නිසා පෘථිවියේ වැඩියෙන් උදම් රළ ඇති කරන්නේ චන්ද්‍රයාය.


උදම් වර්ග දෙකකි.බොහෝ ඉහල නගින උදම් වලට වඩදිය උදම් කියති.මිටි උදම්වලට බාදිය උදම් කියති.පොළවේ දෙපැත්තකට වඩදිය උදම් ඇතිවෙන විට අනිත් දෙපැත්තේ බාදිය උදම් ඇතිවේ.අමාවක දාට චන්ද්‍රයාත් සූර්යයාත් එකපැත්තකය.එවිට චන්ද්‍රයාගේ හා සූර්යයාගේ ගුරුත්ව බලය එකතු වේ.එවිට උදම් බොහෝ උසට නගී.මේ වඩදිය උදම් ය.මේ චන්ද්‍රයායා ඇති පැත්තෙත් ඊට විරුද්ධ පැත්තෙන් වේ.

අනිත් දෙපැත්තේ බාදිය  උදම් වෙයි.


පුර පසළොස්වක දා චන්ද්‍රයා පිහිටන හැටි  ඔබට මතක ඇති. එදාටත් චන්ද්‍රයා එක පැත්තක සූර්යයා අනිත් පැත්තෙය. එවිට සූර්යාගේ හා චන්ද්‍රයාගේ   ගුරුත්ව බලය එකතු  වෙයි.  එවිට මහ වඩදිය  උදම්  සූර්යයා හා චන්ද්‍රයා ඇති පැතිවල ඇති වේ.  අනිත් දෙපැත්තේ  බාදිය  උදම් ඇතිවේ.


සෘජු කෝණයක පොළොවත්,සෘජු කෝණයේ, දෙපාදයේ චන්ද්‍රයාත්  සූර්යයා පිහිටි විට ද  උදම් ඇතිවේ.  එදාට   චන්ද්‍රයා  පැත්තේ සුළු වඩදිය උදම්ය .සූර්යයා පැත්තේ බාදිය උදම් විය. මෙහෙම උදම් ඇතිව ඇති වන්නේ පුර අටවක දාට සහ අව අටවක දාට වෙයි.  චන්ද්‍රයාගේ ගුරුත්ව බලය නිසා ඇතිවන  උදමක උස සෙන්ටිමීටර් හතළිස් එකක් පමණ වේ.  සූර්යාගේ ගුරුත්ව බලය නිසා ඇතිවන උදම් රළ ක උස සෙන්ටි මීටර් විස්සක් පමණ වේ.එවිට මහා වඩදිය වඩදිය උදමක උස විය යුත්තේ සෙන්ටිමීටර් 60 එකකි.එහෙත්  මහා වඩදිය  උදමක උස මීට වඩා වැඩි බව පෙනේ.බ්‍රිතාන්‍ය අවට මුහුදේ උදමක උස මීටර හයකි. බෙංගාල  බොක්කේ  උදමක උස මීටර  නමයකි. මීට හේතුව කුමක්ද ? උස වන්නේත් මිටි වන්නේත් මුහුදු තීර වල හැඩය අනුව වේ. 


Writen by - W. Binuka Nimnad


 




from Science Lab https://ift.tt/35kBNUf
via IFTTT
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!