zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අපේ අසල්වැසි ඇන්ඩ්‍රොමීඩා මණ්දාකිනිය

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

පෘථිවියේ සිට පියවි ඇසින් දැක ගත හැකි එකම චක්‍රාවාටයයි.මෙය සැප්තැම්බර් මාසයේ රාත්‍රී 8.00ට පමණ උතුරු දිග අහසේ කැසෝපියා පෙගසැස් හා අජානේය අශ්වයාගේ හතරැස් කොටුව යන රාශිවලට මැදිව දුම්වලාවක් ලෙස පෙනේ.

පුරාණ ග්‍රීක කතන්දර වල සඳහන් වන ඇන්ඩ්‍රොමීඩා කුමරිය නමින් හඳුන්වා අති මෙම චක්‍රාවාටය නම් කර අත්තේ අහසේ අපහට පෙනීයන පෙදෙස එනම් ඇන්ඩ්‍රොමීඩා තාරකා රාශියට අනුවයි. ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය, ක්ෂීරපථය හා Triangulum අතුළු තවත් කුඩා මන්දාකිණි 30කින් පමන සමන්විත ස්තානීය කන්ඩායමට (Local group) හි විශාලතම මන්දාකිණියද වේ. මෙය විශාල වුවත් මෑතකාලීන සොයාගෑනීම් වලට අනුව අඳුරු පදාර්ථ (Dark Matter) ප්‍රමාණය ක්ෂීරපථයට සාපේක්ෂව අඩු ප්‍රතිශතයක් ගන්නා බැවින් ක්ෂීරපථයස්කන්ධයෙන් වැඩි බව ප්‍රකාශ වේ.

මෙහි තාරකා කෝටි 20000 ක් වත් ඇතැයි විශ්වාස කෙරේ. M31 යනුවෙන් හදුන්වන මෙය නාමකරණයට අනුව N.G.C. 224 ලෙස නම් කර ඇත.

දෘශ්‍ය විශාලත්වය (apparent magnitude) 3.4 ක් වන M31 දීප්තිමත්ම Messier ආකාශ වස්තු වලින් එකක් වන බවින්, සඳ නැති රාත්‍රියකදී වූවත් අලෝකය දූෂණයට ලක්වූ ප්‍රදේශයන්හී දී පවා පියවි ඇසට දක්නට හැක. සඳ මෙන් හය ගුණයක් පමන විශාලත්වයකින් යුතුව දුරේක්ශ ගත කල හකි මෙහි පියවි අසට හා දෙනෙතියට හසුවන්නේ දීප්ති තීව්‍රතාවයෙන් වැඩි මධ්‍ය ප්‍රදේශය පමණි.


ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය, තත්පරයට කිලෝ මීටර 100ත් 140ත් අතර (තත්පරයට සෑතපුම් 62-87) එනම් අවුරුදු මිලියනයකට ආලෝක වර්ශ 400ක වේගයෙන් ක්ෂීරපථ මන්දාකිණිය වෙත ලඟා වෙමින් පවතී. මේ නිසා "Blueshift" ආචරණයට ලක්වන මන්දාකිණි කීපයට ඇන්ඩ්‍රොමීඩාවද අයත් වේ.එබවින් තවත් අවුරුදු බිලියන 4.5කින් ක්ෂීරපථ මන්දාකිණියත් ඇන්ඩ්‍රොමීඩා මන්දකිනියත් එකට ගැටීමකට ලක්විය හැකි බවට සැක පහල කරයි. නමුත් ක්ෂීරපථයේ අභිලම්බ ප්‍රවේගයට සාපෙක්ශව ඇන්ඩ්‍රොමීඩාවේ අභිලම්බ ප්‍රවේගය ගණනය කොට අත්තේ ආසන්න ලෙස දශම ස්ථාන 2කට පමනි. මෙම ගැටීමෙන් සිදුවිය හැකි ප්‍රතිඵලය නම් මන්දාකිණි දෙකම ඒකාබද්ධ වීමෙන් යෝධ ඉලිප්සීය මන්දාකිණියක් බිහි වීමයි. මන්දාකිණි ගනයන් තුල මෙවැනි සන්සිද්ධීන් නිතර සිදුවන්නකි. මෙම ගැටීම නිසා පෘථිවියේත් සෞරග්‍රහ මන්ඩලයේත් ඉරණම කෙසේ වෙනස් වේවිදැයි තවමත් සැක සහිත වේ. යම් හෙයකින් මන්දාකිණි එකතු වීමක් සිදු නොවුවහොත් සෞරග්‍රහ මණ්ඩලය ක්ෂීරපථයෙන් ඉවතට ප්‍රක්ශේපනය වීමක් හෝ ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියට එක් වීමක් සිදුවීමේ සුළු අවස්ථාවක්ද ඇත.


 The author's YouTube channel : https://www.youtube.lk/@sl_astronaut

 The author's Website : https://findersl.tiiny.site



from Science Lab https://ift.tt/wp0ElhJ
via IFTTT
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!