zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

පාඩම් මතක තියාගන්​න උදවු වෙන ෆ්ලෑෂ් කාර්ඩ් ගැන දන්නවද?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 


ෆ්ලෑශ් කාර්ඩ්ස් ගැන කලින් කරපු Study Tips ගැන දාපු ආර්ටිකල් එකේ අපි සඳහන් කරලා තිබ්බා. ෆ්ලෑශ් කාර්ඩ් ගැන තවත් දැනගන්න ඕන දේවල් ටිකක් ගැන අද අපි කතා කරමු. ළඟදීම සාමාන්‍ය උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න ඉන්න අපේ ලයිෆි රසික රසිකාවියන්ටත් මේ ලිපිය ඉතාම වැදගත් වේවි.

ෆ්ලෑශ් කාර්ඩ් කියන්නේ මොනවටද?

ෆ්ලෑශ් කාර්ඩ් කියන්නේ පාඩම් කරන එක කිසිම කම්මැලිකමක් නැතුව කරන්න පුළුවන් එක්තරා විදියේ සෙල්ලමක්. සරලවම කිව්වොත් මෙහෙමයි… හිතන්නකෝ ඔයා පොතක ප්‍රශ්නෙයි උත්තරෙයි ලියලා ඒක පාඩම් කරනවා කියලා. ඒක මහා කම්මැලි වගේනේ වෙලාවක් යද්දි (හැමෝටම නෙමේ) ඒත් මේ ක්‍රමේ නම් ගොඩාක් වෙලා කරන්න පුළුවන්, කිසි කම්මැලි නැති වැඩක්.

කොහොමද ෆ්ලෑශ් කාර්ඩ් හදන්නේ?

මේක අපිට කැමති විදියකට නිර්මාණශීලී විදියට හදන්නත් පුළුවන්. සරලවම හදන හැටි කිව්වොත් මෙහෙමයි. කොටුවට කපාගත්ත කොළේක හරි කාර්ඩ් බෝර්ඩ් කෑල්ලක හරි එක පැත්තක ඔයාට අමාරු විෂය ප්‍රශ්නයක් ලියන්න. අනික් පැත්තේ උත්තරේ ලියන්න. මේ වගේ දහයක් විතර හදන් ශෆල් කරන්න ඊට පස්සේ කාර්ඩ් එකක් තෝරගෙන ඒකේ ප්‍රශ්නයට අදාළ උත්තරේ කියන්නයි තියන්නේ. ඒ වගේ කාර්ඩ් ඔක්කොම හරියට කියනකම්ම මේක කරන්න.

ප්‍රශ්න සහ උත්තරවලට අමතරව වෙන මොනවාද ලියන්න පුළුවන්?


ප්‍රශ්න වලට උත්තරේම ඇරෙන්න මේකේ පාඩම් කරන්න කෙටි ක්‍රම වගේ දේවලුත් ලියන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් එක පැත්තක දිශා අට නම් කරන්න. අනික් පැත්තේ අපි හැමෝම දන්න “උපුල් ඊළඟ නැවෙන් ගිහින් දම්මි නිදිද බලා වරෙන්” ලියන්න. මේ වගේ වෙනත් පාඩමට ලේසි දේවල් සහ අදාළ දේවල් වුණත් ලියන්න පුළුවන්…

හැම එකටම ගැළපෙනවද ?

මෙහෙමයි, මේක එක් එක්කෙනාට සාපේක්ෂයි. සමහර අයට හැම එකටම ෆ්ලෑශ් කාර්ඩ් හදන්න පුළුවන්. ඒත් සමහර ඒවා වලට බෑ. දැන් ගණිතය වගේ එකක් ගත්තොත් ඉතින් ෆ්ලෑශ් කාර්ඩ් හදන්න ට්කක් අමාරුයි. විද්‍යාව, ඉතිහාසය වගේ විෂයයන්ට මේ ක්‍රමය ගොඩාක් ගැළපෙනවා.

ෆෝන් එකෙන් බැරිද?

ෆ්ලෑශ් කාර්ඩ් හදන ඇප්ස් ගොඩාක් තියනවා. ඔයාලට ඒවා ඩවුන්ලෝඩ් කරල වුණත් මේවා හදන්න පුළුවන්. තව Quizlet වගෙ ඇප් වලත් ගොඩාක් තියනවා හදපු ෆ්ලෑෂ් කාර්ඩ්. ඒ වුනාට අපි හිතන්නේ ඇප්ස් වලට වඩා තමන්ම තමන්ගේ ෆ්ලෑශ් කාර්ඩ්ස් හදන එක ගොඩාක් ඵලදායී වෙයි කියලයි…

ෆ්ලෑශ් කාර්ඩ්ස් හදන්න උදවු වෙන ඇප්ස්

අතින් ෆ්ලෑෂ් කාර්ඩ්ස් හදාගන්න කම්මැලි අයට ස්මාට් ෆෝන් එක භාවිතා කරලා ෆ්ලෑෂ් කාර්ඩ්ස් හදාගන්න උදවුවෙන ඇප්ස් කීපයක් පහතින් අපි කියන්නම්.


>>> Next page >>>

Join our Whatsapp Group To get latest updates and superior service ✅
2 comments

2 comments

What is your opinion on this article?
  • Anonymous
    Anonymous
    May 6, 2023 at 9:55 PM
    Ane thanks ban..mekana me dawas wala watinawa..😕 una awith inne 29 neda exam kiyala mathak wela 😥
    • Anonymous
      Shadila
      May 31, 2023 at 7:20 PM
      Hari hari ban exam hodata liyapan me dawas tike.. liyala iwara wela comment ekak ewapanko apita
    Reply
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!