zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ස්වාමියා ඇසිපිය හෙළන විට සුනඛයන් ද වැඩි වශයෙන් ඇසිපිය හෙළන බව නවතම අධ්‍යයනයකින් හෙළි වෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

මිනිසුන් සහ සුනඛයන් අතර ඇති බැඳීම පිළිබඳව සිදු කළ නවතම විද්‍යාත්මක පර්යේෂණයකින් අපූරු කරුණක් අනාවරණය වී තිබෙනවා. ඉතාලියේ පර්මා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද මෙම අධ්‍යයනයට අනුව, තම ස්වාමියා ඇසිපිය හෙළන දෙස බලා සිටින විට සුනඛයන් ද සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වාර ගණනක් ඇසිපිය හෙළීමට පෙලඹෙන බව සොයාගෙන තිබෙනවා. මේ පර්යේෂණය පිළිබඳ වාර්තාව ඉකුත් දා Royal Society Open Science ජර්නලයේ ප්‍රකාශයට පත් ව තිබුණා.

මෙම අධ්‍යයනය සඳහා විවිධ වර්ගවලට අයත් සුනඛයන් තිස් පස් දෙනෙකු යොදාගෙන තිබෙනවා. එහි දී පර්යේෂකයන් විසින් සුනඛයන්ට තත්පර හතළිහක වීඩියෝ දර්ශන වර්ග දෙකක් පෙන්වා තිබෙන අතර, ඉන් එක් වීඩියෝවක ඔවුන්ගේ ස්වාමියා සහ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වරින් වර තත්පර තුනකට වරක් ඇසිපිය හෙළන ආකාරයත්, අනෙක් වීඩියෝවේ ඔවුන් කිසිසේත් ඇසිපිය නො හෙළා එක එල්ලේ බලා සිටින ආකාරයත් ප්‍රදර්ශනය කෙරුණා.

පර්යේෂණයේ ප්‍රතිඵල මඟින් පෙන්වා දී ඇත්තේ, තිරයේ සිටින පුද්ගලයන් ඇසිපිය නො හෙළා සිටිනවාට වඩා ඇසිපිය හෙළන විට සුනඛයන් ද වැඩි වශයෙන් ඇසිපිය හෙළන බවයි. මෙහි දී අනාවරණය වූ වඩාත් වැදගත් කරුණ වන්නේ, සුනඛයන් මෙලෙස වැඩිපුර ඇසිපිය හෙළා ඇත්තේ තමන්ගේ ස්වාමියා ඇසිපිය හෙළන වීඩියෝව නරඹන විට පමණක් වීමයි. නාඳුනන පුද්ගලයන් ඇසිපිය හෙළන විට සුනඛයන්ගෙන් එවැනි සුවිශේෂී ප්‍රතිචාරයක් දක්නට ලැබී නැහැ.

මෙම පර්යේෂණයට මූලිකත්වය දුන් ආචාර්ය කියාරා කැනෝරි සඳහන් කරන්නේ, ඇසිපිය හෙළීම යනු ඇස ආරක්ෂා කර ගැනීමේ සහ තෙත් කර ගැනීමේ ස්වභාවික ක්‍රියාවලියක් වුව ද, සුනඛයන් සහ මිනිසුන් අතර සබඳතාවයේ දී එයට කිසියම් සමාජීය අන්තර්ක්‍රියාකාරී වැදගත්කමක් ද එක් වී ඇති බවයි. කෙසේ වෙතත්, සුනඛයන් මෙලෙස ඇසිපිය හෙළන්නේ කිසියම් නිශ්චිත පණිවිඩයක් ලබා දීමේ අරමුණින්ම යැයි මේ මොහොතේ නිශ්චිත ව ම පැවසිය නොහැකි බව ඇය අවධාරණය කරනවා. එය බොහෝ විට සිය ස්වාමියා කෙරෙහි දක්වන අවධානය හෝ බැඳීම පිළිබඳ සියුම් ප්‍රතිචාරයක් විය හැකි බව පර්යේෂකයන්ගේ මතයයි.

මෙම පර්යේෂණයට සම්බන්ධ නොවූ වියානා විශ්වවිද්‍යාලයේ ආචාර්ය ලෝරා කුවායා ද මෙම සොයාගැනීම අගය කරමින් සිය අදහස් දක්වා තිබුණා. ඇය ප්‍රකාශ කර ඇත්තේ, මිනිසුන්ගේ මුහුණේ ඇතිවන ඇසිපිය හෙළීම වැනි ඉතා සියුම් ඉරියව් කෙරෙහි පවා සුනඛයන් කෙතරම් සංවේදී දැයි මෙම පර්යේෂණය මඟින් මනාව පැහැදිලි වන බවයි. අනාගත පර්යේෂණ මඟින්, සුනඛයන් සමඟ අන්තර්ක්‍රියා කිරීමේ දී මිනිසුන්ගේ ඇසිපිය හෙළීමේ රටාවන් වෙනස් වන්නේ ද යන්න සෙවීම වඩාත් වැදගත් වනු ඇති බව ද ඇය වැඩිදුරටත් සඳහන් කරනවා.



from Vidusara Science Magazine https://ift.tt/q3CS57v
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!