zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

පෝලන්තයෙන් හමුවූ වසර 400ක් පැරණි ‘වැම්පයර් කත’ ගේ භූමදානය ගැන වැඩිදුර පර්යේෂණ ක්‍රියාත්මකයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

2022 වසරේ දී පෝලන්තයේ පියෙන් ගම්මානය අසලින් සොයාගත් අසාමාන්‍ය භූමදානයක් පිළිබඳව විද්‍යාඥයින් මේ දිනවල නව පර්යේෂණ ආරම්භ කර තිබෙනවා. ‘සොසියා’ (Zosia) ලෙස නම් කර ඇති තරුණියකට ඇයත් මේ දේහය මීට වසර 400කට පමණ පෙර භූමදානය කර ඇත්තේ ඇය ‘නැවත නැගිට ඒම’ වැළැක්වීමේ අරමුණින් බවට විශ්වාස කෙරෙන උපක්‍රම ද සහිතවයි.

ඇයගේ ගෙල හරහා මළකඩ කෑ දෑකැත්තක් තබා තිබූ අතර, පාදයකට ඉබ්බෙකු සහිත අගුලක් සවිකර තිබුණා. පර්යේෂකයින් පවසන පරිදි, දෑකැත්ත ස්ථානගත කර තිබුණේ දේහය නැගිටීමට උත්සාහ කළහොත් ගෙල කැපී යන ආකාරයෙන්. මීට අමතර ව ඇයගේ මුඛය හෝ නාසය ආසන්නයේ තඹ සහ රත්‍රන්වලින් නිමවන ලද වස්තුවක් ද තබා තිබුණා. මෙම සියලු ම පියවරයන් ඇය යක්ෂයෙකු හෝ “වැම්පයර්” කෙනෙකු ලෙස නැවත පැමිණේවි යැ යි එකල සමාජය තුළ පැවති දැඩි බිය පිළිඹිබු කරනවා.

නවතම පර්යේෂණ ඔස්සේ මෙම තරුණිය පිළිබඳ තවත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය කරගැනීමට සමත් ව තිබෙනවා. මිය යන විට ඇයගේ වයස අවුරුදු 17 ත් 19 ත් අතර වන්නට ඇතැ යි සැලකෙන අතර, හිස් කබල අසලින් හමු වූ රන් සහ රිදී නූල් සහිත සේද රෙදි කැබලි මඟින් ඇය ධනවත් පවුලකට අයත් තැනැත්තියක් බවට ඉඟි සැපයෙනවා. ඇයගේ රසායනික විශ්ලේෂණයන් පෙන්වා දෙන්නේ ඇය එම කලාපයේ ම හැදී වැඩුණු තරුණියක් බවයි. එහෙත්, ඇයගේ DNA අනුව ස්කැන්ඩිනේවියානු ජනගහනය සමඟ සම්බන්ධයක් තිබිය හැකි බවට ද යම් යම් සාක්ෂි මතු වී තිබෙනවා. ඇයගේ මරණයට හේතුවිය හැකි රෝගයක් පිළිබඳ පැහැදිලි සාක්ෂි මෙතෙක් සොයාගෙන නැහැ. කලින් සිදුකළ පරීක්ෂණවලින් ඇයට පපුවේ වේදනාව හෝ ඉදිමීම ඇති කළ හැකි රුධිර නාලිකා අර්බුදයක් තිබෙන්නට ඇතැ යි අනුමාන කළ ද, එය මරණයට හේතු වූ බවට පර්යේෂණ මඟින් තහවුරු වී නැහැ.

පුරාවිද්‍යාඥයින් විසින් මෙම ස්ථානයෙන් 17 වන සියවසට අයත් තවත් සොහොන් 101ක් පමණ සොයාගනු ලැබ ඇති අතර, ඉන් බොහොමයක මුහුණ පහතට සිටින සේ වළදැමූ සිරුරු, හිස් කබල් වටා ගල් තැබීම සහ දෑකැති හෝ ඉබි යතුරු සහිතව භූමදානය කිරීම වැනි අසාමාන්‍ය ලක්ෂණ දක්නට ලැබෙනවා. ගම්මානයෙන් සහ පල්ලියෙන් බැහැර ව මෙම සුසාන භූමිය පිහිටා තිබීමෙන් හැඟවෙන්නේ, සමාජයෙන් කොන් කරන ලද හෝ මරණින් මතු පවා බියක් ඇති කළ පුද්ගලයින් සඳහා මෙය යොදාගෙන ඇති බවයි.

Journal of Archaeological Science: Reports හි ප්‍රකාශයට පත් කර ඇති මෙම නවතම පර්යේෂණය මඟින් පෙන්වා දෙන්නේ ‘සොසියා’ කවුරුන් ද, ඇය මිය ගියේ කෙසේ ද සහ ඇයට මෙවැනි අසාමාන්‍ය භූමදානයක් ලැබුණේ ඇයි ද යන්න තවදුරටත් අධ්‍යයනය කරමින් පවතින බවයි. එකල සමාජය මළවුන් සොහොන් තුළ ම රඳවා තබා ගැනීමට මෙතරම් අසාමාන්‍ය පියවර ගත්තේ ඇයි ද යන්න වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා මෙම ස්ථානයේ ඇති තවත් සොහොන් පරීක්ෂා කිරීමට පර්යේෂකයන් මේ වන විට සැලසුම් කර තිබෙනවා.



from Vidusara Science Magazine https://ift.tt/etfSNFU
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!