zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

චීනය ප්‍රථම වරට කක්ෂීය මෙහෙයුමකින් පසු රොකට්ටුවක් සාර්ථකව ගොඩබස්වයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

චීනය සිය අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කරමින්, කක්ෂීය මෙහෙයුමක් අතරතුර ප්‍රථම වතාවට රොකට්ටුවක් සාර්ථක ව නැවත ගොඩබෑමට සමත් වුණා. 2026 ජූලි 10 වන සිකුරාදා සිදු කරන ලද මෙම ඓතිහාසික ජයග්‍රහණය අත්පත් කරගනු ලැබුවේ චීනයේ නවතම Long March 10B රොකට්ටුවේ මංගල ගුවන් ගමනේ දීයි. මෙම මෙහෙයුම මඟින් රොකට්ටුව සාර්ථක ව නැවත ගොඩබෑම පමණක් නොව, සැලසුම් කළ පරිදි අදාළ චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයට මුදා හැරීම ද සාර්ථකව සිදු කරීමට සමත් වුණා.

චීන අභ්‍යවකාශ විද්‍යා හා තාක්ෂණ සංස්ථාව (CASC) විසින් නිර්මාණය කරන ලද මෙම රොකට්ටුව අදියර දෙකකින් සමන්විත වන අතර, එය මීටර් 63ක පමණ උසකින් යුක්ත වනවා. මෙම මෙහෙයුමේ වඩාත් ම සුවිශේෂී කරුණ වන්නේ ඔවුන් යොදාගත් ගොඩබෑමේ ක්‍රමවේදයයි. ඇමරිකානු සමාගම් වන SpaceX සහ Blue Origin වැනි ආයතන සිය රොකට් ගොඩබෑම සඳහා හයිඩ්‍රොලික් පාද භාවිත කරන නමුත්, චීනය ඒ සඳහා ලොව ප්‍රථම වරට දැලක් මත පදනම් වූ නවමු තාක්ෂණයක් යොදාගෙන තිබුණා.

ගුවන්ගත වීමෙන් මිනිත්තු හයකට පමණ පසු, රොකට්ටුවේ පළමු අදියර සෙසු කොටසෙන් වෙන් වී සිරස් අතට නැවත පෘථිවිය වෙත පැමිණි අතර, එය මුහුදේ ස්ථාපිත කර තිබූ විශේෂිත පාවෙන වේදිකාවක සවි කර තිබූ දැලකට රොකට්ටුවේ වූ විශේෂ කොකු හතරක් (Landing hooks) ආධාරයෙන් ඉතා සුරක්ෂිත ව ග්‍රහණය කරගන්නු ලැබුණා. CASC ආයතනය පෙන්වා දෙන පරිදි, මෙම දැල් ක්‍රමවේදය භාවිතා කිරීම හරහා රොකට්ටුවේ අමතර බර සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකි වන අතර, ඒ හේතුවෙන් අඩු පිරිවැයකින් ටොන් 16ක් දක්වා වැඩි බරක් අභ්‍යවකාශයට ගෙන යාමේ හැකියාව උදා වනවා.

අභ්‍යවකාශ ගවේෂණයේ දී විශාලතම ගැටලුව වන අධික පිරිවැය අවම කර ගැනීම සඳහා නැවත භාවිත කළ හැකි රොකට් අත්‍යවශ්‍ය වනවා. මෙම සාර්ථක අත්හදා බැලීමත් සමඟ, ලෝක වාණිජ අභ්‍යවකාශ වෙළඳපොළ තුළ ඇමරිකාවේ ඒකාධිකාරයට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට චීනයට හැකි වනවා. විශේෂයෙන් ම, 2030 වසර වන විට මිනිසුන් සහිත ව සඳ මතට ගමන් කිරීමේ චීන මහා සැලසුම යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා මෙම තාක්ෂණික ඉදිරි පිම්ම ඉතා වැදගත් පදනමක් සපයනු ඇති බවට අපේක්ෂිතයි.



from Vidusara Science Magazine https://ift.tt/rSKWyNJ
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!