zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR

Most Read

Most Read

Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ක්ෂීරපථයේ මධ්‍යයට ආසන්නව නව සුපර්නෝවා ශේෂයක් සොයාගැනේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

අප ජීවත් වන ක්ෂීරපථ මන්දාකිනියේ මධ්‍යයට ආසන්නයේ පිහිටි සුපිරි දැවැන්ත කළු කුහරය අසල තිබිය හැකි නව සුපර්නෝවා ශේෂයක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයින් පිරිසක් සමත් ව තිබෙනවා. NASA ආයතනයට අයත් චන්ද්‍රා එක්ස්-කිරණ දුරේක්ෂය (Chandra X-ray Observatory) සහ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියට අයත් XMM-Newton දුරේක්ෂය මගින් ලබා ගත් දත්ත මෙම සුවිශේෂී සොයාගැනීම සඳහා පාදක වී තිබෙනවා.

මෙය පිහිටා තිබෙන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 26,000ක් පමණ දුරින්, මන්දාකිනි මධ්‍යයේ පිහිටි තරු බිහිවන “Sgr C” නමැති කලාපයේයි. මෙම සොයාගැනීම තවදුරටත් තහවුරු වුවහොත්, මෙය ක්ෂීරපථයේ මධ්‍යයේ ඇති දැවැන්ත කළු කුහරය වන Sagittarius A* හා ආසන්නයෙන්ම සොයාගත් සුපර්නෝවා ශේෂයන්ගෙන් එකක් වනු ඇති.

ප්‍රසාරණය වන විශාල වායු වළාවක් තුළ සිර වී ඇති එක්ස්-කිරණ ගොනුවක් (X-ray blob) ලෙස මෙය නිරීක්ෂණය වී තිබෙනවා. විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මෙය තම ජීවන චක්‍රය අවසානයේ දී දැවැන්ත තරුවක් පුපුරා යාමෙන් ඉතිරි වූ කොටස් විය හැකි බවයි.

මෙම සුපර්නෝවා ශේෂය පැයට පැයට කිලෝමීටර මිලියන 3.2ක වේගයෙන් ප්‍රසාරණය වෙමින් පවතින අතර, එයට වසර 1,700ක පමණ වයසකින් යුතු බවට ගණනය කර තිබෙනවා.

පුපුරා ගිය තරුවල ඉතිරි වූ කොටස් සුපර්නෝවා ශේෂ යනුවෙන් සරල ව හඳුන්වා දිය හැකියි. ග්‍රහලෝක නිර්මාණය වීමට සහ අප දන්නා පරිදි ජීවය හටගැනීමට අත්‍යවශ්‍ය වන යකඩ, ඔක්සිජන් සහ සිලිකන් වැනි මූලද්‍රව්‍ය විශ්වය පුරා බෙදා හරින්නේ මෙවැනි දැවැන්ත සුපර්නෝවා පිපිරීම් මගින්.

මෙම පර්යේෂණය සඳහා චන්ද්‍රා සහ XMM-Newton දුරේක්ෂවල එක්ස්-කිරණ දත්තවලට අමතරව දකුණු අප්‍රිකාවේ පිහිටි MeerKAT දුරේක්ෂයේ රේඩියෝ දත්ත සහ හවායි හි Pan-STARRS දුරේක්ෂයේ දෘශ්‍ය දත්ත ද උපයෝගී කරගෙන තිබෙනවා.

මෙම නවතම සොයාගැනීම් සහ ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ඇතුළත් පර්යේෂණ පත්‍රිකාව ‘The Astrophysical Journal’ හි ප්‍රකාශයට පත් කර තිබෙනවා. මන්දාකිනි මධ්‍යයේ ඇති චුම්බක ක්ෂේත්‍ර, ඝන වායු වළාකුළු සහ දැවැන්ත තරු පිහිටා ඇති මෙම අද්භූත කලාපය පිළිබඳව තවදුරටත් අවබෝධ කර ගැනීමට මෙම සොයාගැනීම විද්‍යාඥයින්ට මහත් රුකුලක් වනු ඇති බවයි පර්යේෂකයන්ගේ මතය.



from Vidusara Science Magazine https://ift.tt/i0AyEcf
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!