zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Vanguard 1 යළි පොළොවට රැගෙන ඒමේ යෝජනාවක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

අදින් දශක ගණනකට පෙර ඇමරිකාව සහ සෝවියට් දේශය අතර පැවති සීතල යුද කාලය අතර අභ්‍යවකාශය ජය ගැනීම සඳහා දෙපාර්ශ්වයෙන් ම දරන ලද උත්සාහයන් අතර මුලින් ම දිනුම්කණුවට ළඟා වන්නට සමත් වුණේ සෝවියට් දේශය විසින් යවන ලද Sputnik 1 චන්ද්‍රිකාවයි. මිනිසා විසින් අභ්‍යවකාශගත කරන ලද පළමු චන්ද්‍රිකාව වූ Sputnik 1, 1957 ඔක්තෝබර් 04 වැනි දා උඩුගුවන්ගගත වීමත් සමඟ ඇමරිකාව කැළඹී ගියා.

⁣කසේ නමුත් 1958 ජනවාරි 31 දා Explorer 1 චන්ද්‍රිකාව සාර්ථක ලෙස උඩුගුවන්ගත කරමින් ඇමරිකාව ද අභ්‍යවකාශ තරගයට පිවිසීමට සමත් වුණා. Vanguard 1 චන්ද්‍රිකාව 1958 මාර්තු 17 වැනි දා උඩුගුවන් ගත වූයේ කක්ෂයකට පිවිසි දෙවැනි ඇමරිකානු චන්ද්‍රිකාව බවට පත්වෙමින්.

Explorer 1 චන්ද්‍රිකාව 1970 දී පෘථිවි වායුගෝලයට ඇතුළු වී විනාශයට පත් වුවත්, ඇමරිකාවේ නාවික පර්යේෂණ විද්‍යාගාරයේ (Naval Research Laboratory – NRL) නිපැයුණු Vanguard 1 තවමත් කක්ෂයේ පවතිනවා. එය කක්ෂගත ව ගත වී 67 වසරක් සපිරුණේ පසුගිය මාසයේයි.

මෙකී චන්ද්‍රිකාවේ හිමිකරුවා සහ සංවර්ධකයා ලෙස තවමත් සිටින්නේ NRL විද්‍යාගාරයයි. එසේ ම සූර්ය ශක්තිය උපයෝගී කරගනිමින් බලය ලබාගත හැකි ලෙස සූර්ය පැනල සහිත ව යවන ලද පළමු චන්ද්‍රිකාව ද වනවා.
අද වනවිට Vanguard 1 තිබෙන්නේ පෘථිවියට ආසන්නත ම ලක්ෂ්‍යය කිලෝමීටර 660ක් වූත්, දුර්ස්ථ ම ලක්ෂ්‍යය කිලෝමීටර 3,822ක් වූත් ඉලිප්සීය කක්ෂයකයි.

⁣මෙහි ඇති ඓතිහාසික වටිනාකම සලකා නැවතත් පොළොවට ගෙන ඒම ගැන උනන්දුවක් ඇති වී තිබෙනවා. අභ්‍යවකාශ ඉංජිනේරුවන්ගෙන්, ඉතිහාසඥයන්ගෙන් සහ ලේඛකයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් මේ කර්තව්‍යය වටා එක් ව සිටිනවා.

යම් රටක් විසින් යවන ලද පැරැණිතම චන්ද්‍රිකාව ය⁣ළි පොළොවට රැගෙන ඒම පහසුවෙන් කළ හැක්කක් නොවෙයි. නමුත් පසුගිය වසරේ American Institute of Aeronautics and Astronautics හි අනුග්‍රහයෙන් පවත්වන ලද විද්‍යාතාක්ෂණ සමුළුවක දී ඔවුන් විසින් පෙන්වාදෙනු ලැබුණේ, එය අධ්‍යයනය කිරීමට තරම් අගනා කටයුත්තක් බවයි.

කක්ෂය පහත් කරමින් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ මාර්ගයෙන් ග්‍රහණය කරගෙන පසු ව පොළොවට ගෙන ඒම හෝ ඒ වෙනුවෙන් ම යවනු ලබන යානයක ග්‍රහණයට ගැනීම දැනට මේ සම්බන්ධ ව පවතින යෝජනා අතර වනවා. පොළොවට රැගෙන ඒමෙන් පසු, එය ජාතික ගුවන් සහ අභ්‍යවකාශ ස්මිත්සෝනියන් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තැබෙනු ඇති බවට ද යෝජනා වී තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ Vanguard 1 නැවතත් 50 දශකයේ පැවැති ‘අභ්‍යවකාශ යුගය’ වෙත යා හැකි ‘කාල කැප්සියුලයක්’ බවයි.
එසේ ම මෙය පොළොවට රැගෙන එන්නේ නම්, දිගු කාලයක් අභ්‍යවකාශයේ කටුක පරිසරයට නිරාවරණය වූ වස්තුවක් විද්‍යාත්මක ව විශ්ලේෂණයකට ලක් කිරීමේ හැකියාව ද පර්යේෂකයන් හට ලැබෙනු ඇති බව කණ්ඩායමේ අදහසයි.

Space.com ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි



from Vidusara Science Magazine https://ift.tt/KSANQh4
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?

Ad Blocker Detected :(

Please consider supporting us by disabling your ad blocker.

Please Disable your adblocker and Refresh the page to view the site content.


Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!
Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign