ලොව පුරා දැඩි අවධානයට ලක් ව ඇති මගීන් සහ විද්‍යාඥයන් රැසක් රැගත් ඕලන්දයට අයත් MV Hondius නෞකාවේ පැතිර ගිය මාරාන්තික හැන්ටා වයිරසයේ (Hantavirus) ශුන්‍ය රෝගියා හෙවත් ‘Patient Zero’ පිළිබඳ තොරතුරු මේ වන විට අනාවරණය වී තිබෙනවා.
සාමාන්‍යෙයන් හැන්ටා වයිරසය මිනිසුන්ට ආසාදනය වන්නේ ආසාදිත මීයන්ගේ මළ, මූත්‍ර හෝ ඛේටය වැනි ස්‍රාවයන් වියළී වාතයට මුසුවීමෙන් පසු ඒවා ආඝ්‍රාණය වීම හරහායි. මෙමඟින් දැඩි ශ්වසන අපහසුතා සහ ආමාශගත රෝග ලක්ෂණ පැන නඟින අතර, නිසි ප්‍රතිකාර නො ලැබුණහොත් එය මාරාන්තික විය හැකියි.
කෙසේ නමුත් MV Hondius නෞකාව තුළ පැතිර ගොස් ඇත්තේ හැන්ටා වයිරස කාණ්ඩයේ අතිශය දුර්ලභ ප්‍රභේදයක් වන ‘අන්දීස්’ (Andes) ප්‍රභේදයයි. වෛද්‍ය වාර්තා පෙන්වා දෙන පරිදි මෙයට සෙසු හැන්ටා වයිරස මෙන් නොව, මිනිසාගෙන් මිනිසාට සමීප ස්පර්ශය හරහා බෝවීමේ හැකියාව තිබෙනවා. එනිසා මෙය නෞකාවක් වැනි සංවෘත පරිසරයක කෙටි කාලයක් තුළ වේගයෙන් පැතිරීමේ අවදානම පැන නඟිනවා.
සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන පරිදි, මෙම වයිරසය නෞකාවට පැමිණ ඇත්තේ ලියෝ ශිල්පෙරෝඩ් නමැති 70 හැවිරිදි ඕලන්ද ජාතික පක්ෂි විද්‍යාඥයාගෙන්. ඔහුත් ඔහුගේ 69 හැවිරිදි බිරිය වූ මීරියමුත් ඉකුත් මාර්තු 27 දා ආජන්ටිනාවේ උෂුවායා නගරයෙන් පිටත පිහිටි කසළ රඳවන භූමියකට ගොස් තිබෙන්නේ එය පක්ෂීන් නිරීක්ෂකයන්ගේ ජනප්‍රිය නිරීක්ෂණ ස්ථානයක් ව පැවති බැවින්. බලධාරීන් සැක කරන්නේ එම භූමියේ ගැවසෙන මීයන්ගේ මළ මූත්‍රා හරහා වාතයට මුසු වූ වයිරස් අංශු ආඝ්‍රාණය වීමෙන් මොවුන්ට රෝගය ආසාදනය වන්නට ඇති බවයි.
2026 අප්‍රේල් 1 වන දින උෂුවායා වරායෙන් ලියෝ සහ මිරියම් MV Hondius නෞකාවට ගොඩ වී ඇති අතර, ඒ වන විටත් එහි තවත් පක්ෂි නිරීක්ෂකයන් සහ විද්‍යාඥයන් 100කට අධික පිරිසක් දින 33ක මුහුදු ගමනක් සඳහා සූදානමින් සිට තිබෙනවා.
අප්‍රේල් 6 වන දින උණ, හිසරදය, බඩේ කැක්කුම සහ පාචනය වැනි රෝග ලක්ෂණ ලියෝ කෙරෙන් මතු වී තිබෙනවා. දින කිහිපයකට පසු, එනම් අප්‍රේල් 11 වන දින ඔහු නෞකාව තුළ දී ම අවාසනාවන්ත ලෙස මිය යනවා. රෝග ලක්ෂණ සාමාන්‍ය දැඩි ශ්වසන හා ආමාශගත රෝග ලක්ෂණවලට සමාන වූ බැවින් ආරම්භයේ දී මෙය හැන්ටා වෛරසය බවට කිසිවෙකුත් සැක කර නැහැ.
සිය සැමියාගේ දේහය ද සමඟ අප්‍රේල් 24 වැනි දා ශාන්ත හෙලේනා දූපතෙන් බැසගිය මීරියම් ද පසු ව දැඩි ලෙස රෝගාතුර වන අතර, යළි නෙදර්ලන්තය බලා යාමට උත්සාහ කරන අතරතුර දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර වෛද්‍ය සායනයක දී මිය යනවා. ඒ අප්‍රේල් 26 වැනි දායි.
මේ වන විට නෞකාව හා සම්බන්ධ හන්ටාවයිරස මරණ 3ක් වාර්තා වී ඇති අතර, තවත් ආසාදිතයන් 7 දෙනෙකු නිල වශයෙන් තහවුරු කරගෙන තිබෙනවා.
මෙම මාරාන්තික වෛරසය නැව තුළ ව්‍යාප්ත වීමත් සමඟ ඇමරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) මෙය 3 වන මට්ටමේ හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය ද මැදිහත් වුණා.
දින ගණනාවක් අප්‍රිකාවේ කේප් වර්ඩ් (Cape Verde) මුහුදු සීමාවේ නැංගුරම් ලා තිබූ නෞකාවට, ස්පාඤ්ඤ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය මත කැනරි දූපත් වෙත යාමට පසුගිය දා අවස්ථාව හිමි වුණා. ඒ අනුව, මැයි 10 වන දින නෞකාව ටෙනරීෆ් වරායට ළඟා වූ අතර, නෞකාවේ සිටි මඟීන් සහ කාර්ය මණ්ඩලය දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඔස්සේ වෛද්‍යමය වශයෙන් ඉවත් කරගැනීමේ (medical evacuation) කටයුතු ආරම්භ කර තිබෙනවා. ඉවත් කරගන්නා මගීන් විශේෂ ගුවන් යානා මගින් කැනඩාව සහ යුරෝපීය රටවල් 6ක් කරා යොමු කෙරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
එහි සිටි ඇමරිකානු ජාතිකයන් 17 දෙනෙකු කැනරි දූපත්වල සිට ගුවනින් සිය රටට ගෙන ඒමට ඇමරිකානු බලධාරීන් කටයුතු කළ අතර, මේ වන විට ඔවුන් නෙබ්‍රස්කා සරසවි වෛද්‍ය මධ්‍යස්ථානයේ නිරීක්ෂණයට ලක්වෙමින් සිටිනවා.
from Vidusara Science Magazine https://ift.tt/cIHvtDh
via Magazine







Post a Comment