zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

සියවස සපුරන ඩේවිඩ් ඇටෙන්බරෝට උපහාර ලෙස බඹරෙකු නම් කෙරේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ලෝක ප්‍රකට පරිසරවේදියෙකු සහ සන්නිවේදකයෙකු වන ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝගේ සියවස් උපන්දිනය නිමිත්තෙන් ඔහුට උපහාරය පිණිස අලුතින් සොයාගත් පරපෝෂිත බඹර ගණයක් (genus) ඔහුගේ නමින් නම් කිරීමට ලන්ඩන් ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ විද්‍යාඥයින් පියවර ගෙන තිබෙනවා. අද දිනට (මැයි 08) යෙදෙන ඔහුගේ ජන්ම දිනය වෙනුවෙන් මෙම විශේෂ ගෞරවය පිරිනමා තිබෙනවා.

Attenboroughnculus tau ලෙස විද්‍යාත්මක ව නම් කර ඇති මෙම නව බඹර විශේෂය ඉතා කුඩා සත්ත්වයෙකු වන අතර, සිරුරේ දිග මිලිමීටර 3.5ක් පමණ වනවා. මෙම බඹරාගේ උදරය මත ඇති ‘T’ අකුරක හැඩයට සමාන සලකුණ නිසා මෙයට ‘tau’ යන විශේෂ නාමය එක් කර තිබෙනවා.

මෙම කෘමියාගේ ඉතිහාසය දෙස බලන විට, ඌ මුලින් ම එකතු කරගෙන ඇත්තේ 1983 වසරේ දී චිලී රාජ්‍යයේ වල්දිවියා පළාතෙන්. එතැන් පටන් දශක හතරකට අධික කාලයක් ලන්ඩන් ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ ලාච්චුවක් තුළ කිසිවෙකුගේ අවධානයට ලක් නොවී තිබුණු මෙම නිදර්ශකය, මෑතක දී අගෝස්ටයින් ඩි කෙටෙලෙයාර් නම් ස්වේච්ඡා සේවකයෙකුගේ නිරීක්ෂණයට බඳුන් ව තිබුණා.

මෙම අධ්‍යයනය මෙහෙයවූ කෞතුකාගාරයේ කෘමි අංශයේ ප්‍රධාන භාරකරු ආචාර්ය ගැවින් බ්‍රෝඩ් පවසන්නේ, තමා කුඩා කාලයේ ඩේවිඩ් ඇටෙන්බරෝගේ ‘Life on Earth’ රූපවාහිනී වැඩසටහන් මාලාව නරඹා වර්ගීකරණ විද්‍යාඥයෙකු වීමට පෙළඹුණු බවයි. මෙම නව සත්ත්වයා එහි සමීපතම ඥාතීන්ට වඩා බෙහෙවින් වෙනස් ලක්ෂණ පෙන්වන බැවින්, එය පවතින කිසිදු ගණයකට ඇතුළත් කළ නො හැකි වූ අතර, ඒ අනුව නව ගණයක් (genus) ලෙස නම් කිරීමට තීරණය කෙරුණා.

මෙම පරපෝෂිත බඹරුන් වෙනත් සතුන්ගේ ශරීර තුළ බිත්තර දමන බව හඳුනාගෙන ඇතත්, ඔවුන්ගේ ජීවන චක්‍රය පිළිබඳව තවමත් වැඩිදුර තොරතුරු අනාවරණය වී නැහැ. මීට පෙර ද වවුලන්, මකුළුවන් සහ කටුස්සන් වැනි සතුන් රැසක් ඇටෙන්බරෝගේ නමින් නම් කර ඇතත්, සම්පූර්ණ සත්ත්ව ගණයක් ඔහු වෙනුවෙන් නම් කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙවැනි සොයාගැනීම් හරහා ඓතිහාසික කෞතුක එකතුන් තුළ සැඟවී ඇති තවත් නො දන්නා සත්ත්ව විශේෂ පිළිබඳව ලොව පුරා විද්‍යාඥයින්ගේ අවධානය යොමු වනු ඇතැ යි විද්‍යාඥයින් බලාපොරොත්තු වනවා.



from Vidusara Science Magazine https://ift.tt/hVJia1s
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!